තුර්කියේ ඉස්මිර්හි මෙහ්මෙට් අලි ගොකෙග්ලුගේ නිවස වටා තාප්පයක් වෙනුවට මාළු ටැංකියක් හදා ඇත.
දිගින් මිටර 50 ක් පමණ වන මේ සුවිසල් මාළු ටැංකියේ මත්ස්යය වර්ග 1000 ක් පමණ වාසය කරයි.එහි ජලය ස්වයංකි්රීයවම මාරු කෙරෙන පද්ධතියක්ද ඇත.
මෙහ්මෙට් පවසන ආකාරයට මෙම නිර්මාණය සම්පූර්ණ කිරීමට ඔහුට ඩොලර් 21,000 (රුපියල් 279300 ) ක පමණ මුදලක් වැය වී ඇත.නමුත් මෙය දකින විටදී වැයවූ මුදල ගැන කිසිදු පසුතැවීමක් තමන්ට ඇති නොවන බව ඔහු කියයි.
ටැංකියේ සිටිනා මසුන් සොරකම් කර ගෙන යෑමේ අවදානමක්ද ඇති හෙයින් ටැංකිය දිවා රෑ මුළුල්ලේ ආරක්ෂක කැමරා 17 කින් නිරීක්ෂණය කැරෙයි.ටැංකියට අනවශ්‍ය පරිදි කිට්ටු විීමද කළ නොහැක.ඒ අධි සංවේදී අනතුරු හැගවීමේ පද්ධතියක්ද සවි කර ඇති බැවිනි.
මේ මාළු ටැංකි තාප්පය තුර්කියට පැමිණෙන සංචාරකයින් අතර ඉතා ජනපි‍්‍රය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සය පින් කරලා තියෙනවා මෙහෙම වියදම් කරන්න හැකි ධනයක් ලබන්න. ඒ වගේම අනික් පැත්තෙන් මාළු ටික පව් කරලා තියෙනවා ඔය වගේ ටැංකියක හිරවෙලා ජීවත් වෙන්න. (නි)
ෂා... ලස්සනයි.(ස)
අසේල, ඔයා තුර්කිය ගැන දන්නවාද? ඉළ්මිර් කියන්නේ තුර්කියේ ඉස්ටන්බුල්වලට පස්සේ දෙවෙනි විශාල නගරයයි. ඉතාමත් ලස්සන වැඩිය සීතලකුත් නැති රශ්නෙකුත් නැති දැකුම් කලු නගරයක්. මෙහේ මිනිස්සු හොරකම් කරන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දේවල් එම රටවල තිබීම එච්චර පුදුම දෙයක් නෙවෙයි.(නදී)
ඕක මොකක්ද අර අපේ රටේ අර අහවල් එක බාරව හිටපු ඇමතිතුමා හඟුරන්කෙත පැත්තේ හැදුවේ මාලිගාවක් බිමට ටයිල් වෙනුවට මාලු ටැංකියක් දාලා මැඩම්ගේ කාලේදී. ඒ අතින් බලන කොට මේවා මොනවද?(නදී)
නියමයි (නි)
සෑම් උන්නැහේ ඔයාට වඩා මම රටවල ගිහින් තියෙනවා, මම වෙඩි නොවදින විදුරු ගැනත් දන්නවා (ලෙවෙල් 1,2,3) කියල තම ඒවාට කියන්නේ. මම කොහෙද මෝල් වහන්සේ ඕකට වෙඩි තියනවා කියල ලියල තියෙන්නේ කියල පොඩ්ඩක් පෙන්නනවද? (අ)
රූපවති , ඔය ඊරිසියාවටනේ ඔහොම කියන්නේ. ලස්සන දෙයට ලස්සන කියන්න ඔච්චර හිතන්න එපා. (නි)
