අනවසර සංක්‍රමණිකයින් මර්දනය කිරීමට හොඳම ක්‍රමය ඔවුන් පැමිණි රටවලටම පිටමන් කර හැරීම බව ඕස්ටේ්රලියා අගමැති ටෝනි ඇබට් පවසයි.
ඔහු මේ බව පැවසුවේ පසුගියදා ඉතාලිය බලා පැමිණි අනවසර සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවක් අනතුරට පත්ව එහි සිටියෝ 900 ක් පමණ දෙනා දියෙහි ගිලී මියයෑම සම්බන්ධයෙන් තම අදහස් පළ කළ අවස්ථාවේදීය.
මේ දිනවල බි්රතාන්යය,ඉතාලිය වැනි යුරෝපා රටවල් අනවසර සංක්රමණිකයින්ගේ හා මිනිස් ජාවාරම්කරුවන්ගේ පාරාදීසයන් බවට පත්ව තිබෙන අතර මුහුදේදී අනතුරට පත්වෙන කවරෙකුහෝ බේරාගෙන තම රටට ගෙන ඒමේ ප්‍රතිපත්තියක් එම රටවල් අනුගමනය කරන නිසා සංක්‍රමණිකයින් ජීවිත අවදානමද නොතකා මෙම රටවල් වෙත පැමිණේ.
මේ බව හදුනාගත් ඉතාලිය එසේ පුද්ගලයින් බේරාගැනීමේ මෙහෙයුම් දියත් අවම කළද පසුගියදා පුද්ගලයින් 900 කට ආසන්න සංඛ්‍යාවක් දියෙහි ගිලී මරුමුවට පත්වීමෙන් පසු නැවත වරක් සුපුරුදු පරිදි මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගෙන ඇත.
ඕස්ටේ්රලියාව සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් අනුගමනය කරනුයේ මිට වඩා හාත්පසින්ම වෙනස් පිළිවෙතකි. රට වෙත පැමිණෙන යාත්‍රාවක් සංක්‍රමණිකයින් රැගෙන එන්නේ යැයි හඳුනාගත් පසු එම යාත්‍රාව අසලට යන ඕස්ටේ්රලියා වෙරළාරක්ෂක හමුදාවන්ට අයත් යාත්‍රා එය ඕස්ටේ්රලියා මුහුදු සීමාවෙන් පළවා හැරීම හෝ එම යාත්‍රාව පැමිණි දිසාවටම ඇදගෙන යෑම හෝ සිදුකරයි. කිසිදු අවස්ථාවක සංක්‍රමණිකයෙකුට ඕස්ටේ්රලියාවට පය තැබීමට ඉඩ නොතැබීම ඕස්ටේ්රලියාවේ ප්රතිපත්තියයි.
එරට වත්මන් අගමැති ටෝනි ඇබට්ගේ සංකල්පයක් අනුව කි‍්‍රයාත්මක වන මෙම වැඩපිළිවෙල නිසා ඔහු බලයට පත්වූදා පටන් මේ දක්වා කිසිදු සංක්‍රමණිකයෙක් ඕස්ටේ්රලියාවට ඇතුල්වී නොමැති බව සඳහන්ය.
අගමැතිවරයාගේ දැඩි තීරණ වලට ඇමරිකාව වැනි රටවල් විරෝධය පළ කළද මුහුදේ ගිලී මියැදෙන්නට හරිනවාට වඩා, ඕස්ටේ්රලියාවට ඇතුල්වීමට ඉඩදී ඕස්ටේ්රලියාවේ නිත්‍ය පදිංචිකරුවන්ගේ ජීවිත අවුල්කරනවාට වඩා, අනවසර සංක්‍රමණිකයින් ඔවුන් පැමිණි රටවල් වලටම රැගෙන යෑම සුදුසු බව ඔහුගේ මතයයි.බහුතරයක් ඕස්ටේ්රලියා ජනතාවද අගමැතිවරයා හා එකඟය.
