අධික වර්ෂාව සමඟ ආ වැලි කුණාටුවක් සමඟ මක්කම අල් මජීඩ් අල් හරාම් ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 107ක් බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. සිකුරාදා සවස පැවැත්වු යාඥාවට සහභාගී වූ බැතිමතුන් විශාල පිරිසක් පූජා භූමියේ රැඳීසිටි නිසා අනතුරින් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගිය බව අරාබි රජයේ ප්‍රකාශකයකු පවසා ඇත. වැලි කුණාටුව සමඟ කුළුණ මහා පල්ලියේ වහල මත විශාල දොඹකරය කඩා වැදී ඇත.
ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ මාස 21 සිට 26 දක්වා පැවැත්වෙන හජ්ජි උත්සවයට සහභාගි වනු ඇතැයි අපේක්ෂිත බැවින් ඔවුනට පහසුකම් සලසා දීම පූජා භූමිය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා යෙදා ඇති දොඹකරයක් මෙසේ කඩා වැටී ඇත.

![Mecca_3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/Mecca_31.jpg)
![MECCA_4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/MECCA_41.jpg)
![MECCA_6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/MECCA_61.jpg)
![Mecca_10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/Mecca_101.jpg)
![Mecca1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/Mecca11.jpg)
![dom1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/dom11.jpg)
![dom4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/dom41.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මය ඇත්තේ අපේ ජීවිතය හැඩගස්වාගැනීම සඳහා මිස මෙසේ රණ්ඩු කිරීමට නොවේ. මියගිය අයගේ ආයුෂ එපමණයි. ඔවුන් වෙනුවෙන් ශෝකවීම හැර මෙසේ ඔවුන්ගේ මරණය මාතෘකාව කොටගෙන රණ්ඩු කිරීම හරිද? (නි)
අනතුරට පත් සියළු දෙනා ගැනම දුකයි (නි)
ඉරේෂ් .....සිදුවිය යුතු දේ කිසිවෙකුට වැළැක්විය නොහැක. එය ලෝක ස්වභාවයයි..සම්පුර්නයෙන් වැරදි අදහසකි..සිදු විය යුතු සහ සිදු නොවිය යුතු දෙකොටසම තමාට තීරණය කර තමාට අවශ්‍ය පරිදි සිදුවීමට සහ සිදුනොවීමට හැකිවන්නේ ලෝක යථාර්තය තෙරුම්ගනීමෙන් අෂ්ට ලෝක ධර්ම විෂයෙහි නොසෙල්විය හැකි මනසක් සහිත වීමෙන් සහ අඩුතරමින් ඒ සදහා උත්සාහ දැරීමෙන් පමණි. (බ)
ඇස් බැන්ඳුම් වලින් වැසී ඇති සියලු ලාංකිකයන් අන්තර්ජාලයේ මේ සිද්ධියට අදාළ දර්ශන නරඹන ලෙසද එම සිද්ධියට විදේශීය පුද්ගලයන් විසින් දී ඇති පිළිතුරු පරිස්සමින් කියවන මෙන්ද ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිමි. විශේෂයෙන් බටහිර කතෝලික රටවල් සහ ඉන්දියාව ප්රමුඛ හින්දු රටවල් එහිදී දෙන්නට යෙදුනු පිළිතුරු වලින් සාමය සහ සමගිය මෙලොවින් තුරන්වීමට බලපෑ දර්ශනයන් කුමක්ද යන්න අවබෝධ කරගන්නේ නම් මැනවි. (නි)
