වැසිකිළි පොච්චියක ඇති ජලය වුවත් පානය කළ හැකි තත්ත්වයට පිරිසිදු කිරීමේ සමත් අපූරු ‘‘බීම බටයක්‘‘ නිපදවීමට ඩෙන්මාර්ක සමාගමක් සමත්ව තිබේ.
බීම බටයක ස්වරූපය ගත්තද මෙය ඇත්තෙන්ම අතේ ගෙනයා හැකි ජල පවිත්රකාරක උපාංගයකි. හැදින්වෙන්නේ ‘‘ලයිෆ් ස්ට්‍රෝ‘‘ ලෙසය.අතේ ගෙනයාහැකි නිසා භාවිතයද පහසුය.
නිර්මාපකයන් සදහන් කරන ආකාරයට ලයිෆ් ස්ට්‍රෝ උපාංගය මළපහ හෝ වෙනයම් අපද්‍රව්‍යයක් එක්වීම නිසා හෝ දුෂණය වී පානයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති ජලයේ ඇති බැක්ටීරියා සියයට 99 ක් ම පාහේ ඉවත් කිරිමට සමත්ය.
බීම බෝතලයකට දමා ඇති බීම බටයකින් බීම උරා බොන්නාක් මෙන් ලයිෆ් ස්ට්‍රෝ උපාංගයෙන්ද කරන්නට ඇත්තේ ජලය උරාබීමයි.
මෙම උපාංගය නිපදවීමට හේතුකාරකය වී ඇත්තේ ලොව ඇතැම් රටවල පවතින ජල අර්බුදයයි.මෙවන් රටවල් අතුරින් බොහෝමයක් අන්ත දිළිඳුය.නිර්මාපකයන්ගේ උත්සාහ කර ඇත්තේ දිය බිදකුත් මහමෙරක් තරම් වටිනා මෙවන් රටවල ජීවත් වන්නන්ට දිය බිදක් හෝ රැකදීමට හැකි උපකරණයක් නිර්මාණය කර දීමටයි.ලයිෆ් ස්ට්‍රෝ එම උත්සාහයේ ප්රතිඵලයයි.
දැනටමත් අපි‍්‍රකාවේ දුෂ්කර ප්‍රදේශයන් වෙත මෙම උපකරණය බෙදා හැරීමේ කටයුතු සිදුවේ.
අවශ්‍ය අයෙකු වේනම් අන්තර්ජාලය ඔස්සේද මිල ගෙවා ලබා ගත හැකි මෙම උපකරණයේ මිල සටහන් වන්නේ ඩොලර් 29.99 (රුපියල් 3988.67) ලෙසය.
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද,හොදයි ලු නෙමෙයි හොදයි. ඔන්න අපේ රටේ මිනිස්සුන්ගේ දැනුම (නි)
ලෝකය විනාශ මුඛයට පැමිනෙන විට මේ වගේ සිද්ධීන් පටන්ගන්නවා. ඒ වගේ සිද්ධීන් වලින් වළකින්න නම් මේ වගේ ලිපි පළකරන්න වෙනවා මෙහි සදහන් විදියට. ප්‍රශ්ණයක් ආවහොත් සම්පුර්ණ වගකීම මම බාර ගන්නවා. (නි)
මේක මනුෂයෙකුට කළ හැකි නිශ්පාදනයක් නොවේ. (නි)
මෙවැනි ක්ෂණික ප්‍රතිචාර ලැබෙන භාණ්ඩ වලින් අද ලොව සෑම තැනම වෙළද පල පිරිලා. භාණ්ඩවලට වගකිව යුත්තෙක් නැහැ.අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගැනීම හරිම පරිස්සමින් කළයුත්තක්.ප්රථිපලකෙසේ වෙතත් මුදල අහිමිවීම නම් අසුරු සැනින් සිදු වෙනවා. (නි)
හොද සොයා ගැනීමක් (නි)
ඕනෑම දෙයක් හොදද නරකද කියලා අනුමත කරන්න ඔය තරම් මහන්සි වෙන්න ඕනෑ නැහැ.කුණු වෙච්ච අල,වතුර කලවම් තෙල්,ලෙඩ්ඩු මැරෙන හොර බෙහෙත්,ඇසිඩ් වතුර,වස විස සහිත කිරිපිටි,ජපානයේ සිට එන විකිරණ සහිත මාළු, ෆෝමලීන් ගහපු කරවල,පලතුරු සියල්ල හොදද නරකද තීරණය කරන්නේ මොකක් අනුවද කියලා අපි දන්නවා. හැබැයි ඔය අපරාද වහන අයගෙත් දරුවෝ,දරුවන්ගේ දරුවෝ,නෑදෑයෝත් මේවා ගිලලා කවදාහරි පිළිකා,වකුගඩු එකී නොකී රෝග හැදිලා වල පල්ලට යන බව නොදැනීම අවාසනාවකි. (නි)