යුරෝපයේ සංක්‍රමණික ගැටලූවට පිළියම් සෙවීමට ප්‍රධාන රටවල්හි නියෝජිතයින් පිරිසක් මෙම සතියේ හමුවීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම සමන්ජය ගේ කතාවට එකඟයි. හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම කියන්නේ රටවල් විනාශවෙන ජාවාරම්.(ස)
නාමල්,මේක ටෝනි ඇබට් ඕස්ට්‍රේලියානුවන්ගේ ඡන්ද ගන්න කියන කතාවක් නෙමෙයි. ඕස්ට්‍රේලියාවේ අනාගතය ගැන සිතා කියන කතාවක්.මෙවැනි කතා කිව්වා කියලා ටෝනි ඇබට්ට ලබන පාර ඡන්දයෙන් දිනන්න බැරිවෙයි. (නි)
නිපුන්, ඔයාගේ අදහසට මම කෙටියෙන් පිළිතුරු දෙන්නම්.මම සහ මාගේ පවුලේ උදවිය, අවුරුදු 23 ක කාලයක සිට ජීවත්වෙන්නේ සංවර්ධිත රටක.ඉතින් මට හොඳ අවබෝධයක් තියෙනවා සංක්‍රමිකයන් ගැන හා සරණාගතයන් ගැන.ඒ වගේම දියුණු රටවල දේශපාලුවන් සියල්ලෝම අවංක,නීතිගරුක නොවන බවත් සිතාගන්න.අවසාන වශයෙන් ඔබට කිවයුතුයි, මම සරණාගතයෙක් වශයෙන්,දැන් මා ජීවත්වෙන රටට නොපැමිනි බව.ඒ වගේම ඔයා දියුණු රටවල් ගැන දන්නා දෙයට වැඩිය නොදන්නා දේ බොහෝම බවයි මගේ හැඟීම. (නි)
ජාතිය ආගම් බලල නම් ඒ දියුණු රටවලට මිනිස්සු ගන්නෙ නැහැ කරුනාජීව. පොඩ්ඩක් ලෝකය ගැන හොයලා බලන්න.සුදුසුකම් තිබෙන ඕනෑම කෙනෙකුට ඇතුළුවෙන්න පුලුවන්. ප්රශ්නය වෙලා තියෙන්නේ අරාබි රටවල ඉඳලා නීති විරෝධීව යුරෝපයට එන අය, එන්නේ විභාග පාස්වෙලා, වීසා අරගෙන නෙමෙයි. බෝට්ටුවල නැත්නම් කන්ටේනර් වල හැංගිලා. (නි)
නිලුප,සංක්‍රමිකයන් ගන්නා සමහර රටවල් වලට ඔය ප්රශ්නය දරුණුවටම තියෙනවා.සමහර රටවල් එම රටවල් වලට ශ්‍රමිකයන් ගෙන්වා ගන්නේ ඉතා හොඳ සුපරීක්ෂා වකින් පසුවයි.[ප්‍රසිද්ධියේ නොකිව්වාට ජාතිය,ආගමික පසුබිම වැනි දේවල්] එංගලන්තය,ඔස්ට්‍රේලියාව අතීතයේ නොකරුවේද එම දේවල්ය.එයින් සිදු වුයේ,අන්තවාදී ආගමික අදහස් දරන පුද්ගලයන්ට එම රටවල් වලට ඇතුල් වීමයි.නමුත් ප්රශ්නය ඇතිවෙන්නේ ඊට අවුරුදු බොහෝ කලකට පසුවයි.ඉන් පසු එම රටේ උපදින ඔවුන්ගේ දරුවන්ද එම අන්තවාදී ආගමික අදහස් දැරීම ඉතා දරුණුම කාරණයයි.ඉන්පසු මේ භයානක මුල, සහමුලින් උදුරා දැමීමට එම රට වලට නොහැකි වීම භයානකම තත්වයයි.තුවාලය ඔඩුදුවා අවසානයි. (අ)
