බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය හෙවත් විලියම් කුමරු හා කේට් කුමරිය අළුත උපන් තම දියණිය සමග කෙන්සින්ග්ටන් මාලිගයට ගියහ. මේ දියණියගේ නම පසුව ප්‍රසිද්ධ කිරීමට නියමිතය.
රාජකීය පවුලේ සාමාජිකයන් සහ ආදිපාදවරියගේ දෙමාපියන්ද කෙන්සින්ග්ටන් මාළිගයට පැමිණෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකරයි. අලුත උපන් රාජකීය කුමරිය බ්‍රිතාන්‍යයේ කිරුල හිමි අය අතර හතර වැනි ස්ථානයේ පසුවෙයි. ලන්ඩන් හි ශාන්ත මේරි රෝහලේදී ඇය මෙළොව එලිය දුටුවාය. කුමරියගේ උපත් බර රාත්තල් 8 අවුන්ස 3 ක් හෙවත් කිලෝ ග්රූම් 3.7 කි.
කුමරිය ඉපදීමට ගෞරව කිරීමක් වශයෙන් ලන්ඩන් හි පාලම සහ ප්රමුඛ ස්ථාන දම් පැහැයෙන් ආලෝකමත් කර තිබේ.
රාජකීයයන් තමන් ජීවත්වන නොර්ෆොල්ක්හි සන්ඩ්රින්හැම් වතුයායේ ඇන්මර් ගෘහය වෙත ගමන් කිරීමට ප්‍රථමයෙන් ඉදිරි දින කිපයේදී කෙන්සින්ග්ටන් මාලිගයේ ගත කිරීමට නියමිතය.
එරට උගතුන් පවසන්නේ අළුත උපන් කුමරියට ඇලිස් සහ චාර්ලට් යන නම් තැබිමට නියමිත යැයි හෙළිදරව්කර තිබෙන බවයි. දෙවැනි නාමය ලෙස ඔලීවියා, එලිසෙබත් හෝ වික්ටෝරියා වැනි නමක් තැබීමටත් නියමිත බව ප්‍රකාශ වි තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හරිම ලස්සනයි (නි)
රෝස කැලෙන්ද ඇහින්දේ? ඇයි කුඩයක දාගෙන යන්නේ? (නි)
අපිට මොකද මේ ගොල්ලෝ මොනවා කළත්. මොවුන්ගෙන් අපිට කරදරයක් මිසක් කවදාවත් සෙතක් වෙලා නැහැ. වෙන්නෙත් නැහැ. (නි)
හරිම ලස්සනයි (නි)
අරුණ, සෑම රටකම වාහනයේ ළදරුවෙකුව රැගෙන යනවිට නීතියෙන් අවසර දෙන්නේ මේ වාහන සීට් එකේ දරුවාව හිඳුවාගෙන සීට් බෙල්ට් එක දමාගෙන යනවා නම් පමණි. නැත්නම් දෙමාපියන් මාර්ගනීති කැඩීමේ වරදට දඩයක් ගෙවීමට නියම වෙනවා සේම උසාවියට බඩගාන්න සිදුවෙනවා. අපේ රට වලට දෙවි පිහිටයි වගේම "අලුත උපන් රාජ කුමාරිට අපේ සුභ පැතුම් .." (නි)
ඒකට අපේ අය. අලුත උපන් ළමයින්ට දාන්නෙ දිව උලුක්වෙන නම්. සුද්දො නම් ඒගොල්ලන්ගෙ මුතුන් මිත්තන් සිහිවෙන්න ඒ නම් දානවා. අපේ බබෙකුට සිරියාවතී කියලා දැම්මොත් හිනාවෙයි. (නි)
ඔබ හරි චමල්... දැන් බලන්න සුද්දෝ මොන තරම් අලුත් අලුත් දේවල් සොයාගත්තත් වෙනස් කරන්නේ නැති එකම දේ මේක විතරයි .. (අ)
ඇයට සුබ පැතුම්! (නි)