ටෙනිසන්ගේ කතාවෙන් තේරෙනවා නේද පෙරලුන පිට හොඳයි කියනවා වගේ දෙයක්. මොකද්ද හරි කියලා මේගොල්ලෝත් දන්නේ නැහැ වගෙයි (නි)
නිමාශා,විපත සිදුව අවසන්. නමුත් බෞද්ධ අපට හේතුඵල දහම අනුව අනතුර සහ එයට හේතුව ගැන අදහස් ප්‍රකාශ කිරීම වැරදිද? හැමදෙයක්ම සිදුවන්නේ යම් හේතුවක් ඇතුව මිසක් අහම්බයකින් නොවේ. (නි)
ශෝචනීය පුවතක් (නි)
ෆාර්සන් , එත් ඔය කියන එක පොතේ නැහැනේ නේද ? (අ)
විපත සිදුව අවසන්. ඇදහිලි සහ ආගම අල්ලාගෙන අසමගිය වපුරන්න උත්සාහ නොකර ඉන්නවා නම් හොඳයි. උපන් හැමදෙනාම කුමන හෝ ආකාරයට මැරෙනවා (නි)
හරිම අනුවේදනීය පුවතක් (නි)
ෆර්සාන්, ඔබගේ චින්තන රටාවට ප්‍රශංසා කිරීමට වටී. (නි)
කණගාටුදායක පුවතක් (නි)
අනපේක්ෂිත හදිසි අනතුරක් සිදුවීමට තැනක් නොතැනක් නොමැත. එය ඕනෑ වෙලාවක කොතැනක හෝ සිදුවිය හැක. (නි)
ඉර්ෆාන් ,මොහොමඩ් ඔයගොල්ලන්ට බැරිද එකතුවෙලා මක්කම ගිහින් වාසනාවන්තයෝ වෙන්න ලෝකෙටම පාඩුවේ ඉන්න දීල? (බ)
සිදුවිය යුතු දේ කිසිවෙකුට වැළැක්විය නොහැක. එය ලෝක ස්වභාවයයි (නි)
අනතුරු සිදුවීම සහ මිනිසුන් මරණයට පත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් කර්මය නමැති ශක්තිය, සැමට එකසේ බලපාන බව බුද්ධියෙන් තේරුම් ගනිමු (නි)
මෙවන් අනතුරු නැවත දෙනෙතින් දකින්නට නොලැබේවා! (නි)
කවුරු කොහොම කිවුවත් සිදුවුණ අවාසනාවන්ත සිද්ධියෙන් ජීවිත අහිමිවුවන්ගෙ පවුල් වල අයටයි ඒ දුක දැනෙන්නේ. මියගිය අයට ඔවුන් අදහන දෙවියන් සමීපයට යන්න ලැබේවා! තුවාලවු අයට ඉක්මන් සුවය පතනවා. (නි)
මේ විශාල අනතුර ගැන කම්පා වෙනවා හැරෙන්න ඇයි මිනිසුනේ මේ ගැනත් වාදකරන්නේ? (නි)
කවුද හරි කවුද වැරදි කියා හොයන එක නතරකර කොයි කවුරුත් තමන්ව නිවැරදි කරගන්න උත්සාහ කළොත් මේ ලෝකේ සාමය ඉබේම උපදීවි. (නි)
අනේ අම්මපා පුදුම මිනිස්සු! අනතුරක් වෙලා මිනිස්සු කරදරේ වැටුනහමත් ආගමක් ගාවගන්න හදනවා? (නි)
දර්ශා, ඔය සමහර අදහස් දක්වා තිබෙන්නේ සාමාන්‍ය දැනීමක්වත් නැති අය කියායි මට නම් හිතෙන්නේ (නි)
දර්ශා,ඔයා කවුද? ඔයා නම් හරිම කැත විදිහට අදහස් දක්වලා තියෙන්නේ. අපි මෙහෙ සාමයෙන් ජීවත්වෙන්න හදනවා.ඒ අතරේ ඔයා එක එක දේවල් අවුස්සනවා. (නි)
මේ දෙවියන්ගෙ කැමැත්ත කියනඑක ඇත්ත මුළු ලෝකෙම මේ වාසනාවන්තයො මරාගන්න හැටි බලල අවාසනාවන්තයෙ ඉතුරු වුනොත් ලොකය කොහොමවෙයිද ඉර්පාන් මෙහොමඩ්ට ටිකක් නිදහසේ හිතන් උත්සාහකරනව_සීකො (බ)
මෙච්චර සෙනඟක් ඉන්න තැන ඉදිකිරීම් නතර නොකරන්න උපදෙස් දුන්නේ නැද්ද? (නි)
හරිම දුකයි මට නම් (නි)
