සෞදි අරාබියේ මක්කම ප්‍රධාන දේවස්ථානය තුළට විශාල දොඹකරයක් පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට බැතිමතෙකුට අනතුරක් සිදුවී නැති බවට තහවුරු වී ඇතයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවසයි. සියයකට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්වූ මෙම අනතුරෙන් දෙසීයකට අධික පිරිසක් තුවාල ලැබු අතර හදුනාගැනීම සඳහා මේ වනවිටත් විවිධ රටවලට අයත් මියගිය බැතිමතුන්ගේ ඡායාරුප 108 ක් තානාපති කාර්යාල වෙත මුදාහැර ඇති බව සෞදි පුවත්පත් සඳහන් කරයි.
මෙම අනතුරෙන් මේ පාකිස්තාන ජාතිකයින් 11 දෙනෙකු, ඉන්දියා ජාතිකයින් 9 දෙනෙකු මරණයට පත්වී ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු සමඟ බවද සදහන් කරන අතර ඉන්දියා ජාතිකයෝ 11 දෙනෙක් තුවාල ලදහ. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ද මෙම අනතුරෙන් මිය ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලාංකිකයින් වාසනාවන්තයි (නි)
ලංකාවෙන් ගිය මක්කම වන්දනා කරුවන්ට දෙවියන් වහන්සේගේ ස්වර්ගයේ ජිවත් වීමට වරම් ලැබිලා නැහැ , මේ අවස්ථාව ලැබෙන්නේ නියම අල්ලාහ් දෙවියන් වන්දනා කරන ඔහුගේ දර්ශනය ක්‍රියාවට නගන අයට (බ)
අපරාදේ ? (නදී)
දැනුයි හිතට සැනසීමක් දැනුනේ (නි)
සුබ ආරංචියක් (නි)
අපේ ලාංකිකයින්ට යහපතක්ම වේවා! (නි)
ශ්‍රී ලාංකිකයින් විදියට අපි අනතුරට පත්වූවන් ගැන ඉතා කණගාටු වෙමු. (නි)
සතුටට කරුණ නියම බෞද්ධකම තිබෙන අය අදහස් දක්වා තිබෙන එකයි. (නි)
ෆාරුක් මහත්මයා, මම මගේ මුස්ලිම් යහළුවන්ගෙන් අහලා බැලුවා, ඔබගේ අදහස වැරදියි. (නි)
චරිත, උපතින් තමන් අදහස ආගමට අයත් වුවත් ආගම ධර්මය ගැන වැටහීමක් තිබෙන කොටස අල්පය. ඒකනිසා තමා ආගම් බේද , ජාති බේද, කුල මල ප්‍රශ්න ඇති කරගන්නේ (නි)
ෆාරුක් මහත්මයා ඔයාගේ අදහස වැරදියි. එතන මරුන හැමෝම ස්වර්ගයට යනවා කියන අදහස වැරදියි ඔබ ස්වර්ගය විශ්වාස කරනවා නම්. මුස්ලිම් ආගමට අනුව එය තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. (බ)
නිරගාමිකව සිතන්න. එතකොට මේ හැම දෙයක්ම පැහැදිලිව පෙන්න පටන් ගනීවි. උදාහරණයක් විදියට ගත්තොත් මේ සිද්දිය කාර්මික දෝෂයක් සහ කාලගුණය නිසා සිදුවූ දෙයක්. ඔය කොම්පැනිය දැන් රිපෝට් එකක් හදාවි ඒ කාර්මික අතපසු වීම් ගැන කියල. මම හිතන්නේ නෑ ඒ රිපෝට් එකේ තියේවි කියල මේක සිද්ද වුනේ එයාලගේ කරුමෙට හෝ දෙවියන්ගේ කැමැත්ත හෝ කෝපය නිසා හෝ කියල. (බ)
මැටිපහන, ඔබේ නිර්වචනය 100%ක්ම හරි. (නි)
බෞද්ධ දර්ශනයේ විදියට සෑමදෙයක්ම සිද්ධවන්නේ පෙර කරන ලද අකුසල් හෝ මේ ආත්මයදී කළ අකුසල් අනුවයි. මැටිපහන මහතාණෙනි , මියගිය අයට නිවන් සුව පතමු! ඔවුන් වෙන ආගමක වුණත්, අපට කළහැකි දේ එපමණය (නි)