මුහුදු වෙරළේ විවාහ ඡායාරූප ගනිමින් හිටි හෙදියක වූ මනාලියක මුහුදේ නාමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා මරණාසන්නව සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙසුණාය.
දියේ ගිළී සිටි මේ පුද්ගලයා වෙරළට රැගෙන එන විට ඔහු හුස්ම ගනිමින් සිට නැහැ. උතුරු චීනයේ ලිසොනිං ප්‍රාන්තයේ රෝහලක හෘද ඒකකයේ රැකියාව කරන මේ හෙදිය පුරා විනාඩි 20ක් මේ පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීමට අපමණ වෙහෙසක් ගත්තද අවසානයේ ඔහු මිය ගියේය.
ගුඕ නම් එම හෙදියගේ පෙම්වතා කියනුයේ ඇය වැනි බිරියක ලැබීම ගැන ආඩම්බරවන බවයි.
‘මරණාසන්න පුද්ගලයෙක් සිටිනා බව දැන ගත් විගස ඇය මටත් වඩා වේගයෙන් පීනා ගියා‘ ඔහු පවසන්නේ සංතෝසයෙන්.
ගුඕ ගේ මේ ක්‍රියාව දුටු වටේ සිටි පිරිස ‘ලස්සනම මනාලිය‘ නමින් ඇය හැඳින්වූහ.
(ඡායාරූප - අන්තර්ජාලය ඇසුරිනි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම වාසනාවන්ත මනාලියක් ඔබට සුබ අනාගතයක් (ම)
මගුල් දවසේ අත්විඳින්නට වුන සිද්දිය අවාසනාවන්ත වුනත් සිතිවිල්ල උතුම් නිසා ඒ දෙන්නගේ විවාහ ජිවිතයට වාසනාව සතුට , සම්පත් ගලා එන්න කියා ප්‍රාර්ථනා කරනවා ..(හේ)
මොකද්ද බෙනට් මැරෙන එකේ තියන " අවාසනාව " එක මේ ලෝකේ හැම සත්වයෙකුටම පොදු සුන්දර ? දෙයක් " කුමක්ද මරණය ? - අස්ථිර සුසුමක් නැවත නො එන සේ සුළඟට දන්දීමයි " (බ)
මෙහෙ ඉන්න හෙදියන්ට හොඳ පාඩමක්. සමහරු හරියට කතාකරන්නවත් දන්නෙ නැහැ ලෙඩෙකුට (නි)
ජාත්‍යන්තර වශයෙන් මේ අය ඇගයීමට ලක් කරන්නට ඕන..හරීම ආදර්ශවත්...(ම)
එහෙම තමයි ජීවිත ආරක්ෂක නිලධාරීන්. තැනක් නොතැනක් වෙලාවක් කලාවක් නැහැ ජීවිතයක් බේරගන්න. (අ)
හොද ආදර්ශයක් (අ)
21 වැනි සියවසේ ආදර්ශවත්ම හෙදියත් - මනාලියත් ඇයමයි .(අ)
මෙහෙ ඉන්න සමහර හෙදියෝ අමාරු ලෙඩෙක් ඉස්පිරිතාලේට ගෙනාවත් ඇහක් ඇරලා බලන්නේවත් නැහැ , (අ)
මෙයාගේ පින්තුරයක් අපේ රටේ හෙදියන් අතර බෙදාහරින්න .(අ)
මෙවෙනි හෙදියන් ලොවටම වාසනාවන් (අ)
මෙවැනි බිරින්දෑවරුන් ලබන සැමියන් හරිම වාසනාවන්තයි. ඒ දෙපලගේ යුග දිවියට සුබ පතමු! සුබ මංගලම්! (නි)