දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ ලබන විසි හැවිරිදි සමන්තා පිටෙන්ඩ්රි වනසතුන්ට දක්වන්නේ අසීමිත ඇල්මකි.නිවාඩුවක් ලැබෙන හැම මොහොතකම තමන්ගේ සමීපතම මිතුරු මිතුරියන් කැටුව වනෝද්‍යාන වෙත යාම ඇයගේ විනෝදාංශයයි.
පසුගියදා ඇය දකුණු අප්‍රිකාවේ ලොව සුපතල කෘගර් ජාතික වනෝද්‍යානය වෙත ගියේ ටනිත් හියුමන්, කාමන් ත්වෙල් සහ මිෂෙල් ද ජැගර් යන මිතුරියන් සමඟ වෙනදා මෙන්ම කවදත් දකින්නට ලැබෙන අලි ඇතුන්, සිංහයන්, දිවියන්, සීබ්‍රාවන්, ගිරාෆ් ඇතුළු අනෙකුත් සතුන් දැකගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුත් එදා සිහිනයකින්වත් දකින්නට නොලැබෙන පුදුමාකාර දර්ශනයක් දැකගැනීමට ඇයට වාසනාව ලැබිණ.
ඉම්පාලා නම්වූ මුව දෙනක තමන් මරාගෙන කෑමට හඹා ආ චීටා රංචුවකින් බේරී මහමඟ නවතා තිබු සංචාරක වාහනයක් තුලට රිංගාගොස් තම දිවි ගලවාගත්තාය.
එම වාහනයේ සිටි පිරිසද මහා වනයට පැමිණ සිටියේ සතුන් දැක ගැනීමේ අරමුණෙනි.
කෘගර් මහා වනය මැදදී චීටා රැළක් ඉම්පාලාවන් පසුපස හඹා යනු ඔවුන් දැක තිබේ. පැයකට කිලෝමීටර් 120 වේගයෙන් දිවීමට සමත්කමක් ඇති චීටා වේගයෙන්ම දිවිය හැකි වන සතා ලෙසට ප්‍රසිද්ධියක් දරයි.
චීටාවන් සහ ඉම්පාලාවන් බොහොගනනක් ඉන්නා අප්‍රිකා වනාන්තරවලදී සිංහයන්, චීටාවන් සහ දිවියන් වැනි මාංශ භක්ෂක සතුන් දඩයමේ යනු මෙන්ම දඩයම් කරනුද දකින්නට ලැබීම එතරම්ම විරල නැත. ඉතින් එදිනද චීටාවන් ඉම්පාලා රංචුව පසුපස එලවා යනු දුටු තමා බලාපොරෙත්තු වෙනදා මෙන්ම චීටාවන් එක ඉම්පාලාවෙකු දඩයම් කරගනු දකින්නටයැයි මේ අපුරු සිදුවීම පිළිබඳව විස්තර කළ සමන්තා පිටෙන්ඩ්රි පවසා ඇත.
මේ සිද්ධිය දෙසා බලාසිටි සියලුම දෙනා සිටි වාහන ඉදිරියෙන් ඉම්පාලා රංචුව පැනගියද එක ඉම්පාලාවකු චීටාවන්ට කොටුවී ඇත. එම ඉම්පාලා පසුපස චීටාවන් තිදෙනෙක් පන්නාගෙන ගියද ඉම්පාලාව ක්ෂණිකව ආපසු හැරී වාහන දෙසට දුවන්නට විය. නිමේෂයකින් ඉම්පාලාවා මහපාරට පැමිණ එතන නවතා තිබු වාහනයට රිංගා ගත්ත්තේය. චීටාවන්ගේ අරමුණ ඉටුකරගැනීමට ඉඩක් නොලැබිණි. ස්ථානොචිත ප්‍රඥාවෙන් ක්‍රියාකළ ඉම්පාලාවා තම ජීවිතය බේරා ගත්තේ චීටාවන්ට කොකා පෙනවමිනි.
බලාපොරොත්තු සුන්වූ චීටාවන් කුසගින්නේ පෙළෙමින් වෙනත් ගොදුරක් සොයා එතැනින් ඉවත්වගිය පසු වාහනයේ සිටි පිරිස ඉම්පාලාවා නැවත වනයට මුදා හළහ.
