ක්‍රිස්තුන් වහන්සේගේ කුරුස ගමනේදී උන්වහන්සේ අවසන් වරට ඇඳ සිටි ශුද්ධ වූ වස්ත්‍රය (දණහිස දක්වා දිග බැනියමක් වැනි ලෝගුවක්) මහජන ප්‍රදර්ශනය සඳහා අපේ‍්‍රල් මස 10 වැනි ඉරු දින දක්වා පැරීසියට නුදුරු ආර්ජොන්තොයිල් නගරයේ පිහිටි ශාන්ත ඩෙනියස් කතෝලික දේවස්ථානයේ තැන්පත් කර ඇත.
වසර 50 කට වරක් මහජනයාට දැක බලා ගැනීමට සුදානම් කළ මෙම වස්ත්‍රය අවසන් වරට 1984 දී මහජන ප්‍රදර්ශනය සදහා තබා ඇත. ඊළඟ මහජන ප්‍රදර්ශනය වර්ෂ 2034 ට යෙදී ඇති නමුදු ඉහත දේවස්ථානයට වසර 150ක් පිරීම නිමිත්තෙන් මෙය ප්‍රදර්ශනය කැරේ.
කතෝලික බැතිමතුන් විශාල පිරිසක් පුද පූජා පවත්වමින් මෙම අවස්ථාවට සහභාගි වන අතර දේවස්ථානය හා ඒ අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇත.
”ශ්‍රී වස්ත්‍රය කඩා ඉර දමා දාදු දැමූ සේක” යනුවෙන් බයිබලයේ සඳහන් වන්නේය. ඒ අනුව උන්වහන්සේ කුරුසිය දක්වා යන ගමනේදි එතැන සිටි සොල්දාදුවෝ උන්වහන්සේගේ මෙම වස්ත්‍රය ලබා ගැනීම සඳහා ඔට්ටු ඇල්ලීමට දාදු කැටයක් උපයෝගි කර ගෙන ඇත. අවසානයේ එම වස්ත්‍රය හිමිකර ගත් සොල්දාදුවා විසින් එම ශුද්ධවූ වස්ත්‍රය ආරක්ෂා කොට ඔහු සන්තකයේ රැක බලා ගත් අතර පසු කළ ඊශ්‍රාලයෙන් අතුරුදහන් වූ මෙම වස්ත්‍රය 9 වැනි සියවසේ වර්ෂ 800 දී යුරෝපා මහද්වීපය පාලනය කළ චාර්ල්මාන් අධිරාජ්‍යයා අතට පත්වී ඇතැයි කියති.
චාර්ල්මාන් අධිරාජ්‍යයා වර්ෂ 800 සිට වර්ෂ 814 දක්වා මුළු යුරෝපයම පාලනය කළ අධිරාජ්‍යයා වූ අතර වර්ෂ 800 දෙසැම්බර් මස 25 වැනිදා එවකට සිටි තුන්වන ලියෝන් පාප් වහන්සේ අතින් ඔටුනු පළඳවා අභිෂේක ලැබුවේය.
එකල යුරෝපයේ ජීවත්වූ කතෝලික සභාවකට ඔහු විසින් එය තෑගි කරන ලද අතර අවුරුදු 1200 ක සිට ඉහත සඳහන් පැරීසියට නුදුරු දේවස්ථානය පිහිටි ප්‍රදේශයේ ස්ථානයක තැන්පත් කළේය.
