මහ සයුරේ වෙසෙන දැවැන්තයන්ගේ සොහොන් බිමක් අප්‍රිකාවේ ඇන්ගෝලා මුහුදු තීරයට ඔබ්බෙන් පිහිටි ගැඹුරු මුහුදේ දී සොයාගත් බව සාගර ගවේෂකයන් පිරිසක් කියති.
ලෝකයේ තල්මසුන් සම්බන්ධ පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදුකැර ඇතත් තල්මස් සිරුරු හමුවී ඇත්තේ මුහුදු වෙරළට ගොඩගැසූ අවස්ථාවලදීය. යෝධ දැල්ලන් වැනි අනෙක් විශාල මුහුදු ජීවීන්ගේ මළ සිරුරු ඒ ආකාරයෙන් හෝ හමුවී නොමැත. මේ පර්යේෂණයේ ප්‍රධානී ප්ලයිමවුත් විශ්වවිද්‍යාලයේ සමුද්‍ර විද්‍යායතනයේ ආචාර්ය නික් හිග්ස් බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරු මුහුදු පත්ලේ තිබෙනු සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි.
ඔවුන් මෙම ප්‍රදේශයේ තිබී මුහුදු පතුලේ තැන්පත්ව තිබූ විශාල මුහුදු ප්‍රාණීන්ගේ මළකුණු හතරක් සොයාගෙන ඇත. විශාල මෝර තල්මසෙකුගේ සහ මඩුවන් තිදෙනෙකුගේ සිරුරු මෙලෙස හමුවී ඇත.
මේවා සාගර පතුලේ මීටර් 2000 ක් හෙවත් අඩි 6600ක් ගැඹුරේ තිබී හමුවූ බව ඔවුහු කියති. මේ මළසිරුරු දිරාපත්වෙමින් පෝෂණය වු පරිසර පද්ධතියක් එහි ගොඩනැගි ඇති බවත් ඒ පිළිබඳ සොයා බැලීමේ දී මේ සිරුරු හතරට පෙරාතුව දිරාපත්වෙමින් ගිය දැවැන්ත මුහුදු ප්‍රාණීන්ගේ වෙනත් සිරුරු හේතුවෙන් එම ස්ථානය දිගින් දිගටම පෝෂණය වූ බවට ලක්ෂණ ඇති බවත් පර්යේෂණය සිදුකළ ගවේෂකයෝ කියති.
මේ ස්ථානය දැනටත් ජීවීන්ගෙන් ගහන තැනකි. එතැන ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන්, තරබාරු පොකිරිස්සන්, දල ලෝම සහිත පනුවන්, ඉස්සන්,කූනිස්සන්, පොකිරිස්සන්, කකුලුවන් සහ මෝරුන් බහුලව දැක්නට ලැබෙයි.
විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම සොයාගැනීම් මගින් මල මුහුදු යෝධයන්ගේ ඉරණම හෙලිකිරීමට විද්‍යාඥයින්ට සහයක් ලැබෙන බවයි.
දැනට සිදුකැර ඇති දත්ත විශ්ලේෂණයේ දී පෙනී ගොස් ඇත්තේ මෙවැනි ජීවීන්ගේ මළ සිරුරුවලින් මුහුදු පත්ලේ ඇති පෝෂණ කොටස්වලින් සියයට හතරක් ලැබෙන බවයි. මෙවැනි මළ සිරුරුවලින් මුහුදු පත්ලේ ඇති ශාක හා සත්ත්වයන්ගේ ආහාර සලාකයට සැළකිය යුතු දායකත්වයක් ලැබෙන බව ද ඔවුහු පෙන්වාදෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රජාතන්ත්රවාදයේ සොහොන කොහෙද දන්නවද?..ඉන්දියන් සාගරේ!! (ස)
ඉන්දිකා විතරයි ඇත්ත කියලා තියෙන්නේ (නි)
ගොඩාක් මාළුන්ගේ සොහාන් තියෙන්නේ මිනිස්සුන්ගෙ බඩේ. (ස)
ඒත් එහෙම වෙන්න පුලුවන්ද ? (නදී)
අනේ මන්ද මේ කමෙන්ට්ස් දිහා බැලුවහම සමහරක් අයට මාළුන්ට තරන්වත් මොලයක් නැති බවයි තේරෙන්නේ.(නදී)
සමහර විට මේ හරියේ න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරලා ඇති. එ් වෙලාවේ එකවර මැරිච්ච මාළු වෙන්නත් පුළුවන්. (ස)
ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද මිනිසුන්ට වගේම සතුන්ටත් ආවේණික ගති සිරිත් තිබෙනවා.මිනිසුන්ට වඩා සතුන්ට හොඳ ඉවක් තිබෙනවා (නි)
සැමන් මාළුවත් ඉපදුනු තැනටම එනවලු තමන්ගේ මරණය ළං වෙද්දී. ඉතින් මේ වගේ ලොකු මාලුන්ටත් සොහොනක් තියෙන්න බැරි නැහැ (නි)
ගොඩක් පොඩි මාළු වැඩිපුර ඉන්න නිසා ලොකු මාළු ඒ හරියෙම ගැවසෙනවා කෑම ලබාගන්න. ඔහොම කාලයක් යනකොට උන් එතනම මැරිලා යනවා ඇති (නි)
මේ කතාවේ විශ්මය දනවන දේ වෙන කිසිවක් නෙමේ. මේ සත්තුත් තමන් මරණාසන්න බව දැනගෙන මේ සොහොන් බිමට පැමිණීමයි. මෙන්න මේ ඉව සැබවින්ම විශ්මය ජනකයි. අලි ඇතුන්ද මේ ආකාරයෙන් මරණාසන්න වනවිට ඔවුන්ගේ සොහොන් බිම් කරා යන බවද මා අසා ඇත.(නදී)
සමහර අදහස් දැක්කම හරිම කණගාටුවක් ඇති වෙන්නේ. මේවට ප්රතිඅදහස් දාන්න ගියොත් බැණුම් අහගන්නයි වෙන්නේ.ඒ නිසා මොකුත් නොකියම ඉන්නවා.(නි)
එහෙම මාළුන්ට කියල වෙනම සොහොන් නම් මම හිතන්නේ නැහැ. මේ මාළුවන් පීනලා පීනලා අන්තිමට මැරුනේ කොහෙද එතැනට අපි සොහොන කියල නම දාලා. නැතුව මාලු දන්නවද සොහොන් ගැන.(නදී)
චමිල, සාගර සතුන් ගවේෂණය කරන තාක්ෂණයෙන් නැති වූ ගුවන් යානා සොයන්න පුලුවන්ද ? ඔබ ඔවුන්ටත් වඩා එම තාක්ෂණය ගැන දන්නා අයෙක් වගේ. (ස)
එම්. ඒච් . 370 මොනවා හොයන්නද ? කරපු අය දන්නවා ඇතිනේ.(නදී)
ඕකම මටත් හිතුන මේක කියවද්දී. (ස)
ඕවා මම නම් පිළිගන්නෙ නැහැ. එහෙනම් ඔය තාක්ෂණය පාවිච්චි කරලා එම්.එච්.370 හොයාගන්න බැරි වුණේ මොකද? (නි)
ඒකනේ අපේ මර්වින් ඇමතිතුමා නම් කලින්ම තැනක් වෙන්කර ගත්තේ. මොකද පහුවෙන්න පහුවෙන්න තදබදය වැඩිවෙනවා (නි)