ගෙල දිගු කැර ගැනීමට කියා තඹ වලින් සැදු වළලූ 11 ක් ගෙල පැළදගෙන සිටින්නියකි ඇමරිකා ජාතික සිඩ්නි ස්මිත්.
තමාට පාසැල් සමයේ සිටම ගෙල දිගු කර ගැනීමේ වුවමනාවක් තිබූ බවත් පසුව කෙන්යාවේ ගෝත්‍රයක කාන්තාවන් තඹ වළලූ ගෙලට පළදාගෙන එය දිගින් වැඩි කිරීමට උත්සාහ කරන බව දැනගත් තමාද එසේ තඹ වළලූ යොදාගෙන ගෙලේ දිග වැඩි කරගැනීමට උත්සාහ කරන බව ඇය කියන්නීය.
මෙනිසාම ඇයගේ ගෙළ තිබුණු ප්‍රමාණයෙන් අගල් 11 ක් පමණ දිගුවී ඇත.
අන් අය ඇය හදුන්වනුයේ ‘‘ජිරාෆ් කත‘‘ ලෙසය.
ඉදිරියේදී 12 වැනි වළල්ලකුත් ගෙල පැළදාගෙන සිය ගෙල තවත් දිගුකිරීමට ඇය සැළසුම් කර ඇත්තීය.
වෛද්‍යවරුන් නම් පවසන්නේ මෙය ඉතා අනතුරුදායක කි්රයාවක් බවයි.වුවමනාවට වඩා බෙල්ල ඇදීමට ලක්වීමෙන් ස්නායු වලට හානි වනු ඇතැයි ඔවුහු පවසති.දිගින් වැඩි වී ඇතැයි කියා සිඞ්නිගේ ගෙලෙහි සිදුව ඇත්තේ සම තඹ වළලූ නිසා ඉහළට ඇදී තිබීම පමණක් බවත්,ඇය වළලූ ගැලවූ දිනෙක ඇයගේ ගෙල සාමාන්‍ය ප්‍රමාණයටම යළිත් පැමිණෙනු ඇති බවත් ඔවුහු කියති
්
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන කෙල්ල .(නදී)
පිස්සු විකාර. (නදී)
නෝනෝ බලාගෙන ගෙදර මනුස්සය එක්කඊ නැදම්ම එක්කඊ අහලපහල මිනිස්සු සමගඊ හොඳින් ඉන්න . වැරදුනොත් බෙල්ලෙන්ම අල්ලාගනී . දිගට තියන හින්ද (අ)
මටත් හිතෙනවා එකක් පැලදගන්න මගෙත් බෙල්ල කොටයි.(නදී)
සම්පත් මල්ලි, මගේ ඉලක්කය අඩුම වශයෙන් දුසිම් දෙකක්. (නි)
ගැණු ප්‍රසිද්ද වෙන්න කරන දේවල් හැබැට.(දිල්)
යම් කර්මයක් පළදීමට තිබේ නම් එය කෙසේ හෝ ගෙවිය යුතුයි. (නි)
රම්සි වළලු කීයක් ඕනිද ඔයාගේ වැඩේට.(නදී)
මානසික ලෙඩද මන්දා මේවා (දී)
එතකොට ලංකාවේ කාන්තාවන් කොටට අදින්නේ ඇයි? (නදී)
අපොයි ඕක මොකක්ද? බුරුම රටේ ඔහොම අය ඉන්නවානේ. (දී)
මමත් ට්‍රයි කරලා බලන්න යන්නේ, හැබැයි බෙල්ලට නෙමේ. (නදී)
ඉතින් බෙල්ලෙන් එල්ලලා තිබ්බා නම් හරිනේ? (නදී)
පිස්සු නැත්නම් හොඳයි.(නදී)
මේක අපේ උන්දලා වද කහ සුදිය බොනවා වගේ වැඩක්.(නදී)
මේ විතරක් නොවේ. ඉතා විශාල මුද්දක් කට ඇතුලට දාගෙන ඉන්නවා අප්‍රිකානු ගැහැණු.ඒ පුළුල් තොල් ඇති කර ගැනුමට. (දී)
නොදන්නා අයගේ දැන ගැනීම පිණිසයි දිගු බෙල්ලක් ඇති ගැහැනුන් ගේ ලස්සන දැකීම අප්‍රිකානු සංස්කෘතික ලක්ෂණයක්. ඒ සඳහා වළලු දමනවා. ගැහැනුන්ට කුඩා සුරතල් පාද තිබීම චීන සංස්කෘතික ලක්ෂණයක් ඒ සඳහා කුඩා අවදියේ සිට මමියක් මෙන් පාද රෙදි වලින් ඔතා තබයි.අපේ දිගු වරලසක් ඇති කාන්තාව වගේ. (දී)
මාත් දැකල තියනවා අප්‍රිකානු ගෝත්‍රික කාන්තාවෝ මෙලෙස බෙල්ලේ වළලු පැළද සිටිනවා.(නදී)
මේක ප්‍රවෘතියක් පොත් පත් නොබලන්න අයට අප්‍රිකානු රට්ටක 80% ගැහැනුන් මේ විදිහට තමාගේ බෙල්ල වැට්ටේ කම්බි දගර පලද සිටින්නාව (අ)
ගැහැණිය කියන්නේ හරිම සංකීරණ සත්වයෙක්. වෙලාවකට හිතාගන්න බැහැ කොහොමද ජීවත් වෙන්නේ කියලා.(නදී)
මමත් ක්‍රමයක් හොය හොයා හිටියේ. මේ ක්‍රමය ට්‍රයි කරලා බලන්න ඕනේ.(නදී)
දොස්තරලා කියන දේත් අහන්නේ නැත්නම් ඕන එකක් කරගන්න.(නදී)
මිනිසා කියන දෙපා සතා තමන්ට ලැබුණු දේට කිසිදු සැලකිල්ලක් නොදක්වා, නොලැබුණු දේම ලබාගන්නට උත්සාහ කිරීම නිසා තමයි සියලු විනාශයන් සිද්දවෙන්නේ! (නදී)
කියල වැඩක් නැහැ නිරෝසන්.(නදී)
තායිලන්තයේ ගමක මේ වගේ අය ගොඩක් ඉන්නවා.ලොන් නෙක් කාරයින් කියලා ගූගල් එකේ සර්ච් කරන්න. මේ අය බුරුම අනාථයෝ කැලේ මැදින් පැනල එනකොට කොටියෝ බෙල්ලෙන් අල්ලලා අරගෙන යන නිසා බෙල්ලට වළලු දමන්න පුරුදු උනා. දැන් සංචාරකයන්ට පෙන්නන්න ගම සංරක්ෂණය කරලා තියනවා.(නදී)
උපතින් ලැබෙන ශරීරය නොයෙක් ආකාරයෙන් වෙනස් කරන්න ගිහින් අන්තිමේදී ලොකු විපත් කරගෙනයි නවතින්නේ මේ ගොල්ලෝ.(නදී)