අඟහරු ග්‍රහයා මත ගලායන ජලය තිබෙන බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇතැයි නාසා ආයතනය නිවේදනය කරයි. අඟහරු පිරික්සුම් යානය මගින් 2011 වසරේදී එවන ලද ඡායාරූප වල දක්නට ලැබුණු අඳුරු පැහැති ඇඟිලි වැනි සලකුණු දිගින් දිගටම විශ්ලේෂණය කිරීම මගින් ඔවුන් මෙම නිගමනයට එළඹී ඇත.
රතු ග්‍රහයාගේ පෘෂ්ඨයේ විවිධ ස්ථාන වල ශෛලමය බෑවුම් මත දිගින් හා අඳුරු පැහැයෙන් අඩුවැඩි වෙමින් වෙනස් වන රේඛා වරින් වර විද්‍යාඥයින් විසින් නිරීක්ෂණයට ලක්කැර ඇත. සෘතුමය වෙනස්වීම් හෝ උෂ්ණත්ව වෙනස්වීම් මත රේඛාවල දිග අඩුවැඩිවීම හා පැහැය අඩුවැඩිවීම සිදුවන බව ඔවුන්ට පෙනී ගොස් ඇත. රතු ග්‍රහයාගේ පෘෂ්ඨය මත හෝ පෘෂ්ඨයට යටින් ගලායන ද්‍රව මගින් මෙවැනි සලකුණු ඇතිවිය හැකි බවත් ලවණමය ජලය දියවී අගාධ තුළට ගලායාම නිසා රේඛාවල දිග අඩුවැඩි වීම සිදුවියහැකි බවත් ඔවුන්ගේ මතයයි.
අඟහරු මත ධ්‍රැවීය අයිස් පවතින බව මීට දශක කිහිපයකට පෙර සොයාගනු ලැබීය. වෙනත් ග්‍රහලෝකයක ජලය පවතින බවට සාක්ෂි ලැබුණ ප්‍රථම අවස්ථාව මෙය බව නාසා විද්‍යාඥයින් ප්‍රකාශ කරයි.
විශ්ලේෂකයින් පවසන්නේ මෙම දැවැන්ත විද්‍යාත්මක අනාවරණය අඟහරු මත ජීවය සොයා ගැනීම සම්බන්ධව ඉතා වැදගත් ඉදිරි පියවරක් බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජලය නොවේ. ග්‍රහයා මත සුළගට පාවෙන දූවිලි අංශුය. (ර)
අපේම මහගෙදරට අපි අවේ කියල මිනිස්සුන්ට අගහරු වලට ගියාම හොයාගන්න පුළුවන්...පෘථිවියට ජීවය අවේ අගහරුවලින් කියල වැඩි කාලයක් යන්න කලින් සොයා ගනීවි ....(ම)
නියමයි දැන් ඉතින් අපටත් ට්‍රිප් එකක් යන්ඩ පුළුවන් . වියදම කියක් විතර වේවිද ? (ර)
අපේ දේශපාලඥයින්ව මේකට යවන්න බැරිද දන්නේ නැහැ (නි)
සමහර අය තමන් මහා බුද්ධිමත් කියලා කියන්න උත්සාහ කරන එක ක්‍රමයක් තමා දෙවියන්ට බැනීම සහ දෙවිකෙනෙක් නැහැ කියලා ප්‍රකාශ කිරීම. (නි)
වානර කොට්ඨාශයකින් මිනිසා පරිණාමය වනතුරු මේ පොළොව මත රජකළේ ඩයිනසෝරස් වැනි දැවැන්ත උරගයෝ.එවැනි සතුන් මැව්වේත් දෙවිවරුන් නැතිකළෙත් දෙවිවරු නොවන බව මගේ අදහසයි. නමුත් දෙවියන් මැව්වේත් දෙවියන් නැති කරන්නෙත් මිනිසාමයි. (නි)
බිලියන 10,000 ක් මන්දාකිනි මේ විශ්වයේ තිබෙන බවට මතයක් තිබේ. අපේ මන්දාකිනියේ පළල ආලෝක වර්ෂ 100,000 කි. අඟහරු වල සරල ජීවයක් පැවතිය හැක.මින් අපට කියාදෙන්නේ ඉඩකඩම් වලට මිනීමරාගන්න සමාජයට විශ්වය දෙස බලා අනිත්‍ය මෙනෙහි කරන ලෙස නොවේද? (නි)
ගෝලීය උෂ්ණත්වය වැඩිවෙන තරමට වෙන ලෝකයක් දැන්ම හොයාගෙන තියාගන්න එක වටිනවා. ඒත් අපේ අය පදිංචියට ගිහින් අඟහරු ලෝකෙත් විනාශ කරයිද කියලයි මට බය. (නි)