1789 ප්‍රංශ විප්ලවය සිදුවු අවස්ථාවේ ඉහත දේවස්ථානයටද අලාභ හානී සිදුවු අතරම මෙම වස්ත්රයටද හානි සිදු විය. එබැවින් විප්ලවයෙන් පසු සොයා ගත් මෙම වස්ත්‍රයේ කොටස් වෙනත් ඇඳුමක ආකෘතියකට අලවා ඉතාමත්ම ආරක්ෂාකාරි ලෙස රැක ගනිමින් මෙම දේවස්ථානයේ තැන්පත් කොට ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේසු ජීවමාන වේ.(ම)
සුගන්ද,ගොඩක් ඉස්සර නව දෙයක් සොයන්න,ගවේෂණය කරන්න පල්ලියෙන් අවසර ගන්න ඕනේ එහෙම නැතුව නව අදහස්,සොයාගැනීම් ඉදිරිපත් කරපු අයට හිර බත් කන්න වුනා නැත්නම් මායාකාරයෝ කියල පුච්චලා මැරුව නිකන් මෙතන අහිංසා වාදය කියවන්න එපා.ඔය බයිබලය හරියට බැලුවොත් බලාගන්න පුළුවන්! (බ)
අපි මේ ජීවත් වෙන්නේ ඉතාමත් මනසින් සහ විද්‍යාවෙන් දියුනු යුගයක, තවත් දෙවිවරුන්ගේ කතා හුදෙක් මිත්‍යා පමණි,,ජේසු දරුවන් කියන්නේ අහිංසක ගොපල්ලෙක් පමණයි (බ)
නව ගිවිසුම මැතිව් 27:24-25,ජෝන් 8:44,1 කොරින්තියස් 10:20-21,2 කොරින්තියස් 6:14 ,තෙසලොනියන්ස් 2:14-15 ,රිවිලෂන් 2:9 මෙම ඡේද හොදින් බලන්න නියම ක්‍රිස්තියානි ධර්මය එතැන ඇත! (බ)
උපුල් ඔය හැම පොතක් ම ලිව්වේ මනුස්සයෝ මිසක් ඔය කියන දෙයියෝ නෙමේ, මේ ලෝකේ වටිනාම සම්පත මිනිසා මිසක් නොදුටු, නොඉන්න දෙයක් නෙමේ, ඔය බොරු වලට රැවටුණු කාලේ ඉවරයි (බ)
ලංකා,මම කිව්වේ ඔය කියපු ඡේද කියෙව්වොත් ක්‍රිස්තියානි ධර්මයේ අහිංසාවාදය හොයාගන්න දැල් දාන්න වෙනවා කියලයි (බ)
ඔය දෙවියෝ අදහන්න කියා කියා ලෝකේ වටේ යන ලොකුම ආගමික නායකයා පිහිට පතන්නේ වෙඩි නොවදින විදුරු කුඩුවක! (බ)
ලංකා කියන්නකෝ බලන්න අපේ රටේ ඉතිහාසය ලියපු මහා වංශයත් බොරුද කියල ? මොකද ඒවත් ලියල තියෙන්නේ මිනිස්සුනේ .(බ)
පැරිස් ජීවත්වෙන අපිට මෙය දැන් වුවාට ලංකාදීපයට ස්තුතියි ... (ම)
දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා.(ම)
යුරෝපයේ ගොඩක් දියුණු රටවල පල්ලි ගානේ ගිහින් ඕවාට කාලේ නාස්ති කරන්නේ නැහැ දෙවියෝ ඒ මිනිස්සු අදහන්නේ නමට විතරයි.(හේ)
මිනිස්සු ජේසුස් වහන්සේගේ රෙදිකදටත් තාම ගෞරව කරද්දී උන්වහන්සේ මිනිස්සුන්ට මොනවත් නොකර ඉන්නේ ඇයි කියලයි මට අහන්න තියෙන්නේ? (බ)
