අඟල් ගණනකින් වෙනසකින් පැමිණීමට තිබූ මරණයෙන් දිවි ගලවාගැනීමට තායිලන්ත රියැදුරෙක් සමත් විය.
අසල පිහිටි කන්දක සිට පාරට එකවනම කඩා වැටුණු මහගලක් මෝටර් රථය අසලටම පෙරැළී ආවේය.සියලූ දෙනා මෝටර් රථය පොඩි වේ යැයි බියෙන් බලා සිටියද ගල මෝටර් රථය මතට පෙරැළීමට ඔන්න මෙන්න තිබියදී නතර විය.මෝටර් රථයට පමණක් සුළු අලාභහානි සිදුවිය.
මේ සියල්ල පසුපසින් ආ රථයේ තිබූ කැමරාවක සටහන් විය.
තායිලන්තයේ මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා මෙවන් අනතුරු දායක සිදුවීම් වල ඉහළ යාමක් දක්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර අත්භවයක කරන ලද කුසල කර්මයක මහිමයකි (නි)
තායිලන්තය නෙවේ තායිවානය. (දී)
ඔබ හරි නිල්.පිනකිම්ම තමා බේරිලා තියෙන්නේ. (නි)
පින් පවු අනුව සියලු දේ සිදුවේ (නි)
ඇත්තටම පෙර පිනකින් තමා බේරිලා තියෙන්නේ.ඒ මනුස්සයාට වගේම බලාගෙන හිටපු අයටත් මොනවා හිතෙන්න ඇද්ද? (නි)
මේකේ අනික් පැත්ත ගැන සිද්ධියක් මට මතක් වෙනවා. මගේ හිතේ ගාලු පාරේ වැල්ලවත්ත හරියේදී මේක වුනේ. ගාල්ල දෙසටද කොහෙද යන වාහනේක රෝදයට අහුවුණ ගලක් උඩින් විසිවෙලා ගිහින් පාරමැද තිබුන ලයිට් කණුවක වැදුනා. ඊට පස්සේ ගල පාරේ අනික් පැත්තට විසිවෙලා කොළඹ දෙසට යන වාහනේක ඉදිරි වීදුරුව කඩාගෙන ඇතුලට ගිහින් රියදුරාගේ මුහුණේ වැදිලා බරපතල තුවාල වී ඔහු මැරුණා. හරි පුදුමයි, මරණය පැමිණෙන හැටි. (නි)
අනේ කාරෙකට සුළු අලාබහානි සිදු වෙලා....... (ස)
පිනෙ බලය....තායිලන්තයේ ජනතාව පිලිවත් රකින බෞද්ධ ජනතාව. (දී)