අමුතු තාලයේ පාපැදි විවාහයක් පිළිබඳව චීනයේ බෙයිජිං නුවරින් වාර්තා වේ. මානාළ යුවල 16ක් මංගල ඇඳුම් ඇඳ පාපැදි වලින් විවාහ උත්සවය පවත්වන ස්ථානය කරා ආහ.
මෙහි සෑම යුවළක්ම එක සමානය. සෑම මනාළියක්ම වේල් දමා සුදු මංගල ගවොම් ඇඳ, රතු සහ රෝස මිශ්‍ර මල් කළබක්ද අතැතිව පාපැදිය පිටුපස අසුනේ මනාළයා සමග පැමිණියහ.
මෙලෙස එල්ලා වැටෙන ගවුමක් ඇඳ සිටින මානාළිය රැගෙන පාපැදිය පැදගෙන යාම අමාරු කාර්යක් වූ බව මනාළයෝ පවසති.
මෙම මංගල්‍ය මෙලෙස පැවැත්වූ හේතුව තවමත් අනාවරණය වී නැති අතර මෙම මනාළියෝත් මනාළයෝත් උපාධිධරයෝය.දුෂ්කර ගම්මාන වල ස්වේච්ඡා සේවයේ යෙදෙන්නෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ විශ්ව විද්‍යාල සිසුන්, ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් ගමන් කරනුයේ මෙම බයිසිකලයෙනි. බයිසිකලය සාමාන්‍ය ජනතාවගේ වාහනයයි. කාරයක් මිලදී ගත හැකි වන්නේ ඉහළ ධනවතුන් සුළු පිරිසකට පමණි. (නි)
ලස්සන කලාවක්. ලෝකෙට ගැළපෙන සරල ජිවිතයක්. අපිත් මෙවන් ආදර්ශයක් ගනිමු අපේ ජිවිත වලට (නි)
දමිත්, අවංකවම කියනවා නම්,ජිවිතේ දැකපු සුන්දරම දසුන. බලන්නකෝ මෙයාලගේ මුහුණුවල තියෙන හිනාව!ලස්සනම ලස්සන කලාවක්. ඇත්තමයි හරිම ආදර්ශමත් නේද? මමත් මෙහෙම කරන්න බලන්න ඕනෑ (ලබන ආත්මේ) (නි)
ලස්සනයි (නි)
සුභ පැතුම්, නියමයි!(නදී)
මම මේ පිතුරය කොපි කරලා තියාගත්තා. හරිම සුන්දර මෙන්ම දවසින් දවස විච්චුර්ණ පස්සේ දුවන ලෝකේ කාටත් හොඳ ආදර්ශයක් මෙය. ඔවුන්ගේ ඊමේල් ලිපිනයවත් දන්නවා නම් මම සුභ පතා ලිපියක් යවනවා. (නදී)
මගේ අම්මෝ අපේ රටේ ඉන්න උද්දච්ච මිනිස්සු එක්ක මේවා වගේ සමාජයක් ඇතිකරන්න හීනයක් පමණි.(නදී)