අඟහරු මෙහෙයුමේ යෙදීමට නියමිත ගගනගාමින් අඟහරු වෙත යන ගමන අතරතුරදී ‘‘හේමන්ත නින්දට‘‘ පත් කරවීම සම්බන්ධයෙන් නාසා ආයතනයේ අවධානය යොමුව තිබේ.
විද්‍යා ප්‍රබන්ධ,චිත්‍රපට ආදියෙහි ප්‍රධානම තේමාවක් වුවද සැබෑ ලෝකයේ මිනිසා තවමත් හේමන්ත නින්ද සම්පූර්ණයෙන්ම ජයගෙන නැත.
‘‘හේමන්ත නින්ද‘‘ යනු ගැඹුරු නින්දක් හා සමාන වන අතර එහිදී සිරුරේ පරිවෘත්තීය වේගය අඩුවේ.ඒ හා සමග හුස්ම ගැනීමේ වේගය,හෘද ස්පන්දනය ආදී කි‍්‍රයාකාරකම් වල වේගයද පහළ යයි.
මීයන්,වළසුන් වැනි සත්ත්වයෝ ස්වභාවිකවම ශිශිරතරණයට එළැඹෙන්නෝ වෙති.සීත සෘතුවේදී පරිසරයේ උෂ්ණත්වය පහළ යන විට ඔවුන්ගේ සිරුරු ඊට ප්‍රතිචාර දක්වනුයේ පරිවෘත්තීය වේගය අඩු කර සිරුර මේ තත්ත්වයට පත් කරවීමෙනි.මෙවිට ගැඹුරු නින්දකට එළැඹෙන එම සතුන් වසන්තයේදී පරිසර උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට නැගෙන තාක් කල් නොනැගිටී.
මේ නින්දේ අරමුණ වන්නේ ශීත කාලගුණයන්හිදී සිරුර උණුසුම් කර ගැනීමට අනවශ්‍ය පරිදි ශක්තිය වැය වීම වැළැක්වීමයි.
මෙම කි‍්‍රයාවලිය මිනිසාටත් ආදේශ කළ හැකිදැයි බැලීම නාසා ආයතනයේ අපේක්ෂාව වී තිබේ.ගගනගාමීන් ශිශිරතරණයට පත්කරවිය හැකි නම් අඟහරු වෙත යැවෙන අභ්‍යාවකාශ යානයට ආහාර ද්‍රව්‍ය තොග ගණනින් පැටවීමට අවශ්‍ය වනු නැතැයිද ඒ නිසාම පෙර සැළසුම් කළාට වඩා ප්‍රමාණයෙන් කුඩා නමුත් කාර්යක්ෂම යානාවක් තැනිය හැකිවනු ඇතැයිද නාසා ආයතනය කියයි.
අඟහරු වෙත යෑමට දින 180 ක පමණ කාලයක් ගතවනු ඇතැයි නිගමනය කර ඇත.
ගගනගාමීහු හේමන්ත නින්ද හෙවත් ශිශිරතරණයට පත්කෙරෙන ආකාරය සම්බන්ධයෙන් න්‍යායන් කිහිපයක්ම ඉදිරිපත්ව තිබෙන අතර ඒවා අතරින් නාසය ඔස්සේ යැවෙන ශීතකාරක ද්‍රවයක් මගින් සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් පහත බස්වා සිරුර ශිශිරතරණයට පත්කරවීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබේ.
මෙසේ ශිශිරතරණයට පත්කෙරෙන ගගනගාමීන්ට ආහාර සැපයීම පිටත සිට ධමනි වලට සම්බන්ධ කෙරෙන නාළ විශේෂයක් මගින් සිදුවනු ඇත.
ගගනගාමියා අවදි කරවීමට නාසයෙන් සැපයෙන් ශීතකාරක ද්‍රව ප්‍රවාහය නැවැත්වීම ප්‍රමාණවත් බව සදහන්ය.එවිට සිරුරේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට ඉහළ නැග ගගනගාමියා අවදි වනු ඇතැයි විද්‍යාඥයින් පවසයි.
ගගනගාමීන් කොටසක් ශිශිරතරණයේ පසුවෙද්දී තවත් කොටසක් වැඩෙහි යෙදිය යුතුයැයිද,සියලූදෙනා ශිශිරතරණයේ පසුව අගහරු වෙත පැමිණීමේදී අවදි විය යුතුයැයිද ආදී ලෙස අදහස්ද ඉදිරිපත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ කටයුතු සිදුකිරීමට නාසා විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් ආසයි "ස්පේෂ් ෂිප් " එකක ගිහිල්ලා එන්න. මේ සඳහා ඉදිරි පත් වෙන අය ගොඩාක් වාසනාවන්තයි. වෙනත් ලෝකයක අලුත් අත්දැකීමක් ජීවිතේට ලබාගන්න දකින්න මාත් ආසයි. (නදී)
මෙය සාර්ථක වුණොත් මිනිසාට ඕනෑම ග්‍රහලෝකයක් තරණය කිරීමේ හැකියාව ලැබෙනවා. ජයවෙවා! (නි)
අපේ රටේ ඉන්නවනේ සෑහෙන කට්ටියක් හේමන්ත නින්දට යවන්න සුදුසු. (නි)
අගහරු වෙත යාම මිනිස්සුන්ට සුදුසු නැත (නදී)
රජයේ කන්තෝරුවල ඉන්න ගොඩක් අය ඔය නින්දේ නිතරම ඉන්න නිසා මෙහෙ ආවා නම් නිකම්ම ඉගෙනගන්න තිබුනා. (නි)
අපේ පාර්ලිමේන්තුවේත් ඉන්නවා "හේමන්ත නින්දට" පත්වෙච්ච කට්ටිය.එයාලා නම් නැගිටින්නේ ඡන්දයක් කිට්ටු වෙනකොට. (නි)
එක පයින්ම අඟහරු වලට යන්න වගෙයි සූදානම (නි)
මේක විද්‍යා ප්‍රබන්ද වල මීට හුඟ කාලෙකට ඉස්සර තිබුන දෙයක්. මට නම් හිතෙන්නේ අපේ සමහර පුද්ගලික බස් වල යන මගීන්ට මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හරිම හොඳයි. මොකද සමහර ඒවා ඒ තරම්ම කාලයක් ගන්නවා. විශේෂයෙන් 192 වගේ ඒවා (නදී)
රූපවතී මමත් එනවා ඔයත් එක්ක යන්න (නදී)
ඔන්න රූපවති අක්කා ඉන්න රටකට වෙලා ඉන්න. අනේ අනේ අපේ රූපවති අක්කාටත් හිතන ඒවා! (නි)
මමත් රේණුක සමඟ එකඟයි (නි)
මමත් කැමතියි "හේමන්ත නින්දට" යන්න. මගේ මුළු පවුලම සමඟින් ජීවන වියදමට මුහුණ දෙන්න තියෙන හොඳම ක්‍රමය ඒක තමයි මම හිතන්නේ (නි)
මමත් කැමතියි නින්දට යන්න,, ජීවන වියදමට මුහුණ දෙන්න බැරි නිසා.(හේ)