දුප්පතුන්ගේ වීරයා ලෙස සැළකෙන රොබින් හුඩ් සත්‍ය වශයෙන් ම ජීවත් වූ චරිතයක් වුව ද ඔහු ගැන දන්නා තොරතුරු නිවැරදි නොවේ යැයි බ්‍රිතාන්‍යයේ ඩොන්කැස්ටර් කෞතුකාගාරයේ කැරොලින් ඩෝල්ටන් මහත්මිය කියයි. රොබින් හුඩ් වාසය කළේ නොටිංහැම්ෂයර්හි නොව යෝක්ෂයර්හි බව ඇය තහවුරු කර ඇත.
ඇය පවසන්නේ රොබින් හුඩ් හා සම්බන්ධ සාධක ගණනාවක් යෝක්ෂයර් හා බැඳී පවතින බවයි. රොබින් හුඩ් භූමදාන කර ඇත්තේ බටහිර යෝක්ෂයර්හි කික්ලීස් හි දී බව ද ඩෝල්ටන් කියන්නීය. උතුරු ඩොන්කැස්ටර් හා පොන්ටෙෆ්රැක්ටර් ප්‍රදේශයෙන් රොබින්හුඩ් සම්බන්ධ වැඩිම සාධක හමුවී ඇත.
ඇයගේ ගවේෂණයට අනුව රොබින් හුඩ් හා ඔහුගේ සහචරයන් වාසය කර ඇත්තේ බටහිර යෝක්ෂයර්හි පිහිටි ඩොන්කැස්ටර් වලට උතුරින් ඇති බ්රාන්ස්ඩෙල් වනාන්තරයේය.
පැරණි සංචාරක සටහනක දැක්වෙන්නේ රොබින් හුඩ්ගේ සහ මැරියන්ගේ විවාහය සිදුවූයේ ඩොන්කැස්ටර් කැම්ෂයල් හි දී බවයි.
මේ සම්බන්ධ කරුණු විග්රහ කරන ඩෝල්ටන් මහත්මිය මෙසේ කියා ඇත.
‘‘රොබින් හුඩ් සම්බන්ධ කතාවල තිබෙන ජනප්‍රිය කතාවක් තමයි ඔහු හොරිෆෝඩ් හි බිෂොප්රයා ගසක බැඳ ධනය කොල්ල කෑ බව. ඩොන්කැස්ටර් හි පිහිටා තිබෙන ස්කෙල්බෘක් උද්‍යානයේ බිෂොප්ගේ ගස නමින් හැඳින්වෙන ගසක් තවමත් දක්නට ලැබෙනවා. මෙය බිෂොප්වරයා බැඳ තැබූ ගස වියහැකියි. “
ඇය පවසන කරුණු සනාථ කිරීමට ඉතා වැදගත් තොරතුරක් හමුවී ඇත. ඒ රොබින් හුඩ් මියගිය පසු දේහය මිහිදන් කළ බව සඳහන් ඵලකයකි. මේ ඵලකයේ සඳහන් වන්නේ 1702 දී රොබින් හුඩ් එතැන මිහිදන් කළ බවකි. එසේ වුව ද මෙතෙක් සිතා සිටියේ නොටිංහැම්ෂයර්වල දී ෂෙරීෆ් විසින් 1247 දී රොබින් හුඩ් මරාදමන ලද බවකි. එයින් පෙනී යන්නේ රොබින් හුඩ් ජීවත් වූවා යැයි පවසන ස්ථානයේ හා වර්ෂයේ පරස්පරයක් ඇති බවයි.
ඩොන්කැස්ටර් කෞතුකාගාරයේ රොබින් හුඩ් හා ඔහුගේ සම්බන්ධතා ගැන ගවේෂණාත්මක ප්‍රදර්ශනයක් මේ සතියේ ආරම්භ කැර තිබේ.
මේ ප්‍රදර්ශනයේ එක් පසෙක මධ්‍යකාලීන මෙවලම් ඇත. රොබින් හුඩ් ඩොන්කැස්ටර් හි වාසය කළ පුද්ගලයකුද නැද්ද යන කරුණ ප්‍රදර්ශනය නැරඹීමට එන අයගෙන් විමසීමට ද සංවිධායකයෝ කටයුතු කර සිටිති.
කෙසේ වෙතත් මේ ප්‍රදේශ දෙකේ සිටියේ රොබින්හුඩ්ලා දෙදෙනකු ද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡාවට බඳුන් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොබින්හුඩ් වගේ අපේ සරදියෙල්ලා වැඩකරලා නැහැ. අධිරාජ්‍යවාදීන්ගේ නොපනත්කම් වලටත්, පන්දම්කාරයින්ටත් විරුද්ධව ,දුප්පතා වෙනුවෙන් සටන් කළ වීරයෙක්. මාවනැල්ලේ ඉදිකර ඇති සරදියෙල් ගම්මානය වගේම රොබින්හුඩ්ට එරට කෞතුකාගාරයේ ඉඩක් ලැබෙනවා නම් සරදියෙල්ටද අපේ කෞතුකාගාරයේ ඉඩක් ලැබිය යුතුයි ! (නි)
කොහොමත් ඉතින් ඔක්කොම වුණාට පස්සේ තමයි ඇත්ත තොරතුරු හෙළිවෙන්නේ.. (නි)
එතකොට මේ නෝනා උඩට උස්සගෙන ඉන්නේ ඇල්බියන් අසිපතද ? (ස)
ලිපිය කියවගෙන යද්දී ආයෙත් බලන්න හිතුනා රොබින්හුඩ් කතා මාලාව. අදම පටන් ගන්නවා බලන්න. (නි)
මට නම් ඒක පිළිගන්න බැහැ (නි)
මට දුක අර දිරාපත් වුණ ඇල්බියන් අසිපත දැක්කම තමා. (නි)
සියල්ල අනිත්‍යයයි. (අ)
රෝබින් හූඩ්ට දෙන තැන අපි සරදියෙල්ට තැන දියු යුතුයි (නදී)
ඉතිහාසය ගැන හොඳට දැනගෙන අනාගතයේදී ගැරහුම් නොලැබෙන විදියට වර්තමානයේ ජීවත්වෙන්න කියන එක තමා මේ වගේ කතාවල අර්ථය. (නදී)
ලෝකයේ හැටි රොබින් හුඩ් කතාව වෙනස් කරලා අලුත් පොතක් ලියන්න මේ නෝනට මුද්‍රණ සමාගම් වලින් ලොකු බැකප් එකක් දෙනවා ඇති (නදී)
තව ටික කලකින් සරදියෙල් වාසය කලේ පිදුරුතලාගල කන්දේ කියල අලුතෙන් පොතක් පල වෙන්න පුළුවන් මේවට කියන්නේ බිස්නස් ට්‍රික් කියලා (නදී)
ඇල්බියන් අසිපත මෙතරම් කුඩා වුයේ කෙසේද ?