එංගලන්තයේ කම්කරු පක්ෂ නායක එඩ්වඩ් මිලිබෑන්ඩ් මහතා විරෝධ කරුවකුගේ බිත්තර ප්රහාරයකට ලක් වීය. ජීවන වියදම ඉහළ යාම නිසා රජයට කරන ලද විරෝධතා පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ලන්ඩන් නුවර නැගෙනහිර වීදියේ වෙළඳපොළට පැමිණි අවස්ථාවේ ඔහුට බිත්තර ගසා ඇත.
පිටුපස සිටි අයකු බිත්තර හයකින් ඔහුගේ ඔළුවට පහර දී ඇත. තම දායකයන් හා සම්බන්ධ වීමට නිතරම අලූත් ක්රම සොයන බව රැස්ව සිටි පිරිස ඉදිරියේ ඔහු සිනාසී පවසා තිබේ.බිත්තර ගැසු අයට එරෙහිව ක්රියා නොකරන ලෙසද ඔහු පොලීසියට පැවසීය.
මෙවැනි බිත්තර ප්රහාරයකට මුහුණ දුන් ප්රථම අවස්ථාව මෙය නොවන බවත් 2012 වසරේද මෙවැනිම විරෝධතාවකදී ඔහු මෙවැනි අවස්ථාවකට මුහුණ දී ඇති බවත් සඳහන්ය.
”අද මා උණුසුම් ලෙස පිළිගත් නැගෙනහිර වීදී වෙළඳපොළේ සියලූ දෙනාට ස්තූතියි. බිත්තර සපයා ගැනීමට ඇති පහසුව මෙයින් ඔප්පු කර ගත හැකියි. යනුවෙන් ඔහුගේ ට්වීට වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වුනානම් ඉතින් අතුරුදහන් තමයි.(නදී)
ධනවාදී එංගලන්තය ද අසාර්ථක රජයක් වෙමින් පවතිනවා. (ස)
බිත්තර ගැහුවේ ජීවන වියදම ඉහළ ගිය නිසා මේකෙන් තේරෙන්නේ එංගලන්තේ මිනිස්සුත් ඉන්නේ බොහොම අමාරු තත්වෙක. ලංකාවට වඩා වේගෙන් ජීවන වියදම එංගලන්තේ ඉහළ යනවා.. මිනිස්සුන්ට ජීවත් වෙන්න බොහොම අමාරු තත්වයක ඉන්නේ. (ස)
අපේ කම්කරු පක්ෂවල නායකයන්ට කිට්ටු වීමට ගිනි අවි සහිත ආරක්ෂකයන් නිසා ජනතාවට බැරිය නැත්නම් ඔවුන්ට වෙන දේ ගැන ඔබලාට සිතාගත හැකි නේද ? (ස)
ලංකාවේ අහවලා ගැනනම් කතා කිරීමෙන් පලක් නැත. කුණු බිත්තර නෙමෙයි බෝම්බ ගැහුවත් ඔහු එතනම ඉදිවී (නි)
සුදු වෑන් එයිද? (නි)
කම්කරු පක්ෂ නායකයින්ට වෙන්න ඕන මෙන්න මේ වගේ දේවල්. මෙහෙත් කම්කරු පක්ෂ කීයක් තියෙනවාද.මෙන්න මේ අයටත් අර විදිහට සලකන්න ඕනේ පීඩිත ජනතාව..ලජ්ජා නැති කම මිසක් වෙන මොනවාද? (ස)
අපේ ක්රිකට් ක්රීඩකයන්ට බිත්තර වලින් ගහනවා කියපු අර කට්ටිය මේකට සම්බන්ධද දන්නේ නැහැ නේද? (නි)
අපි දන්නවා අයියයි මල්ලියි ගැන... (නි)
එයා සතුටු ඇති ගල් නොගහ බිත්තර ගහපු නිසා. ...බිත්තරෙකට ඔලුවක් පැලෙනවද නැහැනේ ? (ස)
මෙයාට ඇයි කුණු බිත්තර ගැහුවේ? (නි)
හා හා හා හා .....නියමයි.බැරිද අපේ අයටත් ගහන්න? (නි)
මෙයාගේ ඥාතියෙක්ද දන්නේ නැහැ ලංකාවට ඇවිල්ලා අපට ලෙඩ දැම්මේ? මොනවා වුණත් අපේ රටේ ඔහොම දෙයක් කළා නම් එදාම රැට සුදු වැන් එකකින් ප්රවාහන පහසුකම් දෙනවා (නි)
අපට කරගන්න බැරි වුණානේ මේ වැඩේ. (ස)
අපේ උන්ට මේවා මැජික්. මේක සැලසුම් කරලා ජනප්රිය වෙන්න කල දෙයක් හරියට අර ඉන්දියාවේ රාහුල ගාංඳි කෝච්චියේ යනවා වගේ. අනේ අම්මපා මුන්ට තාම සුද්දන්ගේ දේවල් වලට වන්දි බට්ටකම් කරන එක ඇතිවෙලා නැහැනේ.(නදී)
මෙය එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් ...මම හිතුවේ ඩේවිඩ් මිලිබෑන්ඩ් කියල....අර ඒ කලේ අපේ රටේ ප්රශ්ණ විසදන්න එංගලන්තේ ඉදල ආවේ.අන්න මිනිහට කුණු බිත්තර ගැහුවනම් තම හොද. මේ දෙන්න එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?(නදී)
කොහොමද, වතුර බෝතල් ගැහුවා කියලා කෙනෙක් මැරෙන්න ගියා. හැබැයි ගහන කෙනත් හිනා වෙලා, මිලිබෑන්ඩ් අයත් හිනා වේවි. සැළසුම් කරලා ගහලා වගේ. (නි)
මෙයා එංගලන්තයේ විපක්ෂ නායක. ලංකාවේ විපක්ෂ නායක වගේම තමයි. ලංකාවේ බිත්තර ගැහුවනම් ගහපු කෙනා අනුව දඬුවම වෙනස් නේ.(නදී)
ලංකාවෙ නම් බිත්තර ගහපු එකා විතරක් නෙමේ කිකිලියි කිකිලිගේ අයිතිකාරයයි ෆාම් එකයි ඔක්කොම ඉවරයි.(නදී)
මෙන්න රටවල්! බිත්තර ගහපු කෙනා 'ජොලියේ' ඉන්නවා.ලංකාවේ නම්...? (නි)
ඕක තමා ප්රජාතන්ත්රවාදය එහේ තියනවා කියන්නේ. ඔය බිත්තර පහර ලංකාවේ කෙනෙකුට වැදුනා නම් විනාශයි (නි)
ඔලුව රත්වෙලා නැතිව ඇති එංගලන්තේ සිතලය්නේ ලංකාවෙනම් ඔලුවේම ඔම්ලට් දාන්න තිබුණා........................ (දී)
අපේ අපි ඉල්ලුවොත් අපිට වෙඩි (දී)
මේක ලංකාවේ උනානම්, බිත්තර ගහපු කෙනා හිරේ. (ස)
ලංකාවේ මේ වගේ වැඩක් කළා නම්, ඒ අයගේ පරම්පරාවම ඉවරයි. (ස)
කුනුබිට්ටර මෙයට හොඳ වැඩි බවයි මගේ අදහස (දී)