පරපුර බෝ කිරීම සඳහා සයුර වෙත යමින් සිටින ලක්ෂ සංඛ්‍යාත රතු කකුළුවන් නිසා මේ දිනවල ඕස්ටේ්රලියාවේ කි‍්‍රස්මස් දූපතේ බොහෝමයක් මාර්ග වසා දමා ඇත.
ප්‍රදේශය වසා රතු පළසක් ඇතිරුවාක් මෙන් දිස්වන අතර වනයෙන් කකුළුවන් පිටතට පැමිණෙමින් සිටින්නේ ගංගාවක් ගලන්නා සේය.
උහු යුහුසුලූව සයුර කරා ගමන් ගනිමින් සිටිති.
කි‍්‍රස්මස් දූපත් වාසීන් පවසන්නේ සෑම වසරකම දෙසැම්බර් මාසය ආසන්න වන විට මෙසේ කකුළුවන් මුහුදට ඇදෙන බවයිගකකුළුවන් සම්පූර්ණයෙන්ම පාහේ දිවයින වසා ගන්නා හෙයින් ඔවුන් සයුරට යන තෙක් දින කිහිපයක්ම නිවෙස් වලට වී ඉවසා සිටීමට තමන්ට සිදුවන බව ඔවුහු කියති.
මේ කාලය අවසානයේ අලුත ඉපිදෙන කුඩා කකුළු පැටවු තම දෙමව්පියන් හැරදා යළි වනය සොයා සයුරේ සිට යති. කි‍්‍රස්මස් දූපතේ අයිතිය හිමිවන්නේ ඔවුන්ටය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට අපේ රටට එන්න කියමු. (නි)
මුන්ව උයලා කන්න බැරිද (නදී)
ජානකීගෙ කතාව හරියටම හරි. ඒත් වැඩේ කියන්නෙ තවමත් මේ අයට ඡන්ද ලැබෙනවා (නි)
සෙනරත්, හැමදේටම බටහිරට බනින්න එපා. මම ඉන්නෙත් බටහිර රටක. මෙහෙ මිනිස්සු පරිසරයට පුදුම සැළකිල්ලක් තියෙන්නේ.හොඳට හිතලා බලන්න අපේ රට කෑවේ කවුද කියලා. මෝඩ දේශපාලකයන් අපේ රට විනාශ කළේ. (නි)
පරිසර සමතුලිතතාවය ජීවීන්ගේ පැවැත්මට ඉතා වැදගත්. මේ අයුරින් හෝ මෙවන් ජෛව ක්‍රියා වලට ඉඩපහසුකම් සළසා දියහැකි නම් එය සියලු ජීවීන්ගේ පැවැත්මට ඉතා වැදගත්. (නි)
අපේ රටේ නම් යටකරගෙන යයි. (ර)
බුද්ධි, මමත් රැකියාව කරන්නේ විදේශයක. ඒ වුණත් අපේ රටට අපි ආදරෙයි. මෙහෙම හිතන අය ඉන්නවා. අපේ මුතුන් මිත්තෝ කොතරම් රටට, පරිසරයට ආදරය කළාද? බටහිරයෝ තමෛ මේ සියල්ල වෙනස්කළේ. දැන් තමයි ඔවුන් ඒවායේ අනිසි ප්‍රතිඵල දකින්නේ. දැන් ලෝකෙට කියනවා පරිසරය රකින්න කියලා. අදටත් පරිසරය වනසන අංක එකේ රට මොකක්ද කියලා අපි දන්නවා. (නි)
අපේ අය හිටියා නම් මේ සතුන්ට මොනවා වෙයිද? (නි)
මෙය කකුළුවන්ගේ ජිවිතයේ එක අංගයක් වෙන්න ඇති. මෙහෙ ඉතින් මුහුදට යන්න කලින් ප්‍රයෝජනයට ගන්නවා ඇති. යුරෝපිය රටවල සතුන්ට දෙන්නේ ප්‍රධාන තැනක් (නදී)
ලංකාවේ වෙසෙන තුන්දෙනාගේ කොමෙන්ටු සහ විදේශික ලාංකිකයාගේ කොමෙන්ටුව අතර වෙනස. (ර)
ලංකාවේ නම් පිටකොටුවේ පේමන්ට් එකේ කකුළුවෝ ටික විකුණයි.(නදී)
බලන්න තමන්ගේ භුමිය ගැන දැනීමක් ඇති මිනිස්සු... කොච්චර වාසනාවන්තද? (නදී)
පරිසරයට සතා සිවුපාවට කොතරම් මිනිසුන් ආදරේද? අපේ පරපුරට මෙතනට එන්න නම් තව සියවස් කාලයක් ගතවේවි (නි)
අසිරිමත් ස්වභාදහම අදහගන්නත් අමාරුයි (බ)
ලංකාවේ සංචාරක හෝටල් කට්ටිය එහෙට යැවුවා නම් ඉක්මනින් විසඳුමක් දෙයි. (නි)
ලංකාවේ නම් මොනවා කරයි ද ?(නදී)
මේ කකුලුවෝ ගොඩ බිමද ඉන්නේ ? (නදී)
මේවාට අදහස් පළකරන සමහර අයගේ මානසිකත්වය මොන මට්ටමක තියනවාද කියල හිතාගන්න බැ. (ම)
ජයන්ත බන්ධුලට වඩාඒ වැඩේ ගැලපෙන්නේ ඔයාට. (ස)
බලන්න ලස්සන දර්ශනයක්. අනික ඒ රටේ මිනිසුන්ගේ ඉවසීම කොච්චර අගේද? අපේ රටේ උනා නම් මිනිස්සු යට කරන් යාවි.(ම)
ඕස්ටේ්රලියාවේ හිටියත් ජම්මෙට වැඩියේ පුරුද්ද ලොකුයි වගේ යන්නේ හරහට මයි. අපේ කකුළුවෝ ජනවාරි 8 වෙනිදායින් පස්සේ යන්නේ කෙලින්.(නදී)
සොබාධර්මයේ ආශ්චර්යයි මේ. (ස)
කන්න බැරි කකුළුවෝ ජාතියක්ද දන්නනේ? (අ)
අපේ රටේ ඔහොම කරයිද ? එහෙනම් කකුළුවන්ට අබ සරණයි. (අ)
මුන්ට මාර්ග නීති කියාදෙන්න ඕන. බන්දුල ගුණවර්ධන ඇරියනම් දුපතට වැඩේ කරාවි. (අ)