හැමෝටම වගේ අමතක වෙලා දෙවියන් යනු මිනිසුන්ගේ නිර්මාණයක් බව. එනිසයි හැමවිටම සත්‍ය සොයායාම වැදගත් වෙන්නේ. කවදාවත් පොතකින් හෝ වචන වලින් දෙවියන් ලෙස හඳුන්වන දෙය දක්වන්න බැහැ. පාට නොදැකපු කෙනෙකුට වචන වලින් පාට අවබෝදකරවන්න බැහැ ඒ සදහා තමාගේ ඇසෙහි අත්දැකීම අවශ්‍යයි. (අ)
තම වටා තිබුණු සමාජයට සත්‍ය පහද දීමට යොදාගත්තු වචන සහ සංකල්ප ගොඩක් පුහුදුන් මිනිස්සුන්ට තේරුම් ගැනීමට නොහැකි වුණා. දෙවියන් සිටින්නේ තමන්ගේ ඇතුලත බව ජේසුස් කියද්දී තාමත් අපේ මිනිස්සු දෙවියන් සොයා උඩ බලනවා. (අ)
එතකොට දෙයියෝ මැව්වේ මිනිස්සුද? (බ)
පැරිසියේ ඉන්න අපිවත් දන්නේ නැහැ මේ වගේ වටිනා කතෝලික පල්ලියක් තිබෙන බව. මෙයින් අපිව දැනුවත් කළාට සුනිල් ආනන්ද මහතාටත් ලංකාදීපයටත් ගොඩක් ස්තුතියි (නි)
ජේසුතුමා ජීවමානව සිටියායැයි පවසන කාල වකවානුව රෝමානු ශිෂ්ටාචාරය ඉතා උසස් ලෙස පැවතුන අවදියක්. ඔවුන් ඉතා සාමාන්‍ය මිනිසුන් ගැන පවා තිබු සටහන් අදටත් බලාගන්න පුළුවන්. ඒ සමකාලීන ග්‍රීකයන් දර්ශනවාදීන් ගැන තිබු දහසකුත් සටහන් අතර ජේසුතුමා සිටිය යුතුමයි. කෙසේවෙතත්, අනාගතයේ හෝ මේ පිළිබද යම් පුරාවිද්‍යා සාක්ෂියක් ලැබේයැයි මම විශ්වාස කරනවා. එය ලොව පුරා කතෝලිකයන්ට විශාල සහනයක් වේවි (නි)
ඔබ සැමට දෙවි පිහිටයි! (නි)
චාමරගේ මතයට මම ගරු කරමි (නි)
සිල්වි, ඔයතරම් කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
විනෝද, ඔව් ඔබ කියන කතාව ඇත්ත....(බ)
පැරිස් වල ජීවත්වෙන දක්ෂ මාධ්‍යවේදියා ඔබයි. සුනිල් ආනන්ද, ඔබ පැරිසියට ආනන්දයක්. ස්තුතියි! (නි)
ජේසු ජීවමානයිලු (බ)
ජේසු පිහිටයි . දකින්නත් වාසනා කරන්න ඕන (බ)
මෙවන් කෞතුක වස්තුව කතෝලික බැතිමතුන්ට මිලකළ නො හැකි දේව දායාදයකි..... මෙවන් අති උතුම් ජේසුතුමාගේ වස්ත්‍රය දැකබලාගන්න ලැබිමත් පුර්වේ කළ පිනකි ආමෙන් (බ)
ජේසුස් වහන්සේ ජීවමානයි..! (බ)
සුනිල් ආනන්ද මහතාණනි ඔබතුමා ඇත්තටම ඇත්තෙන්ම දක්ෂ මාධ්‍යවේදියෙක් ඔබ තුමාගේ නිර්මාණ තුල මා දුටුවා .ඔබතුමාට චිරංජයතු ...(බ)
සුනිල් මහතාණෙනි, ඔබ ලියා තිබුණ දේවල් අපි කියවා ගත් දැනුම වචනයෙන් කියන්න බැහැ. ගොඩාක් ස්තුතියි! (නි)
සුනිල් ආනන්ද මහතා අනර්ඝ විස්තරයක් මේ වර අපිට ලබා දී තිබෙනවා. ඒ වගේම මෙය කතෝලික බැතිමතුන්ට ආවේණික වන පුජා වලට සිහිවටනයක් (නි)
