අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් මුදාගැනීමට පෞද්ගලිකවම මැදිහත්වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ලිපියක් යොමුකරමින් ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා අත්අඩංගුවේ ඉන්දීය ධීවරයින් සහ ධීවර යාත්‍රා 103 ක් ඇති බවත් ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන්න ලෙසයත්ය.
තමිල්නාඩු ධීවරයින්ට කච්චතිව් මුහුදු ප්‍රදේශයේ ගැටළුවකින් තොරව ධීවර කටයුතුවල කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ද ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවල් දෙකම කන්න හදන ජාතිවාදී කාන්තාවක්.(හේ)
ඔය උතුරේ ඉන්න පංගුබේරු හෙන්චයියලට පුළුවන්නේ ජයලලිතාගේ කට වහන්න දෙකක් කියන්න. ඇයි මෙයාලා එහෙම කට අරින්නේ නැත්තේ උන්දැට විරුද්ධව?තමන්ගේ මිනිසුන්ට විරුද්ධව නේද මේ ඔක්කොම නාඩගම් මේ ලලිතා කරන්නේ? (බ)
මේ අයගේම ධීවර බෝට්ටු වලින් අපේ මුහුදේ මසුන් මැරීමට එන්න එපා කියා එයාගේ ධීවරයන්ට කියන්න බැරි මොකද ? (නි)
හනේ මේ සහජීවන නන්දලාල් නේද ? ඔයා කිව්වොත් නම් ඕන කෙනෙක් අහයි(රේ)
මෙයාලට ලියුම් ලියන එක ඇරෙන්න වෙන වැඩ නැද්ද මන්දා (නි)
ඔය ඉල්ලීම කරන ලිපියේ පිටපත් මුද්‍රණය කරලා තමන්ගේ ජනතාව අතරේ බෙදාහැරියා නම්, ‘ලංකාව පැත්ත පළාතේ යන්න එපා‘ කියලා, ඊටවැඩිය වටින්නේ නැද්ද? (නි)