සිරුරේ මසට කාවැදී සිරවී තිබුණු රැහැනක් නිසා වේදනාවෙන් පීඩා විදිමින් සිටි යෝධ මඩුවෙක් පිහිටක් පතා කොස්ටාරිකාව ආසන්න මුහුදේ කිමිදෙමින් සිටි කිමිදුම්කරුවන් පිරිසක් අසලට පැමිණියේය.
කිමිදුම්කරුවෝ මුලින් බියට පත් වුවද මඩුවාගේ සිරුරේ පැටලී තිබූ රැහැනද,එය ඉවත් කරන්නැයි ඉල්ලන අයුරින් මඩුවා අවට පිහිනූ අයුරුද දුටු විට ඔවුන්ගේ බිය පහ විය.
මඩුවා පිහිනමින් සිටියදීම කිමිදුම්කරුවෝ රැහැනෙන් අල්ලා ඇද එය ගලවා දැමූහ.
තමන් මිදුණු බව දැන කරණම් කිහිපයක් ගසා සතුට පෙන්වූ මඩුවා වෙනතක් බලා පිහිනා ගියේය.
මඩුවාගෙන් ගලවාගත් රැහැන කිමිදුම්කරුවන් අත සුරැකිව රැදී තිබුණි.එය මේ පුදුම අත්දැකීමේ සිහිවටනයක් ලෙස ඔවුහු තබා ගත්හ.
මේ සියල්ල වීඩියෝ පටිගත කිරීමටත් කණ්ඩායමේ සිටි කිමිදුම්කරුවෙක් සමත් වූවේය.එම වීඩියෝව දැන් අන්තර්ජාලයට එක්කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප එකිනෙකා ඇන කොටාගන්න කාලයක මේ සතෙකුට පවා කරුණාව දැක්වූ යහපත් මිනිසුන් අපිට ආදර්ශයක්. (නි)
අප එකිනෙකා ඇන කොටාගන්න කාලයක අපිට හොඳ ආදර්ශයක්. (නදී)
හිතන්න පුළුවන් මාලුවෙක් මඩු මාලු කෑම නතරකරමු (අ)
මඩු මාලු කෑම නතර කරමු කීවට "ලංකාවේ එක එකාගේ මාළු කන එක" නතරවෙන්නේ කවදාද ? (නදී)
මඩුවාට පමණක් නොව සෑම පන ඇති සත්වයෙක්ම මරණයට බියයි, එම නිසා තමන් තමා ගැන සිතමින් අනෙකාද තමන් මෙන් සිතන්න කියා මම සාමාන්‍ය පෙළ පන්තියේදී ධම්ම පදයෙන් ඉගෙන ගතිමි. සතුන් සැමවිටම පහර දෙන්නේ බිය නිසාය. සතුන් ගැන උනන්දුවෙන් ඉන්නේ නැතිව පාඩුවේ සිටිනම් උන්ගෙන් පහර ලබන්නේ නැත.(අ)
හ්ම්ම්ම්, හොද වෙලාවට මු ආනමඩුව පැත්තට ඉපදුනේ නැත්තේ? (නදී)
මේ මත්ස්‍යා උදව්වක් ලබා ගත හැකි තැනකට ඒමට තරම් බුද්දිමත් වීම ගැන පුදුමයි. (නදී)