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදට බේරුනාට හිටපන්කෝ තෝව මම ආපහු හොයාගන්න, මුන් ටික ගියාට පස්සේ... කිය කියා චීට ආපසු ගියාලු.... (නි)
එක මුවා පනිනකොට දෙන්නෙක් වෙලානේ (නි)
පව් කියලා හිතෙනවා පණ බේරා ගැණීමට මුවා පනින පිම්ම දැක්කහම.ලංකාවේ මුවන් නම් සතුරා සමග සටන් වැදීමට අං තට්ටුව උපයෝගී කර ගන්නවා.අප්‍රිකානු මුවන්ට සතුරාගෙන් බේරීම සඳහා ජීවීතාරක්ෂක අං තට්ටුවක් ලබාදීම වනජීවී නිලධාරීන් වහාම පියවරක් ගතයුතු වේ ! (නි)
ඉතාමත් දුර්ලභ දර්ශනයක් (නි)
අනේ හරි හොඳ ඉම්පාලා. ආසයි දෙකකම. (අ)
මෙය අපුරු සිදුවීමක්. දැකගැනීමට ලැබීම හරිම දුර්ලභ දෙයක්. මෙහි වීඩියෝ පටය මෙතනින් බලන්න. ඔබත් ඒ ගැන සතුටුවනු නොඅනුමානයි. http://www.youtube.com/watch?feature=player_embedded (නි)
අපේ අයියෙක් වාහනය එලෙවුවා නම් ඉම්පාලාව ගෙදර ගෙනියනවා (නි)
මේ සතුන් දිවි රැක ගැනීම පිණිස දිවයන අන්දම ඉතාමත් සංවේදී දර්ශනයක්. මාංශ භක්ෂක සතුන්ට වනයේ අහිංසක සතුන් මරාගෙන කෑම හැර වෙනත් විකල්පයක් නැහැ. නමුත් මෙවැනි දර්ශන දකින මිනිසුන් මෙවැනි අහිංසක සතුන් තුලින් දඩමස් සෙවීම කෙතරම් පිළිකුල් සහගතද? (නි)
අනේ මට ප්‍රශ්ණයක් ආවා මේක කියවලා. ඉම්පාලා කොහොමද වාහනය ඇතුලට පැන්නේ? දොර ඇරලා තිබුණද? ඇරලා දුන්නද? ජනේලෙන් පැන්නද? එතකොට චීටා යනකන් ඇතුලේ හිටපු අය ඉම්පාලා එක්ක කොහොමද හිටියේ? මට තේරෙන්නේ නැහැ (නි)
සබ්බේ තසන්ති දණ්ඩස්ස, සබ්බේ බායන්ති මච්චුනෝ... " සියලු සත්වයෝ දඬුවමට මෙන්ම මරණයට බිය වෙති ". සම්මා දිට්ඨිය ලැබේවා!( නිවැරදි දැක්ම ) (නි)
අපේ රටේ මෙහෙම දෙයක් වුනොත් ඉම්පාලා පහුවෙනිදට බයිට් එකට ගන්නවා. ඌට යන්න වෙන්නේ පරලොව.(නදී)
අපේ අල්ලපු ගෙදර ඉම්පාලාවත් ඔහොම්මමයි .. (නි)
තිරිසන් අපාය කියන්නේ සතර අපා වලින් එකක්. මේක තමයි කියන්නේ එවැනි අපායන් වල සත්වයා නිරන්තර, බියෙන්, තැති ගැන්මෙන්, දුකෙන් (එහෙත් සැපයක් යයි අල්ලාගන) වෙසෙන බව. මෙලොව මනුෂ්‍යයන් වැඩි හරියක් මියගොස් අපාගතවන බව බුදු පියාණන් දෙසා තිබෙනවා. අපි සැප යැයි ගෙන තිබෙන දේ වල දුක්බව සහ නිසරු බව වටහා ගෙන සම්මා දිට්ටියට පත් වීමට උත්සාහ කරමු. (නි)
මට පේන්නේ මේකා ස්ක්‍රී ඉම්පාලාවත්. (නි)
ශානිකා, ඔයා කියන අල්ලපු ගෙදර ඉම්පාලා පනින්නෙ ඔයාලගෙ ගෙදරට නේද? (නි)
මේ ලින්ක් එක බලන්න http://www.youtube.com/watch?v=uD6wdrVFc0g (දී)