අනුන්ට ඇගිල්ල දික් කරන්න ,,අනුන්ගේ වැරදි හොයන එක නතර කරන්න. පූජා භූමියේ මැරුන අය වාසනාවන්ත අය කියල කියනවනම් කියන්නේ ඉර්ෆාන්. එයාගේ ආගම අනුව එයාගේ විශ්වාසේ ඒක වෙන්න පුළුවන්.අපිට ඒකට මුකුත් කියන්න බැ.(බ)
මේ ලෝකය යමින් පවතින්නේ යායුතු ගමනකි. අපි කිසිවකුට සටන්කොට ලෝකය නිවැරදි කළ නොහැක. නිවැරදි කිරීමට ස්ථිර වූ , නිත්‍ය වූ දෙයක් ලෝකය තුළ නොමැත. ස්ථිර නොවන දෙයක් යමෙක් කෙසේ වෙනස් කරන්නද, එය ස්වභාවයෙන්ම වෙනස්වෙමින් පවතී. (නි)
පොල් කුද්ද හොයන එපා (ම)
ආගමික යුද්ධ වල මරණ -දේව නියම (ම)
ප්‍රසන්න, ඔබේ අදහස ගැන මම සිතන්නේ නැහැ (නි)
අනේ පවු! (නි)
අපි මක්කම යන්නේ අපේ ආත්මය සුවපත් කරගන්න. මේ වගේ අවාසනාවන්ත දේවල් වුණත්,ආගම ආගමක් විදිහට අදහන්න ඕනෑ නේද? (නි)
ඕනෑ කෙනෙකුට මේ ගැන ඕනෑම අර්ථකතනයක් දියහැකිය (නි)
මේ සිදුවීම අල්ලාගෙනත් අපේ අය රණ්ඩුවෙන හැටි ගැන දුකයි (නි)
ලෝකයේ ජීවින් මරණයට පත්වීම සදහා බලපාන්න විපාක ක්‍රම දෙකක් තියෙනවා එකක් කර්ම විපාක එනම් ජීවින් විසින් මේ බවයේ හෝ පෙරබවයක සිදුකල කර්ම විපාකයන් පලදීමෙන් සිදුවන මරණ අනෙක නම් ධර්ම විපාක එනම් සොබදර්මයේ යම් යම් සිදුවීම් වලින් සිදුවෙන මරණ. මෙම ක්‍රියාදාමය හිස් පිට්ටනියක් තුල දැල්වෙන පහනක පහන් දල්ල නිවීමට බලපාන කරුණු උපමා කරගෙන විග්රහ කල හැක. (බ)
හරිම සතුටුයි. අල්ලගෙ කැමත්තනේ....(බ)
දර්ශා ඔබ ඔය කියන්නේ මොන පොත ගැනද ? මගේ දැනුමෙ හැටියට මළ පොතේ හා ඉල පොතේ හැරුණාම හැම පොතකම කියලා තියෙන්නේ සාමය හා සහජීවනයයි. බුදුරජාණන්වහන්සේගේ දේශනාවල හෝ නබි තුමාගේ දේශනාවල හෝ කියා නෑ වෛරය උද්දච්ච කම වපුරන්න කියා. බුදුන් වහන්සේත් චතුර් වේදයන්ට ගරුකර තියනවා. නබි තුමත් අනක් පූජනීය ස්ථාන අසලින් ඔටුවගේ පිටින් බැස ගිහින් තියනවා. (බ)
ජිවිතේ හැටි එහෙම තමයි.(හේ)
ජිවිත නැති අයවලුන් ඉතා භාග්‍යවන්තයි (බ)
කාට කොතෙනදී මරණය වෙනවද කියා දන්නේ නැත. (අ)
තුවාලවුණ සියල්ලන්ටම ඉක්මන් සුවය ලැබේවා! (නි)
මෙවන් කණගාටුදායක දේවල් නැවත අහන්නට නොලැබේවා! (නි)
මියගිය සියළු දෙනාගේ ආත්මයන්ට සැනසීම ලැබේවා! (නි)
තුවාලලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
හරිම අවාසනාවන්ත සිදුවීමක්. මෙවන් දේවල් නැවත අසන්න නොලැබේවා! (නි)
හදිසි අනතුරු කියන්නේ මේවට තමයි. පවු අහිංසක මිනිස්සු! (නි)
වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීමක් මේක. (නදී)
පුජා භූමියේ මැරුණු අය වාසනාවන්තයෝ වෙන්නේ කොහොමද ? (නදී)
මෝඩයන් සමග තර්ක එපා මේ දේ ඒ ගොල්ලන්ට සිද්ද උන දවසක තේරේවි (නදී)
මොහොමඩ් ,සහෝදරයා මුල සිටම හිතල හැදෙන එක කෝකටත් ඇඟට ගුණ වෙයි තමයි .. මොකද ? ඔයාලගේ මිනිස්සු ලෝකෙටම කරදරයක් වේගෙන එන්නේ (බ)