මාත් කුඩා කාලේ වැවේ වතුර හිදීගෙන යනකොට එකතුවෙන දියකඩිති වල ගමේ කෙල්ලෝ කොල්ලෝ එකතුවෙලා මාළු ඇල්ලුවා. අන්කුට්ටෝ, මඩාරු, ලුල්ලු, කාවයියෝ... මඩ පෙරාගෙන හිටපු වැවේ මාළු ටික ඔයිට වඩා ලස්සනයි (නි)
අසේල, ඔබගේ නොදන්නාකම නිසා අනුන්නට ගොනා කියන්න එපා. දැන් ලෝකයේ නොබිඳෙන වීදුරු වර්ග ඕනෑතරම් තියනවා. සමහර වීදුරු වලට වෙඩි පහරක් වුනත් දරාගත හැකි ය (නි)
සම්පත් ඔයා හරියට හරි. (නි)
ගාණ වැරදිලාද කොහෙද? ලංකාවේ දෙන්නෙක් එක්ක දවල්ට කඩේකින් කාලා එලියට එනකොට 1000ක් වත් නැතුව බැහැ.ඔයවගේ ලස්සන නිර්මාණයක් දේශපාලනය සම්බන්ධ අයට නම් කරන්න පුළුවන් වේවි.හදන්නකෝ අපිත් බලන්න එන්න. (නි)
මාලු මාලු මාලු... මේ දැන් ගෙනාපු මාලු .....තුරුකියට මාලු ගෙනාවා.... (නි)
හොද නිර්මාණයක් (නි)
අලුත් සංකල්පයක්. නුදුරු අනාගතයේදී නව විලාසිතාවක් විය හැකියි. සොදුරු දසුනක්. අනාගතයේදී නගර අලංකරණයට මෙය එන බව කිව හැකිය. (නි)
ඔක්කොම හොදා කියමුකෝ. ඒත් මාළුවෝ ටික හොදටම අව්වේනේ ඉන්නේ. ඒකයි අප්සෙට් එක. (නි)
නෙතට ප්‍රිය උපදවන දර්ශනයක්. අපිටත් ඒක බලන්නවත් ලැබෙනවා නම් වාසනාවක්. ඒත් අපි එච්චර පින් කරලා නැහැ. සල්ලි තියන මිනිස්සු මැරෙන්නත් කලින් දිවිය ලෝකේ යනවා කියන්නේ ඕවට තමා. අනේ වාසනාවන්!!!!! (නි)
මේකේ ඉන්න මාළු කැතයි නේ.(නදී)
ඒක 2730000 විය යුතුයි.(නදී)
ලස්සන වැඩක් ඒත් කැත මාළු ටිකක් දාලා තියෙන්නේ.(නදී)
ලකාවේ කොහොමද ඔය වගේ එකක් රුපියල් 279300 කට හදන්නේ මම හිතන්නේ ඔය වගේ පස් ගුනයක්වත් යනවා ලංකාවේ හදනවනං (අ)
පුදුමයි ! මේක දැකපු ලොකු උදවිය ගෙදර වටේට මාළු ටැංකි තාප්පයක් දමුයි කිව්වොත් නියමයි කියයි. එත කොට අපිට පෝලිමේ ගිහින් බලන්න පුළුවන්නේ.(නදී)
ගොන් නිර්මාණයක්, වාහනයක් හරි, ගලක් හරි, වෙන යම් දෙයක් ඔය වීදුරුවේ වැදුනම ඔක්කොම හරි, එක්කෝ රෑට හොරෙන් මාළු අරන් ගියොත් ඉරුණ නේද කොල්ලෝ බැනියම කියාවි. ඊට පස්සේ වැයවූ මුදල ගැන පසුතැවීමක් තමන්ට ඇති වෙයි (අ)
මේක ලංකාවේ නම් හරියන්නේ නෑ මොකද මෙහේ ඉන්න පිස්සෝ ගල් ගැහුවොත් ඕක ඉවරයි (අ)