අභිනවයෙන් සෞදි අරාබියේ රජ පුටුවට පත්වූ සල්මන් අබ්දුල්ලාසිස් අල් සවුද් රජු එය සමරනු වස් සෞදි අරාබි ජනතාවට පවුම් බිලියන 21 ක පමණ මුදලක් බෙදාදී තිබේ.
වැටුප් වැඩිවීම් හා වෙනත් දීමනා ලෙස මෙම මුදල ජනතාවට ලබාදීම සිදුව තිබෙන අතර සාහිත්‍ය සංගම්,කී‍්‍රඩා සංගම් ආදියටද නොමසුරුව මුදල් ප්රදානය කර ඇත.
‘මාගේ ජනතාවනි,ඔබලාට මීට වඩා දෙයක් ලැබිය යුතුයි. මා කුමක් කළත් මට ඔබලාගේ වටිනාකම හා සමවන දෙයක් කළ නොහැක‘. යැයි සල්මන් රජු ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.
නොසිතූ ලෙස පෑදුණු මෙම වාසනාවෙන් සෞදි ජනතාව කුල්මත්ව සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.ඇතැමෙක් නව ජංගම දුරකථන,ආභරණ ආදියට මුදල් වියදම් කරද්දී තවත් අය තම පළමු බිරිය හෝ දෙවැනි හෝ තෙවන බිරිය කැන්දාගෙන ඒමට මුදල් වෙන්කරගෙන සිටින බව එම වාර්තාවන්ගේ දැක්වේ.
නව රජු සල්මන් බලයට පත්වූයේ තම සොහොයුරා වූ අබ්දුල්ලාහ් නිව්මෝනියාවෙන් දීර්ඝ කාලයක් පීඩාවිදීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාසයේදී මරණයට පත්වීමත් සමගය.ඔහු මියයන විට 90 වැනි වියේ පසුවිය.
අබ්දුල්ලා රජු බලයට පත්වූ 2005 වසරේදීද එය සැමරීමට ඔහුද මෙලෙසම විශාල මුදලක් සෞදි ජනතාව අතර බෙදා හැරීමට කටයුතු කළේය.
කෙසේවුවත් ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ මෙසේ අධික මුදල් ප්‍රමාණයක් එකවර ජනතාව අතර බෙදා දීමේ පිළිවෙත නතර කිරීමට ඉදිරි සෞදි නායකයින් කටයුතු කළ යුතු බවය.ලෝක වෙළදපොලේ තෙල් මිල අස්ථාවර හෙයින් මුදල් උපයා ගැනීම දුෂ්කර වෙමින් පවතින සමයක සෞදි අරාබිය මෙසේ ඔවුන්ගේ මුදල් සංචිත දියකර හැරීම අනාගතයට කිසිසේත්ම යහපත් නොවන බව ඔවුන් පෙන්වා දේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඕනේ මේ වගේ සල්මන්ලා (නදී)
මෙයාව දවසකට හරි මෙහාට ගෙනල්ලා රජ කරවමුද? (නි)
සෞදි රජතුමාට ස්තුතිය අපට මාසයක වැටුපක් ලබාදුන්නා (අ)
ඒකට අනෙක් අය! නැති ඔටුන්නක් පැළඳගෙන රජවෙන්නයි බලන්නේ. අත දිගහැරලා හොඳට හොරකම් කරගන්නයි බලන්නේ. (නි)
ඒකට අපේ අයියලා ඇවිල්ලා, රජ වෙලා , කෙරුවේ හොරකමමයි. (නදී)
ඕකට තමයි කියන්නේ "බෙදා හදා ගෙන කනවා කියල" (නදී)
හා හා මේවට හුරේ දාන්න එපා. ඕවා කපටි වැඩ. (නදී)
සවුදියේ තවම පවත්න්නේ අපේ රටේ පැරණි රජවරුන්ගේ කාලයේ පැවති පාලනයට සම තත්ත්වයේ පාලනයක්. රාජ්‍ය ආදායම රජුගේ පාලනයට යටත්. එංගලන්තයේ රාජ්‍ය ආදායම පාලනය කරන්නේ රජතුමා නොව පාර්ලිමේන්තුවයි. තෙල් නිධි පවතින තෙක් සවුදි රජවරුනට මෙවැනි සෙල්ලම් කළ හැකියි. ඉන්පසු මෙවැනි රටවල් කඩා වැටෙනවා. (ර)
ඔය මිනිසුන්ගේ මුතුන් මිත්තන් ගේ හූරගත් ධනයම තමයි බෙදන්නේ. (බ)
සවුදියේ තවම පවත්න්නේ අපේ රටේ පැරණි රජවරුන්ගේ කාලයේ පැවති පාලනයට සම තත්ත්වයේ පාලනයක්. රාජ්‍ය ආදායම රජුගේ හිතුවක්කාර පාලනයට යටත්. එංගලන්තයේ රාජ්‍ය ආදායම පාලනය කරන්නේ රජතුමා නොව පාර්ලිමේන්තුවයි. තෙල් නිධි ආදායම් පවතින තෙක් සවුදි රජවරුනට මෙවැනි සෙල්ලම් කළ හැකියි. ඉන්පසු මෙවැනි රටවල් කඩා වැටෙනවා. (බ)
කොහොම වුණත් ඔය සල්ලි ජනතාවට අයිති සල්ලි. (නි)
චන්දන, ඔයා දන්න දේ ගැන හිතාගන්න පුලුවන් (නි)
"මාගේ ජනතාවනි,ඔබට මීට වඩා දෙයක් ලැබිය යුතුයි. මා කුමක් කළත් මට ඔබගේ වටිනාකම හා සමවන දෙයක් කළ නොහැක" කොච්චර උතුම් කියමනක්ද?
සෞදියේ තවම පවතින්නේ අපේ රටේ පැරණි රජවරුන්ගේ කාලයේ පැවති පාලනයට සම තත්ත්වයේ පාලනයක්. රාජ්‍ය ආදායම රජුගේ හිතුවක්කාර පාලනයට යටත්. එංගලන්තයේ රාජ්‍ය ආදායම පාලනය කරන්නේ රජතුමා නොව පාර්ලිමේන්තුවයි. තෙල් නිධි ආදායම් පවතින තෙක් සෞදි රජවරුන්ට මෙවැනි සෙල්ලම් කළහැකියි. ඉන්පසු මෙවැනි රටවල් කඩා වැටෙනවා. (නි)
ඔහොම පරණ පිනක් කඩන් වැටුනා අපේ රටෙත් හිටපු පරන අගමැති කෙනෙකුට (නදී)
අපේ හිටපු මහින්ද රජු අපිට දුන්නද ? (නදී)