සම අයිතිවාසිකම් ලබාගැනීම වෙනුවෙන් හඬ නැඟූ නිසා තලේබාන් වෙඩි පහරට ගොදුරු වීමට සිදුවූ මලාලා යුසාෆ් සායිගේ ඝාතකයින් ලෙස අත්අඩංගුවට ගත් දස දෙනාගෙන් දඩුවම් ලබාදී ඇත්තේ දෙදෙනෙකුට පමණක් බව අනාවරණයවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇයට නොබෙල් තෑග්ග ද හිමි විය.
2012 වසරේ පාසල් බස්රියෙන් නිවෙස බලා යමින් සිටි මලාලාට එහි නැගුනු තලේබාන් තුවක්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරට ගොදුරුවීමට සිදුවූ අතර වහා ප්‍රතිකාර ලබාදීම නිසා ඇයගේ දිවි ගැලවිණ.වසය අවුරුදු 11 සිට අන්තවාදී කි‍්‍රයාකාරම් විවේචනය කරමින්,කාන්තාවන්ටද අධ්‍යාපනය ලැබීමට අයිතිය ඇතිය යන මතය සමාජය ඉදිරියට ගෙන යෑමට ඇය දරමින් සිටි ප්රයත්නය මේ සිදුවීමත් සමගම ලොව ඉදිරියේ අනාවරණය විය.ඇය පසුගිය වසරේ නොඛෙල් සාම ත්‍යාගයටද හිමිකම් කීවාය.
ඝාතන තැතට හවුල්වීයැයි සැකපිට පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පසුගිය වසරේ පවසා සිටි පකිස්තාන බළධාරීන් ඔවුන්ට එරෙහිව පැවැත්වුනු නඩු විභාගයේ තීන්දුව ගෙවුණු අප්‍රේල් මසදී ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ ඔවුන් දස දෙනාටම වසර 25 බැගින් වන සිරදඩුවම් පැමිණවූ බවය.
නමුත් අනාවරණයව ඇති ආකාරයට එසේ සිරදඩුවම් ලබාදී ඇත්තේ දෙදෙනෙකුට පමණි.අනෙක් අට දෙනාට එරෙහි නඩු විභාගය පැවැත්වී ඇත්තේද ඉතාම රහසිගතව බවත් එහිදී සිදුවන්නට ඇත්තේ කුමක්දැයි කියා දන්නා කිසිවෙකුත් නොමැති බවත් මේ සම්බන්ධයෙන් පළව ඇති මාධ්‍ය වාර්තාවන්ගේ සදහන්ය.
නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දක්වා ඇති එක් පකිස්තාන ආරක්ෂක බළධරයෙකුට අනුව පුද්ගලයින් දස දෙනා අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පකිස්තානයට මුහුණදීමට සිදුවූ අන්තර්ජාතික පීඩනය නිසාය.එයින් පසු තම කාරිය කළේ යැයි අතපිසදාගැනීමට පකිස්තානයේ වගකිවයුත්තන් කටයුතු කළේ යැයි ඔහු චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති පකිස්තාන බළධාරීන් පවසන්නේ මෙම පුද්ගලයින් 8 දෙනා නිදහස් කළේ ඔවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණු නිසා බවයි.

![0AECC52500000514-3111774-image-a-17_1433466428410[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/0AECC52500000514-3111774-image-a-17_14334664284101.jpg)
![1BE1FF3A000005DC-0-image-a-1_1433463401525[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/1BE1FF3A000005DC-0-image-a-1_14334634015251.jpg)
![159771FD000005DC-3111774-image-a-13_1433466043700[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/159771FD000005DC-3111774-image-a-13_14334660437001.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් වලට ඉහළ ලංසුවක්! (නි)
පකිස්ථාන බලධාරින් තමන් පිළිගන්නා ආගමික හා සමාජ ධර්ම අනුව කටයුතු කරලා තිබෙනවා. අන්තර්ජාතික පීඩනය නිසා බොරුවට දෙන්නෙක් සිරගත කර තිබෙනවා. ඇත්තටම ඔවුන්ට උගන්වා තිබෙන විධ්හට වැරදිකාරියයි මලාලා. බොහොමයක් ඉස්ලාමීය මාධ්‍ය ඇය බටහිර ගැත්තියක් විධිහටයි දකින්නේ.(නදී)
හැම එකක්ම කරන්නේ ඒගොල්ලෝ බේරගන. වටේම ඉන්න රටවල් තරහවෙලා .(ම)
පකිස්තාන හමුදාවේ හා ඔත්තුසේවයේ ඇතුලටම තලබාන් රිංගලයි තියෙන්නේ. (නදී)