මෙම මස තෙවැනි සතියේ සිට ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 69 වැනි මහා සමුළුව පැවැත්වෙන කාලය අතරතුරදී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකා ජනපතිවරයා එළැඹෙන 25 වැනිදා සමුළුව ඇමැතීමට නියමිත අතර ඉන්දියා අගමැති මෝදි සමුළුව අමතනු ඇත්තේ 27 වැනිදාය.
දෙදෙනාම සමුළුව ඇමැතීමෙන් පසු සාකච්ඡා පැවැත්වීමට ඉඩ ඇතැයි සඳහන්ය.
සාකච්ඡාවේදී සැළැකිල්ලට ගනු ඇතැයි සිතිය හැකි කරුණු ගැනද මත ඉන්දියා මාධ්‍ය මත පළ කර තිබේ.
ඒවාට අනුව සාකච්ඡාවේදී ප්රධානකොටම සැළැකිල්ලට ගැනෙනු ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිඹදවය.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් හා අගමැති මෝදි අතර පැවැත්වුණු හමුවේදී සාකච්ඡාවට බදුන්වූ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනපතිවරයා දැනුම්වත්කිරීමද මෙහිදී සිදුවනු ඇතැයි සදහන්ය.
හමුවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව ඇපකැපවී ක්‍රියාකරනු ඇතැයි මෝදි ඔවුන්ට සහතිකවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේරළයෙන් ගංජා, ලංකාවෙන් රත්‍රං ප්‍රවාහනයත්, මුහුදු සීමාවල මසුන් ඇල්ලීමත් දෙරටේ ප්‍රශ්නයක්. 13 ව්‍යවස්ථා ප්‍රශ්නයද අප විසින් විසඳාගත යුතු ප්‍රශ්නයක්. (නි)
අපේ රටේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන හෝ නොකරන එක අපේ වැඩක්නේ. ඇයි වෙන රටවල් ඒකට ඇඟිලි ගහන්නේ. (නි)
කාටවත් අපේ රටේ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න අයිතියක් නැහැ.ඒවාට අපේ රටේ උගතුන් ඉන්නවනේ. (නි)
මෝඩි ලංකාවේ ප්‍රශ්න විසඳන්න එන්නේ ඉන්දියාවේ ප්‍රශ්න විසදලා ඉවරවෙලාද නැතිනම් ඉන්දියාවේ ප්‍රාන්තයක් කියල හිතාගෙනද? (අ)