ලේකම්වරියන් සේවයෙන් පහ කොට ඒ වෙනුවට ලේකම්වරුන් සේවයට බදවා ගන්නැයි ඉන්දුනීසියාවේ ආණ්ඩුකාරවරයෙක් තමන් යටතේ ඇති ආයතනයන්හි සේවය කරන නිළධාරීන්ට නියෝග කර ඇත.
රජයේ නිළධාරීන් තම තරුණ පෞද්ගලික ලේකම්වරියන් සමග නටන නාඩගම් ගැන වැඩි වැඩියෙන් වාර්තා වීම නිසා මෙම තීරණය ගත් බව ඉන්දුනීසියාවේ ගොරොන්ටාලෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසයි.මෙම නිළධාරීන් සිය බිරින්දෑවරුන් අමතක කර පෞද්ගලික ලේකම්වරියන්ට මිල අධික ඇදුම් පැළදුම්,කෑම බීම,සුවද විලවුන් ආදී මෙකී නොකී සියලූ දේ මිලදී ගෙන දීමට පුරුදුව සිටින බවත් ඔවුන්ගේ මේ කි‍්‍රයාකලාපයන් නිසාවෙන් විදවන්නේත් ගැරහුම් ලබන්නේත් ඔවුන්ගේ බිරින්දෑවරුන් හා දරුවන් බවත් ඔහු කියයි.
මෙම හේතුව නිසාවෙන් තමන් මේ නියෝගය නිකුත් කළ බව ආණ්ඩුකාරවරයා පවසයි.අවශ්‍යම නම් ලේකම්වරියක් බදවා ගත හැකි වුවත් ඇය මහලූ වයසේ පසුවිය යුතුයැයි නිළධාරීන් දැනුම්වත් කර ඇත.
නියෝගය පැහැර හරින නිළධාරීන්ට දඩුවම් කිරීමට අදහසක් නැතත් ආචාර ධර්මයන්ගේ නාමයෙන් තම නිළධාරීන් නියෝග ප්‍රකාරව කටයුතු කරනු ඇතැයි ආණ්ඩුකාරවරයා විශ්වාසයෙන් සිටී.
ගොරොන්ටොලෝ ආණ්ඩුකාරවරයා රජයේ නිළධාරීන්ගේ පවුල් සළකා මෙවන් නියෝගයක් නිකුත් කළ ප්‍රථම අවස්ථාවද මෙය නොවේ.මිීට පෙර අවස්ථාවකදී ප්‍රාන්තයේ සේවය කළ රජයේ සේවකයන් 3200 දෙනෙකුගේ මාසික පඩිය ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ බැංකු ගිණුම් කරා යොමුකළ යුතුයැයි නියෝග කෙරුණු අතර එහි අරමුණ වූයේද රජයේ සේවකයන් හට අනියම් සබදතා ආරම්භ කර ගැනීමට හා පවත්වාගෙන යාමට ඇති ඉඩ අවුරා දැමීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැනේ ඇලෙක්ස් මේකනේ මේකේ මම දාපු අදහස විකෘර්ති කරලා දාල තියෙන්නේ? ඉතින් මම මක්කා කොරන්නද?(නදී)
ලංකාවටත් ඔබින හොඳ වැඩක්. (නි)
අාණ්ඩුකාරයාටමක් වෙලාද? (අ)
අතීසාරයට බෙහෙත් කිරීම වගේද (අ)
මේක අපේ රටට එච්චරම ගැලපෙන්නේ නැහැ. මොකද සමහර නිලදාරීන් හෙන ටාසන් ලා. වැල් වලමයි එල්ලෙන්නේ. ඇන්ටිලාව පේන්න බැහැ. (නි)
මේක හරිම මෝඩ නීතියක්. මෙය මානව අයතිවාසිකම් උල්ලන්ඝනය කිරීමක්. රැකියාවක් ලබාදීමේදී ආගම, ජාතිය හෝ ලිංගබේදය උල්ලන්ඝනය කිරීමක්.(නදී)
මෙන්න ජනතාවට ආදරේ ඇති පාලකයෝ. මේවගේ මිනිස්සු අදහන්ද ඕණ. අපේ රටේ නං ලොක්කෝ කියඊ අනේ උබත් කන ගමන් මටත් එකක හොරෙන් ගෙනල්ල දීපන් කියල. (අ)
ඉන්දුනීසියාවේ නම් කොයි කෙනාත් එකයි. (නි)
ඉහල නිලධාරීනියන්ටත් මේ නියෝගය දෙන්න, එවිට වැඩ අහිමි වූ සේවිකාවන්ට සහ තවත් අයට සෙතක් වේවි නේද? (නි)
මේක අපේ රටෙත් දැම්මොත් හොඳයි. මොකද මේ වගේ හේතු නිසා සමහරවිට පවුල් දෙකම විනාශ වෙනවා. (නි)
වයස ප්‍රශ්නයක් නැහැ, පළපුරුද්ද විතරයි ඕනෑ (නි)
පෞද්ගලික ලේකම්වරියගේ රාජකාරිය තමයි බොස්ගේ හැම පුද්ගලික දේකටම සහය වෙන එක. ඒ නිසානේ ඇයට ඒ නම යොදලා තියෙන්නේ. (නි)
අපේ රටේ මහලු උනත් ෂුවර් නෑ.(නදී)
අදාල නැති දේකට ඇඟිලි ගැසීමක්. පව් අර වැඩකරපු මිනිස්සු. අනික හැමෝම ඕක කාරා වෙන්නත් බෑ .(නදී)
වරුණ, පොඩි රස්සාවල් කරන ඕගොල්ලෝ වගේ කට්ටිය කොහොමද මේ වගේ දේවල් තීරණය කරන්? (නි)
අපේ රටෙත් ඔය නීතිය ගෙනාවා නම් හරි. (නි)
අපේ රටෙත් ඔය නීතිය ගෙනාවා නම් හරි. (නි)
අපේ රටටත් ඔබිනවා. (නි)