දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන ඉරිදා (15) සිදු කිරීමට නියමිතය.
මැන්ඩෙලාගේ අභාවය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ දින දහයක විශේෂ ශෝක කාලයක් නම් කර ඇතැයි එරට ජනපති ජාකෝබ් සූමා කියයි. බොහෝ රටවල්ද ශෝක දින නම් කැර ඇත.
ලබන අඟහරුවාදා (10) මැන්ඩෙලා සැමරීමේ ජාතික උත්සවයක් පැවැත් වෙන බව ද ජනපති සූමා පවසයි.
බදාදා (11) සිට සිකුරාදා (13) වැනි දා දක්වා මැන්ඩෙලාගේ දේහය එරට ජනපති මැදුරේ තැම්පත් කර තැබීමට නියමිතය.
ඇමෙරිකා ජනපති බරක් ඔබාමා සහ බිරිය මිචෙල් ලබන අඟහරුවාදා ජොහැන්ස්බර්ග් බලා පිටව යන බව ධවල මන්දිර ආරංචි කියයි. ඇමෙරිකාවේ හිටපු ජනපති ජොර්ජ් ඩබ්ලිව් බුෂ්ද මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීමට යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද අවමඟුලට සහභාගී වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය ඒකකයට වැඩ තියේවි පොටෝ ෂොප් එඩිටින් කරන්න තියේවි ගොඩක් (ස)
ඔබට නිවන් සුව ! (ස)
මෙතුමාගේ කැපවීම සහ ධෛර්යය මම අගය කරමි (නි)
නිවන් සුව පතමි (නි)
අපේ ජනාධිපති තුමා ත්‍රස්තවාදයෙන් රට එක්සත් කරපු එක මැන්ඩෙලාගේ වැඩ වලට වඩා උතුම් දෙයක්!! අචිනි අඟේ ඉඳන් කන කන්න හදන්න එපා. (ස)
චන්ද්‍රා ඔයා හරියට හරි. අපේ කම අපේ අයට කවදා පිහිටයිද මන්දා.(නදී)
මැන්ඩෙලාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා. නමුත් මැන්ඩෙලාගේ දේශපාලන පක්ෂයෙන් අපේ රටට උන සෙතක් නැත. ඔවුන් සුද්දන්ට විරුද්ධව සටන් කරන කොට අපි නිතරම ඔවුන්ගේ පැත්ත ගත්තෙමු. නමුත් ඔවුන් බලයට ආපසු අපිට පිටුපා කොටි ඩයස්පෝරාවට එකතු වී අපිට විරුද්ධ කල්ලියට එකතුවී ඇත . (නදී)
මෙතුමාගේ කැපවීම සහ ධෛර්යය මම අගය කරමි.(නදී)
ඔබට නිවන් සුව ! (මම විශ්වාසකරන ආගම අනුව) (ස)