බෞද්ධයෙක් වන මට ජේසුස් වහන්සේ ගැන ඇත්තේ මහා ගෞරවයක්. ඒ උන්වහන්සේද අවිහිංසාව උපරිමයෙන් ලොවට දායාද කළ ආගම් කතෘවරයෙක් නිසයි. මේ ඇඳුම දැකීමෙන් මට ඇති වූ හැඟීම විස්තර කරන්න අපහසුයි. (නි)
පින්තූරයකින් හෝ මේ උතුම් දර්ශනය දැකීමට ලැබීම මහත් භාග්‍යයක්. ඔබට ජේසු පිහිටයි සුනිල් ආනන්ද මහතාණෙනි! (නි)
සුනිල් ආනන්ද මාධ්යවේදියාණනි, ඔබ ලියන දේවල් කියවන්න ඔබ විසින් පාඨකයන් විශාල පිරිසක් ජාත්යයන්තරයේ පමණක් නොව ලංකාවේද මේ වනවිට පෙළගැසී හමාරයි (නි)
පසුකාලීනව සිදු වුණු හානි දැක්කම කියන්න තියෙන්නේ සියලු දේ නැසෙන සුලුයි කියල තමා! (බ)
සුනිල් ආනන්ද මහතාණනි, ඔබ ලියන ලිපි එකතුකරන මම ඔබේ පාඨකයෙක්. ස්තුතියි! (නි)
ජේසුස් කියපු දේවල සැබැ අර්ථය තේරුම් ගත් කෙනෙකුට බුදුන් වහන්සේ පෙන්නන්න හදපු දේ දකින්න පුළුවන්. ඒවගේම තමා එහි අනිත් පැත්තත්. බුදුන් කියපු දේ තේරුම් ගත් කෙනෙකුට ජේසුස් කියපුදේ දකින්න පුළුවන්. (බ)
එතුමා ජීවමාණයි.(හේ)
අවිහිංසාව ගැන අපිට උගන්වන්න කලින් පොඩ්ඩක් බලන්න.නික්මයාම - සදාචාර හා ආගමික නීති සමිඳාණන් වහන්සේ හැර අන් දෙවිවරුන්ට පුද පූජා කරන තැනැත්තා මරණයට පත් කළ යුතු ය. තවෙකකු මරා දමන්න යැයි අණ කරන ආගමික ප්‍රකාශයක් 20 කොටස බලන්න... මෙය අවිහිංසාව ගැන අපිට උගන්වන ආකාරයද? (බ)
ඔබ සෙමට බුදු සරණයි ජේසු පිහිටයි , අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි , පතමි (හේ)
ජේසුස් වහන්සේගේ ඇත්ත සොහොන ඉන්දියාවේ තිබෙනවා. ජුදෙව්වන් ඔහුව මරාදැමීමට උත්සහ කළත් ඔවුනට එය කරගන්න බැරි වුන බව සදහන් වෙනවා. (බ)
අපි බොදුනුවෙක් වුණත්,ගරුකළ යුතු වූ සත්‍ය, මිනිසුන්ට කියා දුන් ඉර්සියාව, ක්‍රෝධ ,වෛරය තුරන් කළ යුතු බව කියා දුන් හතුරන්ටත් ප්‍රේමය කළ යුතු බව ලොවෙට පෙන්වූ උතුමෙකි ,මේ රජය ජේසු තුමාවත් අනුගමනය කළොත් ලොකු දෙයකි (බ)
සුගන්ද,කියන්නකෝ බලන්න ජේසුගේ තරුණ කලේ ගැන පොඩ්ඩක් අපිට දැන ගන්න ආසයි මොකද ඒ ගැන බයිබලයේ සදහන් වෙලා නැති නිසා! (බ)
ජේසුගේ අවුරුදු 12 සිට අවුරුදු 30 දක්වා කාලය ගැන කිසිම සදහනක් නැත එම කාලයේ ඔහු සිටියේ ඉන්දියාවේ බව නව සොයාගැනීම් වල සදහන් වෙනවා! (බ)