ඉර්ෆාන්, මරුන අය වාසනා වන්තයෝ නම් තුවාල වුන යට ඉක්මන් සුවය ඕනද? (අ)
නුවන් එහෙම නම් මොනවද කියන්න තියෙන්නේ ? අපි නෙමෙයිනේ මරණය සහ ජීවිතය දෙන්නේ. (නදී)
ඉර්ෆාන්, ඇයි තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා කිව්වේ ? (නදී)
වෙලාව අාවහම කාටත් යන්න වෙනවා. විද්‍යාව ගැන හොඳට දන්නා කෙනෙක්ට මිස නිකන් බෙරිහන් දෙන කට්ටියට නොතේරෙන දෙයක් ඇත. එය සර්ව බලදාරී බලවේගයක් හැම දෙයක් පිටු පස සිටින විත්තිය. දෙයක් සිදු කිරීමට කිසියම් බලයක් අවශයයි. එය තමා විද්‍යාවේ ඇති සත්‍ය. (නදී)
දර්ශා, මේ සිදුවීමෙන් මැරුන අය අපේ ඉස්ලාම් දහමේ විශ්වාසය හැටියට ඉතා භාග්යව්න්තයි. ලෝකේ ජීවත්වන සියලු මුස්ලිම් ජනතාවම බලාපොරුත්තු වෙන්නෙත් එතනින් මේ ලොව අවසන් කරන්න. හැමෝටම මක්කම පල්ලියෙන් තමන්ගේ අවසන් හුස්ම අරින්නට වාසනාව ලැබෙන්නේ නැහැ. ඒ හජ් වන්දනාවට යද්දී අාපහු එන්නට ඕන නැහැ කියල ප්‍රර්ථනා කරලා තමා ගෙදරින් පිටත්වෙන්නේ. (නදී)
අපේ මිනිසුන්ට හරියට කරදර .....මට නම් හැමදයක්ම මුල ඉදන් හිතන්න හිතෙනවා ...(අ)
ඉර්ෆාන්, එහෙනම් තවත් ඔය වගේ මර උගුල් ටිකක් අටවන්න කියන්න. එතකොට වාසනාවන්තයෝ ගාන තව වැඩි කරගන්න පුළුවන් (අ)
දර්ශා ඔය කියන විදියට නම් මරණය එන්නේ නැතුවම නේද තියන්න ඕනේ. නේපාලයේ මොකද්ද උනේ. ඔයා ඉන්නේ වෙන ලෝකයක. ඔයාට දන්නේ නැද්ද ජීවිතය අනියතයි මරණය නියතයි කියා. අනතුරට සහ මිත්‍යාවට මොනවද සම්බන්දය (නදී)
වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීමක් මේක. එත් කෝ ඒ සර්ව බලධාරී දෙවියා. අනේ පව් මේ සිදුවීමම ඇති කෙනෙකුට මිත්‍යා ඇදහීම් වලින් ඉවත් වෙන්න (නදී)
මේක මට නම් අදහාගන්නත් බැහැ (නි)
දර්ශා,නුඹට දෙවියන් ගැන විශ්වාසයක් නැතිවුණාට අපට ඇත. (නි)
ටෙනිසන් සොයුරා සමග මාත් එකඟයි. මටත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි. ටෙනිසන් සොයුරා කියූ ඒ කතා පුවත මටත් මතකයි. වසර හරියට මතක නැහැ.ඒ කූඩාරම් ගිනිබත් වූ කතා පුවත මගේ මතකයේ හැටියට දෙදහස් ගණන් වල මුල බාගයේ වගෙයි.ඒ මිනිසුනුත් ජීවත් වෙන්නයි දඟලන්නේ. කවුද මැරෙන්න කැමති? (නි)
මේක අදහාගන්න බැරිතරමේ විශාල අනතුරක් (නි)
දෙවියෝ කියන්නේ විශ්වාසයක් විතරයි, දෙවියෝ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ඉතින් කොහොමද ඉන්නවම කියල විශ්වාස කරන්නේ? සැක සහිත දෙයක් විශ්වාස කරන්නේ ඇයි? මේ දේ කළේ ස්වභාව දහම, ඒ කියන්නේ ස්වභාව දහම දෙයියෝන්ට වඩා ප්‍රබලයි. අපි ඒගැන දැනගන්න ඕනේ ස්වභාව දහම මිසක් තේරුමක් නැති දෙයියෝ නෙමේ. (බ)