අැමරිකාව අඟහරු වල වතුර හොයාගන්නකොට ලංකාවෙ සමහරු කේන්දරෙන් අඟහරුගෙ අපල ගැන හොයනවා. (නි)
අනේ අපිටත් පාළුවටත් එක්ක කොහෙන් හරි ජීවයක් මතු වුනොත්. අපි කොයි තරම් හුදකලද? (බ)
ලෝකේ බෙලි කපන්නෝ වැඩි වේගෙන එන්නේ දැම්ම අගහරු ලෝකෙටවත් යන්න බලන්න ඕන! (ම)
මිනිසාගේ මනසට ගෝචර වෙන්නේ විශ්වයේ අභිරහස් වලින් කෙතරම් සුළු ප්‍රමාණයක්ද ?දෙවියන් වැනි සංකල්ප තේරුම් ගැනීමට තරම් අප බුද්ධිමත් නැතැයි මට සිතේ .(ම)
යන්න කැමති කට්ටිය ඉන්නවා නම් දැම්මම ටිකට් ගන්න වෙනවා. මම නම් එකක් ගත්තා. තව කාටද ඕනෑ? (නි)
රොෂාන්,බුදුරජාණන් වහන්සේත් දෙවියෝ ගැන කියලා තියෙනවා නේද? (නි)
ඉඩම් ප්‍රශ්නයට හොඳ විසඳමක් (නි)
හොඳ සොයාගැනීමක් (නි)
ගුණතිලකගේ අදහසට එකඟයි (නි)
ඔය දෙවියන් නැහැ කියන අය කොච්චර නම් දෙවියන්ට බාරහාර වෙලා ඇද්ද? (නි)
සියල්ල නිර්මාණය වී ඇත්තේ පරමාණු වලිනි.සියලු විශ්වයම විවිධ රූපකයන්ගෙන් නිර්මිත වුවද මේ සියල්ල ඔබට පරමාණුක රූපයන්ට වෙන්කොට බැලිය හැකිනම්, සත්‍යය නිවැරදිව දැකගත හැකිවනු ඇත (නි)
දෙවියෝ සිටිත්.ලෝකය මැවූ දෙවියෙක් නැත. (බ)
පෙනෙන නොපෙනන සියලු වර්ගයේ සත්තු එක්ක එකට ඉන්න මිනිසුන්ට ඕවා සුළු දේවල් (නි)
අඟහරු වල දැනටමත් ජීවය තිබේ (ම)
හොඳ සොයා ගැනීමක් .සතුටුයි.බලමු ඊළඟ පියවර මොකක්ද කියලා. එය සමහර විට මිනිසාගේ යෝධ ජයග්‍රහණයක් විය හැකිය.(හේ)
දැන්මම ඉඩම් කෑල්ලක් වෙන්කර ගන්න ඕනෑ.(හේ)
අගහරුවල ජීවින් හිටියොත් ඒගොල්ලොත් මැව්වේ දෙවියෝද? (බ)
මුළු විශ්වයම මැව්වේ දෙවියන් විසිනි .එය සදාකල් පවතී .(බ)
එහෙනම් අනාගතය ගැන බයවෙන්න දෙයක් නැහැ (නි)
දැන් අපිට රතු ග්‍රහයාගේ පිහිටයි (නි)
දැන් අපේ අය පොරකයි එමේ බිම්කොටස් වෙන් කරගන්න (නි)
අපිට එහේ පදිංචියට යන්න පුළුවන් වෙයිද? (නි)
එනයින් බලන කල යම්කිසි දිනක අඟහරු ග්‍රහයා තුල ජනාවාස ද ඇතිවෙනු ඇති. (බ)
තව ඉදිරියට තව තව දේවල් සොයාගන්න පුළුවන්වෙයි (නි)
අනාගතයට හොඳ සොයාගැනීමක් (නි)
හොඳ සොයාගැනීමක් (නි)
දැන්ම දාන්න ඕනෑ ඉල්ලුම් පත්‍රයක් (නි)
මේක නම් සුබ ආරංචියක් (නි)
දෙවියන් මවපු කිසිම දෙයක් මේ ලෝකේ නැහැ.දෙවියන් කියල කෙනෙක් ඇත්තෙත් නැහැ.මේ හැම දේකටම විද්‍යාත්මක පදනමක් තියෙනවා.දෙවියන් විශ්වාස කරන්නේ නියම ධර්මය නොදන්නකමට. (බ)
මම මේ බලාගෙන ඉන්නේ මිනිසාගේ ඇතිවීම සිදුවුයේ කෙසේද යන්න හරියටම හෙළි වෙනකන්. මම හිතන්නේ කවදාහරි ඒක එලි වේවි. මැවීම් කතා විශ්වාස කර කර ඉන්න යුගය ඉවර වෙලා අවුරුදු 200ක් විතර ගිහිල්ල, මැවීම් වාදය පසුගාමී අදහසක් බවට ඔප්පු වෙලා ඉවරයි. (බ)
දැන් එතකොට රොෂාන් දන්නවද නියම ධර්මය ? අනේ එහෙනම් මේ දෙවියන් අදහන අයට කියල දෙන්නේකෝ ඔයාගේ නියම ධර්මය ලොකුවට් ලියන්නේ නැතුව.(ම)