තායිලන්තයේ සංචාරයක යෙදෙන හිටපු බි්රතාන්යය අගමැති ටෝනි බ්ලෙයාර්ට අර්තාපල් අල ප්‍රහාරයක් එල්ල විය.
හිටපු අගමැතිවරයාගේ තායිලන්ත සංචාරයට තායිලන්ත රජය පවුම් ලක්ෂ 4 (රුපියල් 840 ) කට වඩා වැය කර ඇතැයි පුවත්පත් වලින් හෙළි කිරීම ඊට හේතුවයි.මේ අනවශ්‍ය වියදම ගැන කෝපයට පත් ජනතාව විරෝධතා පාඨ සදහන් පුවරු අතින් ගෙන බැංකොක් නුවර මාර්ග දෙපස උද්ඝෝෂණය කළහ.‘‘බි්රතාන්යයත් විනාශකර තායිලන්තයත් විනාශ කිරීමට එනවා‘‘ ‘‘කතාව බ්ලෙයාර්ගේ සල්ලි අපේ‘‘ එම පුවරු වල සදහන්ව තිබුණි.
විරෝධතාකරුවන්ට පිළිතුරු දෙන බ්ලේයාර් කියනුයේ තායිලන්තයට පැමිණියාට තමන්ට කිසිදු ගෙවීමක් නොලැබුණු බවයි.තමන් මෙහි පැමිණියේ ආරාධනයක් අනුව බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුම් ලක්ෂ 4 රුපියල් වෙනසෙයි අවුලක් තියෙනවා වගේ? (ස)
හරියට හරි.කුණු අලත් හොඳ වැඩි බැවි මගේ හැඟිම. (ස)
මෙහෙ ඔහොම නැහැ (නි)
නියම කුණු අල.......(දී)
බ්‍රිතානයේ පවුම් (ලක්ෂ 4 ක්) 400000 කියන්නේ තායි බාත් ( මිලියන 2ක් ) 20108182.02 , ශ්‍රී ලංකාවේ මුදලෙන් නම් (මිලියන 8) 83022000.83 ක් විතර.....ඒ උද්ගෝෂණය කරන මිනිස්සු හරි තමා....(දී)
කුණු අල විතරමද හම්බ උනේ? (දී)
නියම වැඩක්. ඉරාකයේ අහිංසක මින්ස්සු මරපු සහ ඇමෙරිකාවට කුඩා ඉහලපු බ්ලෙයාර් ට මෙහෙම වෙලා මදි.(නදී)