බෝම්බ පිරවූ රථයක් පදවාගෙන ගොස් මරාගෙන මැරෙන ප්රහාරයක් සිදුකිරීමට අණ ලැබෙන උස්බෙකිස්තාන තරුණයෙක් එම මෝටර් රථයට නැග කඳුළු සළණු සටහන්ව ඇති වීඩියෝ දර්ශන පෙළක් අන්තර්ජාලයට එක්ව තිබේ.
එම වීඩියෝ දර්ශනයන්හි සටහන්ව ඇති පරිදි ඔහු අවට සිටින්නවුන් ඔහුගේ පිටට තට්ටු කරමින් ඔහු සනසන්නට තැත් කළද ඒවායින් ඵලක් නොවේ.
අවසන ඔහු හඬමින්ම රථය පදවාගෙන යනුත් ඉලක්කය ආසන්නයේදී එය පුපුරුවා හරිනුත් වීඩියෝ දර්ශනයන්හි දැක්වේ.
මෙම තරුණයා සිරියාවේ අල් කයිඩා සංවිධානය හා එක්ව සටන් වදින අන්තවාදී කණ්ඩායමක සාමාජිකයකු බව අනාවරණයව ඇත. ප්රහාරය එල්ල කර ඇත්තේ එරට ෂුවා හා කෂ්රියෙහ් නම් ගම්මාන අත්පත් කරගැනීමට අල් කයිඩා සංවිධානයේ මෙහෙයුමක එක් අදියරක් ලෙස බව පැවසේ.
මියගිය තරුණයා තමන් මරාගෙන මැරෙන ප්රහාරයකට තෝරාගෙන ඇති බව දැනගන්නේ අවසාන මොහොතේදී බව වීඩියෝ දර්ශනයන් මුල සිටම නරඹන විට පැහැදිලි වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොනෙක් නේ. ඔච්චර අකමැති නම්, බලෙන් කරන්න කියනවා නම් ඔතනම පුපුරවාගෙන උනුන්ත් මරාගෙන මරුන නම් ඉවරනේ. (අ)
පහුගිය කාලයේ අපේ රටෙත් වුණු දේවල් නේද මේවා? අපි කොච්චර නම් බැටකෑවද? දැන් අපේ අයට ඒවා මතක නැති එකනේ පුදුමේ (නි)
අපේ රටෙත් මෙවැනි දේ සිදු වුනා නේද ගැහැනුන් පවා මරාගෙන මැරෙන බෝම්බ පිපිරෙව්වා නේද මතකද මන්ද අලුත් අයට.., ශ්රීමාල් ඔයා හරි දේ කියල තියෙනවා (බ)
පිස්සු මිනිස්සු.(හේ)
2009 දෙවැනි නිදහසට පෙර මෙරටත් මෙවැනි යුගයක් තිබුණා මතකයි (නි)
උපදින අනෙක් භවයක සැනසීම ඔබට ලැබේවා සොයුර! (නි)
මරණ බය කාටත් පොදුයි (නි)
මේ ගොන් වස්සට මොලයක් නැහැ ළඟ ඉන්න අය මරාගෙන මැරෙන්න (හේ)
මෙය හෙලා දැකිය යුතුයි.(හේ)
කවුද තමන්ගේ ජීවිතයට ආදරේ නැත්තේ? (නි)
ලොවට මරාගෙන මැරෙන හැටි බහුලව හඳුන්වා දුන්නේ අපේ රටේ සිටින දෙමළ කොටි සංවිධානයයි! ඒගොල්ලන්ගේ ජ්යාන්තර යාළුවොත් මේවාට වග කිව යුතුයි.(බ)
ඔය වගේ මිනිස්සුන්ට එකතු වුනාම ඔය වගේ ජිවිතෙන් වන්දි ගෙවන්න වෙනවා.(හේ)
මහ පොලොව නුහුලන අපරාද කරන මොවුන් ලගදීම කාලයකදී මහ පොළොවටම වැලලනු ඇත . (අ)
මෙයා බලහත්කාරයෙන් බඳවා ගත් කෙනක්ද ?(අ)
මම නම් අඬ අඬා ඉන්නේ නැහැ. ත්රස්ත කල්ලියටම හෙමිහිට වැඩේ දෙනවා (නි)
ඇඟිල්ල උස්සලා කියන්නේ මොකක්ද? (නි)
අනේ මෙහෙමත් හරක්. මුන්ටත් දුකවේදනාව දැනෙනවා නම් හිතන්න එපායැ මේ අයගේ පවුකාර වැඩවලින් දුක් විදින ජනතාවක් ඉන්නවා කියා.(අ)
මෝඩයෝ. (අ)
මෝඩ නූගතුන් මරනවා අහිංසකයෝ (බ)
අර ඇගිල්ලෙන් පෙන්වන්නේ එක් කන්යාවියක් ලැබෙන එක ගැනද? (බ)
සුර ලෝකේ කන්යාවියෝ ලබා ගන්න දරන වෙහෙසක තරම! (අ)