නිලුප, ඕස්ට්‍රේලියාව යනු ලෝකයේ සෑම රටකම සෑම ජාතියක්ම ජීවත්වෙන බහු සංස්කෘතික රටක්.දැනටමත් ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන සුදු ජාතික ඕස්ට්‍රේලියානුවන්ට වැඩිය පිට ජාතික වැසියන්ගේ ප්‍රමාණය වැඩියි.නමුත් ඕස්ට්‍රේලියානු රජය බුද්ධිමතුන් පුහුණු ශ්‍රමිකයන් රටට ගෙන්වීම නවතා නැහැ.එම රජය අවුරුද්දකට ලක්ෂ ගානක පිරිසකට ස්ථිර පදිංචිය සඳහා දැනටත් වීසා නිකුත් කරනවා.ඕස්ට්‍රේලියාවේ අනාගතය සමෘධිමත් කිරීමට නම්,බුද්ධිමතුන් පුහුණු ශ්‍රමිකයන් රටට අනිවාර්යෙන්ම අද්දවා ගතයුතුයි.නමුත් මේ දෙයත් කිවයුතුයි.සරණාගතයන් යැයි කියාගන්නා කිසිම දැනුමක්,උගත්කමක් නැති පුද්ගලයන්ට නම් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමේ දොරටු වැසීගෙන යන බව. (නි)
බෙනට් ඔබ හරි ,බහුතරයක් සුදු ජාතිකයෝ ලෝක හොරු .(අ)
සමන්ජය ඔය ප්රශ්නය සංක්‍රමණික අය ගන්න හැම රටකටම නැහැනේ. (ස)
ඇත්ත කතාන්දරය සුදු මිනිසුන් බයයි. සුදුමිනිසුන්ගේ ජනගහනයට වැඩිය පිට ජාතීන්ගේ ජනගහනය ඕස්ට්‍රේලියාවල වැඩි වේ කියල. වැඩේ කියන්නේ අමාරුවෙන් හරි ඕස්ට්‍රේලියා අාපු ලංකාවේ අයත් තව තමන්ගේ මිනිහෙක් එනවට කැමති නැහැ. (ස)
මේක ටෝනි ඇබොට් ඕස්ට්‍රේලියානුවන්ගේ ඡන්ද ගන්න කියන කථාවක්... අනවසරයෙන් එන සියල්ලෝම ත්රස්තවාදීන් හෝ අපරාධකරුවන් නොවේ... ඕස්ට්‍රේලියාවට හා යුරෝපයට අනවසරයෙන් ඇතුලුවී අද බොහොම සාර්ථක, නීතිගරුක ගතකරමින් ඒ රටවලටත් බදු ගෙවමින් ජීවත්වෙන ආසියානු මිනිස්සු(සිංහලයින්ද ඇතුලුව) ඔනෑතරම් ඉන්නවා. (ස)
කොච්චර කිවුවත් මිනිස්සු අහන්නේ නැති එකනේ වැඩේ (නි)
නාමල් නොදන්නා දේවල් නොකිය ඉන්නවද. ඔය වගේ ආපු කට්ටිය නිසා තමයි සාමකාමිව තිබුණු ඕස්ට්‍රේලියාවටත් ත්‍රස්තවාදී කරදර උග්‍ර වෙලා තියෙන්නේ. විදේශීය පුවත් බලන්න මොකද දැන් ඔස්ට්‍රේලියාවට වේගෙන යන්නේ කියලා. පිටරටින් ඔය ඔස්ට්‍රේලියාවට වගේ ආපු කී දෙනෙක් මැදපෙරදිග ත්‍රස්තවාදී කණ්ඩායම් වලට එකතුවී දැන් සටන් කරන කරනබව ඔයා දන්නවද ? සමහරු අවුරුදු 16-17 වයසේ ගැහැණු, පිරිමි ළමයි. ඔවුන්ගේ දෙමව්පියෝ දන්නෙත් නැහැ එම දරුවන් රටින් පිට වෙනකම්. ඔන්න ඕකයි දැන් ඕස්ට්‍රේලියාවේ තත්වය. (ර)
තිත්ත ඇත්ත (ත)
ටෝනි ඇබෙට් හරි. (බ)
මේ සුදු හම තියෙන අයට 1400 - 1500 ගණන් වල රටවල් වලට බලෙන් ඇතුළු වෙලා ඒ රටවල් යටත් කරගන්න හොදයි .. රස්සාවක් හොයාගෙන යන කෙනෙක් රටට ඇතුළු වෙන එක තමයි නරක ..(බ)
නාමල්, ඔයා ඉන්නේ ළිදක් ඇතුළෙද කොහෙද? (ර)
නාමල්, ඔයා වගේ හොරෙන් පැනපු අය නිසා තමයි ලංකාවේ මිනිස්සු දිහා වපර ඇහෙන් බලන්නේ (නි)
අවාසනාවකට ලංකාවෙන් යන බහුතරය ගැන කියන්න හොඳක් නැහැ.එයයි යථාර්ථය (නි)