නෙල්සන් මැන්ඩෙලාගේ අවමගුලට ලෝක නායකයින් රැසක් සහභාගී වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ඇමරිකා, චීන, බ්‍රසීල, ඉන්දියා, කියුබා වැනි රටවල රාජ්‍ය කායකයින් රැසක් අවමගුල් මෙහෙය අතරතුරදී කතා පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කී මූන්ද විශේෂ කතාවක් පවත්වනු ඇත.
බ්‍රිතාන්‍යය, පකිස්තානය, ජපානය, ප්‍රංශය, මෙක්සිකෝව වැනි රටවල රාජ්‍ය නායකයින්ද නෙල්සන් මැන්ඩෙලාට අවසන් ගෞරවය දැක්වීමට පැමිණීමට නියමිතය.
විවිධාකාර දේශපාලන මතිමතාන්තර හා අදහස් දරන රාජ්‍ය නායකයින් රැසක් එකම වේදිකාවේ මෙසේ දැකගත හැකි වනු ඇත්තේ බොහෝ කාලයකට පසුය.
මෙයින්ම නෙල්සන් මැන්ඩෙලා යනු කවුරුන්දැයි ඕනෑම කෙනෙකුට සිතා ගත හැකි බව විචාරකයින් කියයි.
නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු අද (10) දිනයේදී සිදු කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක ඉතිහාසේ පළමු වතාවට වෙන්නැති මේ තරම් රාජ්‍ය නායකයින් පිරිසක් අවමගුල් උත්සවයකට සහභාගී වන්නේ. (ස)
ඔබතුමා මතු මත්තේදී අපේ හෙල භූමි තලයේ උපදීවායි මම පතමි. (ස)
එතකොටවත් දයාට අපේ පොළොවේ පය ගහලා ඉන්න බැරි යැයි නේද ? (නදී)
අපේ නායක තුමත් යනවා කිව්වා නේද? තව එයත් එක්ක කී දෙනෙක් යයිද? (නදී)
පිටබැද්දර මෙවැනි මිනිසුන් උපදින රටත් වාසනාවන්තයි. (ස)
මැන්ඩෙලා හිර කරලා තිබුණු රෝබන් දුපත තියෙන්නේ කේප් ටවුන් වෙරළට පෙනෙන මානේ. හිරකාරයන්ට පීනලා බේරිලා යන්න පුළුවන්. එළිමහන් සිරකරුවන් එසේ නොකළේ ඇයි කියා කාට හරි කියන්න පුලුවන්ද ? (ස)
ඒකනේ දයා , ඔයා වැරදි රටටනේ ගිහින් තියෙන්නේ (නි)
නෙල්සන් මැන්ඩෙලා ගැන වැදගත් විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් පුලුවන් නම් ලියන්නකෝ (නි)