බුදුදහමේ උන්නතිය වෙනුවෙන් අනූපමේය මෙහෙයක් ඉටුකළ අනාගාරික ධර්මපාල තුමාගේ සේවය සිහිකරනු වස් එතුමා වෙනුවෙන් සකස් කෙරුණු සමරු මුද්දරයක් ඉන්දීය ජනපති ප්රනාබ් මුඛර්ජි සමරු මුද්දරයක් නිකුත් කළේය.
මෙම මුද්දරය නිකුත් කිරීම ශී්රලංකාව හා ඉන්දියාව අතර ඇති සබඳතා තව තවත් ශක්තිමත් කිරීමට ආධාරයක් වනු ඇතැයි තමන් සිතන බව ඔහු පැවසුවේය.
බුදුදහමේ උන්නතිය වෙනුවෙන් දැඩි කැපවීමෙන් හා නොපසුබට උත්සාහයෙන් අනගාරික ධර්මපාල තුමා කළ මෙහෙයද එතුමන් ඉන්දීය ජනතාවගේ සමාජීය හා ආර්ථිකමය දියුණුව වෙනුවෙන් කටයුතු කළ ආකාරයද ජනපතිවයා මහත් ඇගයීමට ලක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
indiyawata sthuthi pudakaranawa darmapala thumanta gavurawa dakweema gena. ඉන්දියාවට ස්තූතිය පළ කරනවා ධර්මපාලතුමාට ගෞරව දැක්වීම ගැන (බ)
අපේ ලොකු උදවියට තමා එතුමාව අගය නැත්තේ. දැන් වත් එතුමාව අනුගමනය කරන්න (නදී)
මෙය ඒ උතුමා ගැන අවබෝධ කරගන්නට වටිනා අවස්ථාවක්. අපේ සමහරු ධර්මපාලතුමා ගැන හරියට දැනගන්නේ දඹදිව ගියාමයි. (නි)
දම් පල් මැතිදුන්ට ඉන්දියාවෙන් ලැබුන ගෞරවය පිළිබඳව මුළු මහත් ශ්රී ලාංකිකයින් වන අප ඇගයිය යුතු කරුණක්. (අ)
අපේ අයට නම් ඉතින් මෙතුමාගේ අගයක් දැනෙන්නෙ නැහැ (නි)
ඉන්දියාවට අපේ ප්රණාමය සහ ස්තුතිය පළකරනවා. අපි ලැජ්ජා වෙන්න ඕනෑ මේ වගේ අපේ රටේ සිටි උත්තමයන්ට ගරුබුහුමන් දක්වන්නේ නැති එක සහ ඒ අයගෙ ජීවිත වලින් ආදර්ශ අරගෙන ජීවත්වෙන්නේ නැති එක ගැන. (නි)
අනගාරික ධර්මපාලතුමා සියලු දෙනාටම අර්ථ දැක්වුවේ බුදුදහමේ සමාජ වගකීමයි. එය තේරුම් ගත්තේ ඉන්දියානුවන්. ලංකාවේ තවමත් ධර්මපාලතුමාගේ සමාජ මෙහෙවර අගයනවා මදි. ඇගයීම කළයුත්තේ එතුමා ජීවත්වූ කාලයේ ආර්ථික, සමාජ සහ දේශපාලන පසුබිම පිළිබඳ විවරණයක් පදනම් කරගෙනයි. (නි)