ඉන්දියාවේ ඓතිහාසික හා සුන්දර ස්ථානයන් පිලිබදව තොරතුරු ගෙනෙන ලංකාදීප එසැණ පසුගියදා එලිපන්ටා ගුහා (ගාරාපූර් ගුහා) දුපතට ගියේය.
එහි බෞද්ධ හා හින්දු ගුහා ඇත. හින්දු ගුහා පහකි. බෞද්ධ ගුහා තුනකි.
මහාරාස්ට්රයේ මුම්බායි නුවර වෙරළ අද්දර ඇති ගේට් ඔෆ් ඉන්දියා හා 2008 වර්ෂයේදී ත්රස්ත ප්රහාරයට ලක්වූ ටාජ් හෝටලය අසලින් බෝට්ටුවට නැගුණු අපි දුපත කරා පිටත්විමු. දූපතේ ගම් තුනකි. ප්රමාණය වර්ගකිලෝමීටර් 16කි. පෘතුග්රිසීහූ මුලින්ම මේ දූපත සොයා ගත්හ.
පැයක බෝට්ටු ගමනකින් පසු අපි එලිපන්ට් ටකෙව් දුපතට ළගා වීමු. මුම්බායි නුවර ශ්රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලයේ විසා භාර නිලධාරි වීරසේන හා ඉන්දියා අර්නෙග් කර්මාන්ත සමාගමේ අලෙවි කළමනාකරු විනෝද් ශර්මා ද මහත්වරුද ගමනට එක් වූහ.
දුපතට ගොඩබැස්ස අපට එකවර සිහිවුයේ බුදුන් වැඩි නාගදිපයයි. දුපත පහළ සිට මීටර් 300ක් පමණ ඉහළට ගියපසු ඓතිහාසික ශිව දේවාලයකි. සංචාරකයින් අතරින් අපි ගමන ඇරඹුවෙමු.
මග දෙපස කුඩා වෙළද සල්ය. මීටර් 300ක් ඉහළට නැගීමට අපහසු අය සදහා උදව් කරුවෝය.ලි දෙකක් මැද සවිකළ පුටුවක ඉදගත් පසු හතර දෙනෙක් ඔහු ඔසවාගෙන යති. එය ලංකාවේ පැරැණි දෝලාව සිහිපත් කරයි.
ඒ සදහා ඉන්දියා රුපියල් 350ක් ගෙවිය යුතුය. ඇතැම් යුරෝපිය හා ජපන් ජාතිකයින් විනෝදය සදහාද පුටුවෙන් උඩට යති. විශාල ගල් කුහර වල නෙළා ඇති ඇතැම් ශිව ප්රතිමා කැඩි ගොස් ඇත.
ලෝක උරුමයක් වන එලිපන්ට් ටකෙව් දුපතේ ඉපැරණි ශිව ප්රතිමා ගැන විනෝද් ශර්මා මෙසේ කීය. මේ ප්රතිමා වසර දහස් ගණනක් පැරණියි. ආගමික කැරලි වලදී මේවා විනාශ වෙලා ගිහින්. නමුත් යුනෙස්කෝ සංවිධානය මේවා රැකගන්න ලොකු වෙහෙසක් ගන්නවා.ඒ ගැන සතුටුයි.
බුදුන් දවස රහතන් වහන්සේලා වැඩ සිටි කන්නේරි ගමේ ගල් ගුහා 109 පිලිබදව ගෙනෙන වාර්තාව ඉදිරියේදී බලාපොරොත්තු වන්න.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අලි බලන්න හිතාගෙන ලිපිය කියවගෙන කියවගෙන පහතට ගියා. ඒ මොනවා වුණත් ලංකාදීපයට ස්තුතියි මේ වගේ වටිනා තොරතුරු අපිට ගෙනාවට (නි)
මම එය බලන්න ගිය මාසේ එහි ගියා. එහි අලි නැහැ. අලි දූපත කියන්නේ එහි හැඩයට. එහි එක විශාල පර්වතයක නිර්මාණය කරන ලද දේව ප්රතිමා රාශියක් තිබෙනවා.බලන්න වටිනවා. (නි)
වැදගත් ලිපියක් (නි)
ඉන්දියාව සහ අපි අතර තියෙන සංකෘතික කළා බැඳීම මනාවට පේනවා මේ සෙල් රුප දැක්කම. ගොඩක් ඒවා ලංකාවේ තියෙන ඒවාට සමනයි. එකක් තිබ්බ සිගිරි චිත්ර වගේ , ලංකා දීපයට බොහොම ස්තුති. (ස)
ඉතා අගේ කරනවා (නදී)
දහස් ගණනකට පෙර වසර නුඹේ කැටයම් .දකින්නට හැකි වුණා ලංකාදීපය නිසා.ඉඩක් ලැබුනොත් දිනක යන්නෙමි සිතාගෙන . තුති පුදමි මේ පුවත් අප නෙතට දුන් පිනට!(දිල්)
මේ වගේම තව තැනක් තියනවා බොරිවාලි පැත්තේ (නදී)
වසර ගණනක පෙර කැටයම් .දකින්නට හැකි වුණා ලංකාදීපය නිසා තුති පුදමි මේ පුවත් අප නෙතට දුන් පිනට. (ර)
මහබලිපුරම් වලත් මේ වගේ තියෙනවා. (නදී)