ප්‍රචණ්ඩකාරී සිරකරුවන් සන්සුන් කිරීමේ අරමුණින් ඔවුන්ගේ සිරකුටි රෝස පැහැයෙන් පින්තාරු කිරීමට ස්විට්සර්ලන්තයේ බන්ධනාගාරය සැරැසෙයි.
ස්විට්සර්ලන්තය පුරා බන්ධනාගාර වල අඩුම තරමින් රෝස පැහැයෙන් පින්තාරු කළ සිරකුටි එකක් හෝ දැන් ඇත.
සිරකුටි රෝස පැහැ ගැන්වීම පසුපස ඇත්තේ මනෝවිද්‍යාත්මක පදනමකි.රෝස පැහැය දකින විටදී මනස සන්සුන් වන බව මනෝවිද්‍යාඥයෝ කියයිති.
බලධාරීන් පවසන අන්දමට මෙම ක්‍රමයෙන් හොද ප්‍රතිඵල ලැඛෙමින් පවතී.දැන් ස්විට්සර්ලන්තයේ පොලිසිවලද රෝස පැහැ කුටි ඇති කිරීමට යයි.
රෝස පැහැ සිරකුටියකට දමනා කළහකාරී සිරකරුවන් ඉක්මනින්ම සන්සුන් වන බව බන්ධනාගාර නියාමකයෝ කියති.
සන්සුන් වීම හෝ නොවීම කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිරකරුවන්ට ඇත්තේ වෙනත් අදහසකි.රෝස පැහැ සිරකුටියකට යනවා යනු ගැහැණු ළමයෙකුගේ නිදන කාමරයකට ගියා වැනි යැයි ඔවුන් කියයි.මෙවන් සිරකුටියකට යෑමට සිදුවුවහොත් පසුවට තම සිරගෙදර සගයින්ගේ නින්දා අපහාස වලට ලක්වීමට සිදුවන බව ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම අදහස, අපේ පාර්ලිමේන්තුවේත් රෝස පාට ගාලා මන්ත්රිලට රෝස පාට ඇඳුමකුත් අන්දමුද ???? (ස)
වටිනා අදහසක්, එවැනි රටවල් සිරකරුවන්ගේ කුටිවල වර්ණයත් තීරණය කරන්නේ යම්කිසි පදනමක් ඇතුවයි. මගේ පෞද්ගලික අදහසනම් මනස සන්සුන් කරන්නේ ලා කහ පාට කියාය. (දී)
මම කියන්නේ මනස සන්සුන් කරන්නේ සුදු පාට කියලා. (නි)
මේක අපි ශ්‍රී ලංකාවෙත් කරමුකෝ (නි)
රෝස පාට ගානවා වෙනුවට භාවාත්මක,ශාස්ත්‍රීය සංගීතයන් යොදාගෙන භාවනාව පුහුණු කිරිම,යෝග ව්‍යායාම කිරිම තුලින් මනස සංවර කිරිම හොඳයි. මොකද භාවනාවීදී ඇස් පියාගන්නා නිසා පාට පිලිබඳ ප්‍රස්නයක් නැත. අපේ අයට සුද්දෙක් බලු ජරාවක් ලස්සන වෙනවා කියලා දුන්නොත් නහය වහගෙන හරි ඊකත් කාවි (දී)
කුමාරගේ අදහස් ඉතා වටිනවා,පාලකයින්ට මෙම අදහස යොමුකරන්න පුළුවන් නම් හොදයි. යෝග ව්‍යායාම ඉතා හොඳ බව පුද්ගලිකව දනිමි. පාසල් වලත් මේවා තිබුනොත් සිසුන්ට වගේම ගුරුවරුන්ටත් හොඳයි. (නි)