යුක්රේන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් නැගෙනහිර යුක්රේනයේ දී ප්‍රහාරයකින් බිම දමා ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මේ ප්‍රහාරය එල්ලවූයේ 298 දෙනකු සමග මලයාසියා යානය විනාශ වී සතියක් ගතවීමට පෙරදී ය.
එම ප්‍රහාරය ගැන චෝදනා එල්ල වූයේ නැගෙනහිර යුක්රේනයේ කඳවුරු බැඳන් සිටින රුසියානු කැරලි කරුවන්ටය. කැරළිකරුවන් පවසන්නේ එම ප්‍රහාරයට ඔවුන් කිසියම් සම්බන්ධයක් නොමැති බවයි.
කැරළිකරුවන්ගේ ග්‍රහණයේ ඇති සැවුර් මොගිලාහි දී සුකෝයි-25 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් අද පස්වරු 1.30ත් 2.00 ත් අතර කාලයේ දී බිම හෙලා ඇත.
යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ඔලෙක්සි ඩ්රිමිට්රාස්කොවොස්කි පවසන්නේ මෙම යානාවල එක් යානාවක දෙදෙනෙක් පමණ සිටි බවයි.
කැරළි කරුවන් විසින් බක් මිසයිල රඳවා ඇති ස්නිෂින් සහ ටෝරිස් නගරවලට සැතපුම් පහක් දකුණින් හා එම්.එච්.17 යානය කඩා වැටුණු ස්ථානයට සැතපුම් විස්සක් පමණ දකුණු දෙසින් මේ යානා දෙක විනාශ වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටිං ප්‍රවේශම් වුණා නම් හොඳයි වගේ. (නි)
මහරූෆ් මොනවා කරන්නද? (නදී)
කන බොන බේත්වල මිල නැගල අපිට අහස උසට ප්‍රශ්න. යුක්රේන් වල ගරිල්ලෝ ගහනවා අපට ආණ්ඩුව ගහනවා (නදී)
බොහෝ දුරට මෙය රුසියානු හිතවාදී යුක්රේන කැරලිකරුවන්ගේ ක්‍රියාවක් විය හැකියි. මොකද යුක්රේනය වෙනත් සන්නද්ද කණ්ඩායමක් සමග යුද්දයක පැටලී නැහැ. මෙම මොහොතේදී කෙසේ උවත් කැරලිකරුවන්ගේ සන්නද්ද බව මෙයින් හොදින් සිතාගත හැකියි. (නදී)
ගුවන් යානයක් වැටුනම ගහපු කෙනෙක් නැහැනේ (නදී)
තාක්සනයේ දියුණුව මිනිසාගේ අවසානයයි (නදී)
මහරූෆ්, පුටින්ගෙන් පරිස්සම් වෙන්න (නදී)
කොමියුනිස්ට් රටවල් වලට ලැදි නායකයින් නැති තැන මෙවැනි දේවල් බලාපොරොත්තු විය යුතුයි. (නි)
ප්‍රහාරක ගුවන්යානා මෙම ප්‍රදේශයට පැමිණියේ ඇයි? (නි)
ප්රභාකරන් තවමත් ජීවතුන් අතර සිටියා නම් ලංකාවෙත් මේ වගේ සිදුවීම් සිදුවිය හැකිව තිබුනා. (නදී)
ලිබියාවේ ඉරාකයේ වුණාට වැඩිය වෙනස් දෙයක් තමයි වෙන්නේ (නි)