දර්ශා, ඒ ආගමට අගෞරව කරන්න එපා. ඔබ අහන්නේ සර්වබලධාරී දෙවියන් කොහේ කියාද? දෙවියන් ඉන්නේ අපේ හදවතේ. මේ ලෝකය පාලනය කරන්නේ මනුස්සයින් විසින්. නමුත් දෙවියන්ගේ මාර්ගවල හැසිරෙන අයට දෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබෙනවා. මම දාපු අදහස් වැරදි නම් සමාවෙන්න (නි)
හැමෝම කැමතියි ජීවත්වෙන්න.සත්‍යයට අපි මුහුණදෙන්න ඕනෑ. ඔය මැරුණු හැමෝම ජීවත්වෙන්න කැමති මිනිස්සු. (නි)
මේවා මහා කණගාටුදායක සිදුවීම්.තත්පරයකින් ජීවිත කීයක් විනාශ වුණාද? (නි)
ශෝචනීය සීදුවීමක් (නි)
අනුවේදනීය පුවතක් (නි)
පුජා භූමියේ මැරුනු අය ඉතා වසනවන්තයෝය. මරණයට පත්වූ වන්ට අපි දෙවියන් වහන්සේගෙන් සුවර්ගය ප්‍රාර්ථනා කරමු. තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
මැරුණු අයට නිවන් සුව ලැබේවා කියන එකත්, තුවාලවූ අයට සුවය ප්‍රාර්ථනා කිරීමත් ලෝකේ හැම මිනිසුන්ටත්/ආගමටත් පොදුයි නේද?...(ම)
හිතට පුදුමාකාර දුකක් දැනුන පුවතක් (නි)
ජීවිත පිදූ සියල්ලන් හට ස්වර්ගයේදී සැනසීම ලැබේවා! මේවා තේරුම් ගැනීමට ශුද්ධ වූ කුරාණය කියවන්න. ඔබට සැනසීම ලැබේවි (නි)
හරිම කණගාටුදායක සිද්ධියක් (නි)
මේ නැතිවුණේ වටිනා මිනිස් ජීවිත නොවේද? (නි)
හැමදේටම ඉන්න දෙවියෝ එතන හිටියේ නැද්ද? (බ)
නෛන් ඉලෙවන් සැප්තැම්බර් එකොළහ , සැප්තැම්බර් එකොළහ. පුදුමයි ඒත් ඇත්තයි. (බ)
කවුරු හරිද කවුරු වැරදිද මමනම් දන්නේ නැහැ,මම සත්‍ය සිද්ධියක් කියන්නම්.දිනය හා වසර මට හරියටම මතක නැහැ. කෙසේ වෙතත් එය 1991 ත් 1995 ත් අතර හජ්ජි උත්සවසමයක්. හජ්ජි බැතිමතුන් නවාතැන් ගෙන සිටි කූඩාරම් සමූහයක් ගිනි රකුසාට බිලි වුනා. මතකයේ හැටියට තුන්සිය ගණනක් මියගියා. ඒ වනවිට මා සිටියේ කුවේට්වල. මුස්ලිම් සොහොයුරන් ඒ මියගිය පිරිස වාසනාවන්තයෝ බවත්, කිසිදු විනිශ්චයකින් තොරව ඔහුන් ස්වර්ග රාජ්‍යයට අතුලුවනබවත් පුනපුනා කීව. අප හා සිටි පකිස්තානු ජාතිකයෙක්ද එම හජ් උත්සවයට සහබගිවී පැමිණුනා . ඔහු අප ඉදිරියේ මහත් බක්තියෙන් දෙවියන්ට ස්තුති කරා.මන්ද ඔහු සිටි කූඩාරමේ අඩක්ද ගින්නට අසු වීමෙන් කිහිප දෙනෙක් මියගොස් බොහෝ දෙනෙක් පිළිස්සුම් තුවාල ලැබුවෙලු. මදක් සිතන්න අපි කවුරුත් පණට ආදරෙයි. බොහෝ දෙනෙක් යදිමින් ඉල්ලන්නේ තවත් මොහොතක් හෝ ජීවිතය රැකදෙන ලෙසයි.මිනිස්සු වෛද්‍ය වරු පස්සේ යන්නේ ,කිලෝ ගණන් බෙහෙත් බොන්නේ ව්‍යායාම කරන්නේ ජීවත් වෙන්න.තීරණය දෙවියන් අත නම් අැයි මේ දඟලන්නේ? (බ)
ඉර්ෆාන් ,, මොහොමඩ්,, ඔයා මක්කම යන කොට හොඳට කැපෙන දැලි පිහියකුත් අරගෙන යන්න.. එතකොට එහෙදි ඔයාටම පුළුවන් ඔයාගේ බෙල්ල කපාගන මැරෙන්න .. බලන්න ඔයා කොච්චර වාසනවන්තයෙක්ද කියල ...(බ)