අපිට අපේ මැටි කළයක් හෝ ගුරුලේත්තුවක් හරි තිබුනම හොදටම ඇති.ඔය පිටරටින් එන කිසිම දෙයක් ගන්න එපා. (නි)
රජයෙන් ඔය බේත ගෙන්වා සමුපකාරය හරහා බෙදා හැරියොත් අපිටත් ගත හැකියි (නි)
අනෙ මන්ද (අ)
ඔය බට වලින් නැති ප්‍රශ්න ඇතිවෙනවා.කිරිපිටි වලට වෙච්ච දේ මතකනේ? එනිසා එයාලගේ බටේ එයාලම කටේ ගහගද්දෙන්.අපි අපට ගැලපෙන බටයක් හදමු.මොකද අපටත් ඕනේ තරම් උගතුන් ඉන්නවා.ඔවුන්ට අවශ්‍ය ප්රාග්ධනයි. (අ)
නවසීලන්තයේ කිරිපිටි අපට හඳුන්වා දුන්නෙත් ඔය විදියටම තමයි. ඕකෙන් වතුර බීලා වස විස ශරීර ගත වුණා කියලා අපි කාටද ඊ ළඟට කියන්නේ? (ස)
මේවා අපේ අනුරපුරේ ගම්වලට දෙන්න තියනවා නම් කොතරම් හොඳද (නි)
ජලයේ ආම්ලිකතාවය ඉවත් කිරීමට මෙය සුදුසුද යන්න අදාල වගකිවයුතු ආයතනයක් විසින් පරික්ෂා කළයුතු වේ. (නි)
මෙවැනි නිර්මාණ කලින් කලට එනවා. නමුත් අපට සුදුසුද අපේ ප්‍රශ්නේ විස්දෙනව කියන්න බැහැ. වතුරට එක්වෙන බැක්ටීරියා , බැර ලෝහ, රසායනික ඔක්කොම එකවර ඉවත් කරන එක ලේසි නැහැ. හොදම දේ තමි වතුර ටික ආරක්ෂා කරගෙන බොන එක. යම් පරිසරයෙක් දුෂණය වුනොත් පිරිසුදු කරන එක කල්ගතවේන අමාරු වැඩක්. පිටින් හොද වතුර ගෙනත් දෙන ගමන් පරිසර සන්රක්ෂණය කරන්න වෙනෙවා. එකට පිළිගත් ක්‍රම තියනෙවා. මේ වෙනකොට පසත් ජලයත් දෙකම විනශ වෙලා. සුදුසු දැනුමක් ඇති අය පමණක් මේගැන කටයුතු කිරීඹත් අදහස් ප්‍රකාශ කිරීමත් කිරීඹත් හොදයි.(නදී)
මේ උපකරණයේ දේශීය නියෝජිතයා ජනාධිපති ගේ කව්රු හරිද ?(නදී)
රතුපස්වල ජනතාවට ඉඩම් වලට ඩොලමයිට් ගෙනත් දාලා ඔය ආම්ලික ගතිය ටිකක් අඩු කර ගන්න පුළුවන් වෙයි. බොන්න නුසුදුසු වුනත් නාන්න වතුර ගන්න ලිං වලට දාන්න (නි)
ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි භූගත ජලයේ දියවී ඇති සංඝටක පරීක්ෂාවක් කළ යුතුයැයි සිතමි. ජලය දුෂණය වීමට හේතු කිහිපයක් ඇත. කෘමිනාශක සහ පොහොර අධික ලෙස වගාවන්ට යෙදීම හේතුවෙන් පසට එක්වෙන අම්ල සහ වෙනත් බැර ලෝහ සංඝටක භූගත ජල මුලාශ්‍ර දුෂණය කරන බව තහවුරු වී ඇත. අධික නයිට්රජන් පොහොර (යුරියා) භාවිතා කරන ප්‍රදේශ වලද පසෙහි ආම්ලිකතාවය වැඩිවිය හැක. ආම්ලිකතාවය වැඩි ජලය පානය කිරීමෙන් නොයෙක් රෝග වැළඳීමට හේතුවක් ලෙස සොයාගෙන ඇති නිසා තම නිවසේ ළිං ජලය පරීක්ෂා කරවා ගැනීම යහපත්ය. (නි)
කුඹුක්, කොහොඹ ගස් තිබෙන විට ඒවා වතුරට හොඳයිලු. (ස)
මේ නිෂ්පාදන කීපයක් ගෙනවිත් ශ්‍රී ලංකාවේ රසායනාගාර වල පරික්ෂා කර අපගේ පරිබෝජනයට සුදුසුද කියලා බලන්න (නි)
රතුපස්වල ජනතාවට බීමට පිරිසිදු ජලය ලබාදුන්නට භූගත ජලය අපිරිසිදු වීම නිසා ගස්වැල් වලට සහ පරිසර පද්ධතියට වන හානියට මොකද කරන්නේ? හැම ගහකටම මෙවැනි බට සවි කරනවද ? (නි)