හජ්ජි උත්සවය නිමිත්තෙන් මක්කම වන්දනාවේ ගිය ඉස්ලාම් බැතිමතුන් 300 කට අධික පිරිසක් තෙරපීම හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.
සෞදි සිවිල් ආරක්ෂක සේවය පවසන්නේ 400 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
සෑම වසරකම මක්කම වන්දනාවේ යන වන්දනාකරුවෝ විශාල පිරිසක් අධික තෙරපීම හේතුවෙන් මිය යති.
පසුගියදා මක්කමදී දොඹකරයක් කඩා වැටීම හේතුවෙන්ද විශාල පිරිසක් මිය ගිය බව වාර්තා විය.
ලෝකය පුරා ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් වන්දනාකරුවන් විසින් සැමරෙන හජ්ජි උත්සවය මෙවරත් සෞදි අරාබිය අති මහත් උත්සවශ්‍රීයෙන් සමරයි. නබිතුමන් විසින් සියවස් 14 කට පෙර ඉස්ලාම් දහම ලෝකයට ලබා දුන් දිනය ලෙස සැලකෙන අද (24) සෞදි අරාබියේ මක්කම පල්ලියට දෙකෝටි විසි ලක්ෂයක් පමණ බැතිමතුන් පැමිණි බව වාර්තාවේ.
හජ්ජි උත්සවය සැමරීම වෙනුවෙන් අද සිට දින පහක කාලයක් සෞදි අරාබිය රාජකාරී නිවාඩු ලබාදී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කනගාටුදායක ආරංචියක්......(බ)
දෙවියන්ගේ කැමැත්ත ඕකද?!(ම)
සෑම පුද්ගලයෙකුම මියයනමුත් එය වියයුත්තේ අකාලයේ නොවේ. (නි)
බොහොම කණගාටුදායකයි (නි)
හැම වසරකම මෙවන් විපත් අසන්නට ලැබීම ඉතාම සෝචනීයයි.! (බ)
මේක එයාලට ලොකු දෙයක් නෙමේ මොකද එයාලගේ ඇදහිල්ලට අනුව එහෙදි මැරුණම කෙලින්ම යන්නේ ස්වර්ගයට (බ)
තමන්ගේම අය පෑගිලා මැරෙන එක ගැන උණු නොවන ආගමිකයන් ගෙන් ලොව අනෙක් ආගම් වලට ,ජාතිකයන්ට සහජීවනය බලාපොරොත්තු වියහැකිද? (බ)
හරිම දුකයි (නි)
මිනිස් ජිවිත නේද අකාලයේ විනාශ වුණේ ? (අ)
දෙවියන්ගේ කැමැත්තනෙ.. කමක් නෑ ඉතිං. (අ)
ලොව පුරාම වසන සියලු සත්වයෝ ජීවත්වෙන්නේ විඥානිකව හෝ අවිඥානිකව හෝ නිරන්තර බියෙන්. (නි)
ඒ සියලු දෙනාටම නිවන් සුව පතමි.(හේ)