‘‘මිස් ඒෆියා පැසිෆික් තරගාවලියේ‘‘ජයග්‍රාහිකාවට පැළැදවෙන ඔටුන්න රැගෙන පලා ගියේයැයි තරගාවලිය ජයග්‍රහණය කර ආසියා ශාන්තිකර රූ රැජිණ ලෙස කිරුළු පලන් මියන්මාර තරගකාරිනියට චෝදනා නැගී තිබේ.
තරගාවලිය මේ වන විට සිව්වරක් පවත්වා තිබෙන අතර එය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේය. ජයග්‍රාහිකාවට පැළැදවෙන ඔටුන්නේ වටිනාකම ඩොලර් ලක්ෂයක් පමණ වන බව සදහන්ය.
මේ මයාට් නෝ නම් වන ඇය ප්ලාස්ටික් සැත්කමක් ආධාරයෙන් රුව ඔප්නංවාගෙන ඇතැයිද, තරගාවලියේ නීති රීති උල්ලංඝණය කර ඇතැයිද, අසංවර ලෙස හැසිරී ඇතැයිද යැයි තරගාවලියේ සංවිධායකයෝ චෝදනා කරන්නෝය.
මෙනිසා ඇයගෙන් රූ රැජිණ කිරුළ ඉවත් කිරීමට සැළසුම් කර තිබුණු බවත් කෙසේ හෝ මෙය කණවැකී ඇති ඇය කර ඇත්තේ තමන්ට පිරිනැමුනු ඔටුන්නද රැගෙන පලා යාම බවත් ඔවුහු කියන්නෝය.
මේ මයාට් නෝ මෙම චෝදනා වලට පිළිතුරු දීම සදහා පසුගියදා මාධ්‍ය හමුවක් කැදවා තිබුණු අතර ඔටුන්නද ඇය පසෙකින් විය.
ඇය පවසා සිටියේ තරග සංවිධායකයින් තමන්ගේ සැබෑ වයස වූ වයස අවුරුදු 16 සගවා වයස අවුරුදු 18 ක් යැයි ප්‍රකාශ කළ බවයි.
ප්ලාස්ටික් සැත්කමක් සම්බන්ධයෙන් නැගෙන චෝදනාවටද පිළිතුරු දුන් ඇය කීවේ කිසිදු ප්ලාස්ටික් සැත්කමක් තමන් සිදුකරගෙන නොමැති බවත් ප්ලාස්ටික් සැත්කමක් සිදුකිරීමට තමන් පොළඹවාලීමට තරගාවලියේ ප්‍රධාන සංවිධායක තැනම උත්සාහ කළ බවත්ය.
කෙසේ හෝ බලය ඇත්තේ ඔවුන් අතහෙයින් තමාව රූ රැජිණ කිරුලෙන් පහ කිරීමට ඔවුන් ගත් තීරණයට තමන් හිසනමන්නේ වුවද බොරු චෝදනා නගමින් තමන්ගේ නම කැත කිරීමට ඔවුන් උත්සාහ කිරීම නිසා මෙසේ කිරුළද රැගෙන පලා ගිය බව ඇය පැවසුවාය.
සංවිධායකයින් නිසි පරිදි තමන්ගෙන් සමාව ඉල්ලු දිනයක ඔටුන්න නැවත ඔවුන්ට භාරදෙන්නේ යැයි ඇය කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇය නම් සැබෑවටම ලස්සනයි. (නි)
මට පෙනෙන්නේ මෙතන මීටවැඩිය ලොකු ප්‍රශ්නයක් ඇතිබවයි (නි)
දයා හරි, ඔය කිරුළු, නිකම්ම සුදුසු කමටම, ලස්සනටම ලැබෙන්නේ නැහැ. බොහෝ කැපකිරීම් කල යුතුයි. කැප කිරීම් වලට අකමැති නම් කිරුල ගැන ඇති බලාපොරොත්තුත් අත්හල යුතුයි. (නදී)
මේ තරුණිය කියන දේවල් වලත් ඇත්තක් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සංවිධායකයෝ කියන්නෙත් කඩුලු හතෙන්ම පැනපු අයවලුන් නේ. (නදී)
ඔව් මට මතකයි එක වරක් ලෝක රූ රැජින වුනු කෙනා කිරුල ඒ මොහොතේම ගලවල කිව්වා 'මට ඕන මම ලෝකෙන්ම ලස්සන බව පෙන්වන්න විතරයි' කියල. ඒ අය ඔය සංවිධායකයෝ හා අනුග්රාහකයෝ එක්ක කියන විදියට ඉන්න ඕනෙලු. (නදී)
අදහස් දක්වන අය හරියටම හරි (නි)
වැඩි ප්‍රසිද්ධියක් ලබාගැනීම සඳහා කළ තවත් උප්පරවැට්ටියක් වෙන්න බැරිද? (නි)
මොනවා උනත් කෙල්ලෙ කරපු වැඩේ හරි ...අපේ රටෙත් ඕකමයි විනිශ්චය කාරයෝ කරන්නේ. දිනනකම් හොඳයි කියනවා ඊට පස්සේ හොරට දිනුව කියනවා. (ස)
දැඩි බලපෑමක් වෙන්ට ඇති (අ)
ඹක්කොම ලස්සනයි (නදී)
ඔය රටෙත් අපේ රටේ රස්සාවල් දෙනකොට වගේ තානායමකට එක්ක යන්න හදල ඇති. නැත්නම් පැනල යන්න ඕනේ නැහැනේ පොඩි හාමිනේ (ස)
උදාරත්-ඔක්කොම ලස්සනයි කියන්නේ ඔක්කොම දැක්කද? (නදී)
මේ ළමයා කරපු දේ හරියට හරි. දිනුවට පස්සේ මොන කතාවක්ද මේ කියන්නේ. ලිංගික අල්ලසක් ගන්නයි හදල තියෙන්නේ. සංවිදායකයන්ට දඩුවම් කරන්න ඕනේ එයාලගේ බිරින්දෑවරු (නදී)