ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමෙන් බදු ලෙස යූරෝ බිලියන 13ක් අයර්ලන්තය අයකරගත යුතු යැයි යුරෝපා කොමිසම තීන්දු කර ඇත.
අයර්ලන්තය ඇපල් සමාගමට බදු සහන ලබාදීම නීති විරෝධී බව වසර තුනක් තිස්සේ සිදුකළ පරීක්ෂණවලින් නිගමනයට පැමිණි බව යුරෝපා කොමිසම කියයි. පරීක්ෂණ අනුව අනෙකුත් ව්‍යාපාර වලින් අයර්ලන්තය බදු විශාල ප්‍රමාණයක් අයකරගෙන ඇතත් ඇපල් සමාගමෙන් ලබාගෙන ඇති බදු ප්‍රතිශතය 1%ක් පමණ වන සුළු ප්‍රමාණයක් බව කියති.
යුරෝපා කොමිසමේ තීන්දුවට එරෙහිව විරෝධය පළකරන අයර්ලන්තය සහ ඇපල් සමාගම ඒ වෙනුවෙන් අභියාචනයක් නිකුත් කරන බව කියති.
යුරෝපා කොමිසමේ තීන්දුව හේතුවෙන් බොහෝ පිරිසකගේ රැකියා අනතුරේ වැටීමක් සිදුවන බව ඇපල් සමාගම පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ගිහින් තව ටික දවසකින් අයර්ලන්තයත් යුරෝපා සංගමයට ‘බායි‘ කියාවි... (නි)
යුරෝපා කොමිසම කොහොමටත් අනෙකුත් රටවල් දියුණු වෙනවට වැඩි කැමැත්තක් නැහැ (නි)
යුරෝපා කොමිසම කොහොමටත් අනෙකුත් රටවල් දියුණු වෙනවට කැමැත්තක් නැහැ. (බ)