බලූ බාසාව මිනිස් බාසාවට පරිවර්තනය කර දීමේ සමත් ඉස්බනුවක් නිපදවීමට ස්කැන්ඩිනේවියා නිර්මාපකයන් පිරිසක් සමත්ව තිබේ.
මේ ඉස්බනුව බල්ලන් වෙනුවෙන්ම නිර්මාණය කැරුණකි.බල්ලාගේ හිසේ පැළදවිය හැකි මේ ඉස්බනුවේ මධ්‍ය සැකසුම් පද්ධතියක්,සංවේදක හා එම සංවේදක හා සම්බන්ධ කෙරුණු කුඩා ශබ්ද වාහිනියක් තිබේ.
නිර්මාපකයන් පවසන ආකාරයට මෙම සංවේදක බලූ මොළයේ ආවේග වෙනස්වීමේදී හා සිදුවන විද්‍යුත් වෙනස්වීම් වලට සංවේදී වේ.සංවේදක මගින් ග්‍රහණය කර ගැනෙන මෙම විද්‍යුත් වෙනස්වීම් මධ්‍ය සැකසුම් ඒකකය වෙත යොමුකෙරෙන අතර එයින් අදාළ ආවේගය හදුනාගැනේ.අනතුරුව ශබ්ද වාහිනිය ඔස්සේ ‘‘මිනිස් භාෂාවෙන්‘‘ එය ප්‍රකාශයට පත් කෙරේ.
උදාහරණයක් ගතහොත් බල්ලාට කුසගිනි වූ විටදී අදාළ ආවේගය හදුනාගන්නා ඉස්බනුව ශබ්ද වාහිනියෙන් ‘‘මට බඩගිනියි‘‘ යැයි ප්‍රකාශයට පත් කරයි.
මිනිස් මොළයේ මෙන් නොව බලූ මොළයෙන් ජනනය වන සියලූ ආවේගයන් හදුනාගැනීම අපහසු වුවත් කුසගිනි වීම,වෙහෙස දැනීම,තනිකම දැනීම,ප්‍රශ්නාර්ථය දැනවීම වැනි ආවේගයන් හා හැගීම් පහසුවෙන් හදුනාගත හැකිවූ බව නිර්මාපකයන් කියයි.
තනිකම දැනෙන විටදී ‘‘ඔයා කොහෙද යන්නේ‘‘,වෙහෙස දැනෙන විටදී ‘‘මට හරිම මහන්සියි‘‘, වැනි ප්‍රකාශයන් ඉස්බනුවේ ශබ්ද වාහිනියෙන් නිකුත් වේ.
බල්ලන්ටත් විවිධ පෞරුෂයන් ඇති හෙයින් එම පෞරුශයන්ට ගැලපෙන තාලයේ කටහඩවල් ඉස්බනුවට ඇතුළත් කිරීමටත් හැකියාව ඇතැයි නිර්මාපකයන් පවසයි.
දැනට ‘‘ඉංගී්රසි‘‘ භාෂාවෙන් පමණක් ප්‍රකාශයන් නිකුත් කරන මෙහි ප්‍රංශ හා ස්පාඤ්ඤ අනුවාදනයන්ද ඉදිරියේදී හදුන්වාදිීමට නියමිත බව සදහන්ය.
වඩා හොදින් ‘‘බලූ අදහස්‘‘ තේරුම් ගැනීමට උපකරණය තවදුරටත් වැඩිදියුණු කිරීම නිර්මාපකයන්ගේ බලාපොරොත්තුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි අපුරුයි අපිටත් දැන් බල්ලොත් එක්ක කතාකරන්න පුළුවන්. අපිකියන ඒවත් බල්ලට පරිවර්තනය කරනවද ඔය උපකරණය?(දිල්)
මේ උපකරණය ලංකාවට නම් හරියට වටිනවා. මොකද මේ කාලේ බලු බළල් ආහාරවල බදු නැති කරලා බල්ලෝ බළලුන්ටනේ වැඩිය සැලකිලි තියෙන්නේ. (නදී)
බලු බස වෙනුවට මේ ක්‍රමයෙන් අපේ කතා කරන්න බැරි සොහොයුරන් සොයුරියන් වෙනුවෙන් ඉදිරියේදි යමක් කලා නම් බොහෝම වටිනවා. ගොඩක් පින් ලැබෙනවා.(නදී)
ඔය කියන ඒවා වැරදි උනත් කොහොමද එක දැන ගන්නේ? බල්ලගෙන්ම තමයි අහන්න වෙන්නේ!!!(දිල්)
ඔන්න දැන් තමයි ප්‍රශ්නේ .මෙච්චර කල් බල්ලන්ට කතා කරන්න බැරි නිසා මිනිස්සු කරන බලුවැඩ ඔක්කොම ඉවසන් හිටිය .දැන් බලමුකෝ බල්ලන්ගෙන් අහන්න වෙන බලු කතා.ඔට්ටුවක් දාමුද පළවෙනියටම මේ බල්ලා කියන්නේ මොකක්ද කියල ."මිනිස්සු අපේ නම කාල "(දිල්)
අපෝ මම කැමති නැහැ ඕකට ,බල්ලෝ අපි ගැන මොනවා හිතනවද කව්ද දන්නේ.? (අ)
මේවාටත් බදු නැද්ද? (නදී)
ටික කාලෙකින් බල්ලෝ කියාවි' 'බල්ලොත් එක්ක බෑ''කියලා. (නදී)
ඊයේ පෙරේද දකුණ පැත්තේ සභාවක බලු භාෂාව ඉතා සාර්ථකව භාවිතා කර තිබුනා. එම නිසා ඒ උපකරණයට හඬ කවන්න හා හොද පැහැදිලි ශබ්දයෙන් වචන උච්ඡාරණයට අපේ දේශපාලන සභාවල කට්ටිය යොදවා ගත්තා නම් ඉතා හොදයි.(නදී)
මෙන්න නියම වැඩ. ආශ්චර්ය කියන්නේ මේවට හොඳේ. නැතුව ඔය එක එක්කෙනා කියන විදියට නෙමෙයි.(නදී)
බලු බාශාව මිනිස් බාසාවට පරිවර්තනය කලාට එතරම් ප්‍රස්නයක් වෙන එකක් නැහැ. නමුත් මිනිස් බාශාව බලූ බාසාවට පරිවර්තනය කරපු දවසට තමයි බල්ලෝ විනාෂ වෙන්නේ. (ත)
රෑට හොර ගමන් නවතී. බල්ලා කියනවනෙ ආපු කෙනා, ආගිය වෙලාවල්. විනාසයි. (ස)
නොදන්න සිංහල වචන හදලා ලොක්කා වෙන්නේ නැතිව ඉංග්‍රීසි වචනයම භාවිතා නොකලේ ඇයි? (නදී)