බටහිර රටවල් හි පැවැත්වෙන සාකච්ඡා හා සමුළුවලට තමන්ට ආරාධනා නොලැබෙන්නේ බටහිර පාලකයින් තමන්ට බිය නිසා බව සිම්බාවේ ජනපති රොබට් මුගාබේ පසුගියදා ජනහමුවක් අමතමින් පැවසීය.
රොබට් මුගාබේගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපයන් නිසා ඇමරිකාව හා යුරෝපා සංගමය ඔහුට යුරෝපයට හා ඇමරිකාවට පැමිණිය නොහැකි වන පරිදි සංචාරක තහනමක් පනවා තිබෙන අතර එම රටවල ඇති ඔහුගේ දෙපළද රාජසන්තක කර ඇත.
මුගාබේට මානව හිමිකම් කඩකිරීමේ චෝදනා,චංචා චෝදනා,ආදී නිමක් නැති චෝදනාවන් නැගී තිබුණද ඔහු තවමත් සිම්බාවේහි ජනපති අසුන හොබවයි.
ජනහමුවේදී මුගාබේ ඔහුගේ ආධාරකරුවන් අමතමින් ඔවුන්ගේ සවිය නිසා නොවන්නට මෙසේ බටහිර බිය ගන්වන පාලකයෙකු වන්නට තමන්ට කිසිදිනෙක හැකියාව ලැබෙන්නේ නැතැයි කියා සිටියේය.මුල් අවස්ථා වලදී ඔවුන්ගෙන් තමන්ට ආරාධනා නොලැබුණු විට සිම්බාවේ ලොවෙන් කොන් කර ඇතැයි සිතුනද දැන් ඔවුන් තමන් මගහරින්නේ බිය නිසා බව තමන්ට තේරුම් ගොස් ඇතැයිද ඔහු පැවසුවේය.
සිම්බාවේහි ඉතිරිව සිටින සුදු ජාතිකයින් ඔවුන්ගේ රටවල් බලා යා යුතුව ඇතැයිද ඔහු කීවේය.ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ කාලයේ මෙන් නැව් නොව දැන් සිම්බාවේට කෙටි කාලයකින් තවත් රටකට ළගා විය හැකි ගුවන්යානා තිබෙන බවද ඒ එකකින් ඔවුන්ව ගෙනයා හැකි බවද ඔහු පැවසුවේය.මුගාබේගේ කි‍්‍රයාකලාපය හමුවේ සිම්බාවේහි සිටි සුදු ජාතිකයින් බොහෝ දෙනෙක් දැනටමත් රට හැරගොස් ඇති අතර ඉතිරිව සිටින්නේ 300 ක් වැනි ප්‍රමාණයක් බව සඳහන්ය.
90 හැවිරිදි මුගාබේ තමන්ගෙන් පසු ජනපති අසුන තම බිරිඳට ලබාදීමට යන පුවතක්ද පසුගිය සමයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට විපරම් කරලා බැලුවොත් මුගාබේ විතරක් නෙවෙයි ඔය ජාතියේ ජනාධිපතිවරු තවත් ඉන්නවා මේ ලෝකේ. ඒ අයගේ පැවැත්ම තියෙන්නෙත් ඔය වගේ බොරු දේශප්‍රේමී කමත් ඒවාටම හරියන අනුමත කරන අසංවේදී මෝඩ මහජනතාවකුත් ඉන්න රටවල කියන එක තමයි පොදු සත්‍ය. (නදී)
නික්, ඔබ කටේ මසුරන් දාන්න වටිනවා.ඔය ටික අපේ ජනතාවට තේරුම් ගන්න බැරි හැටි. (නි)
අපි ඔබතුමාගේ බැංකු ගිණුම් ගැන එහෙම අහලා තියනවා. (නි)
ඒකාධිපතියෙකුගේ පැවැත්ම ඇත්තේ ජනතාව අඳුරේ සිටිනතාක් පමණි (නි)
ඉඩි අමීන්,රොබට් මුගාබේ ,නෙල්සන් මැන්ඩෙලා ,ආදීන්ගේ කටවල් නිසාම අප්‍රිකානු රාජ්‍යයන් බටහිර ජාතීන්ගෙන් බේරා ගත්තා.කොංගෝවේ අගමැති පැට්රික් ලුමුම්බා ඝාතනය මතක ඇතිනේ (නදී)
අනේ අපේ අයගේ බැංකු ගිනුමුත් වහයිද ? (නදී)
ගාමිණී, නෙල්සන් මැන්ඩෙලා, ලුමුම්බා වැනි ශ්‍රේෂ්ට නායකයින් සමග ඉඩි අමින්, මුගාබේ යන ඒකාධිපති, ම්ලේච්ච කුරිරු පාලකයන් සම කරන්න තරම් පහත් තත්වයකට වැටෙන්න එපා. (නදී)
මුගාබෙගේ කතාවේ අැත්තක් තියනෙවා. ඔහු සියයට සියයක්ම හරි නොවෙන්න පුළුවන්. නමුත් සුද්දන්ගෙන් රට බේර ගත්තා. නැතිනම් සුද්දෝ තමයි ඒ රටටත් පාලනය කරරන්නේ. සුද්දන්ට සිම්බාබ්වේ හුරගෙන කන්න බැරි නිසා ප්‍රශ්න ඇති කරනවා. මානව හිමිකම් නැත්තේ සුද්දන්ට කත් අදිනවා නම් විතරයි. (නදී) මුගබෙට ජය වේවා.
මහී , ඔබ කියන්නේ ඇත්ත. ඒත් ඒක මෙතන ඉන්න අයට තේරුම් ගන්න බැහැ වගේ නේද? (නි)
ගාමිණි, ඉතිහාසේ ඉගෙනගෙන එන්න මලේ. ඉඩ් අමින් කියන්නේ මිනි මස් ශිතකරණේ තියාන කාපු එකෙක්. රොබර්ට් මුගාබේ කියන්නේ ආර්ථිකේ බංකොලොත් කරලා වහසි බස් දොඩවන මනුස්සයෙක්. දියමන්ති විකුණලා ස්විස් බැංකුවල සල්ලි දාගත්ත මිනිහෙක්.(නදී)