සැන් බර්නාඩිනෝ හි වෙඩි තැබීමෙන් 14 දෙනකු මිය යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බැරක් ඔබාමා කියා සිටියේ ත්රස්තවාදයේ සැලැස්ම වී ඇත්තේ අහිංසක මිනිසුන් ඝාතනය බවයි.
බියෙන් සිටිනවාට වඩා නිදහස ඉතාමත් බලවත් බවත් ඔබාමා පැවසීය. ජනපති ඔබාමා වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකාව ත්රස්තවාදයේ තර්ජන හමුවේ තවත් පරිණාමය වන බවයි. නමුත් මෙය ඇමරිකාව හා ඉස්ලාමය අතර යුද්ධයක් ලෙස අර්ථ නොදක්වන්නැයි ඔහු ඇමරිකානුවන්ට අවවාද කරමින් කියා සිටියේ ය.
එය ත්රස්තවාදය පරාජය කිරීමේ සටනක් විය යුතු බවත් අප මුස්ලිම් සමාජයද අපේ ශක්තිමත් මිත්ර පක්ෂයක් බවට පත් කරගත යුතු බවත් එසේ නොවී ඔවුන් ඉවතට තල්ලු කළහොත් එය සැකයට හා වෛරයට බඳුන්විය හැකි බවත් ඔබාමා පැවසීය.
ඔහු සිය කථාව අසා සිටි පිරිසට අවධාරණය කරමින් කියා සිටියේ මුස්ලිම් ඇමරිකා ජාතිකයන් ඇමරිකා සමාජයේ කොටසක් බවයි.
ඔවුන් අපේ නිල ඇඳුමින් සැරසී සිය කැමැත්තෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පූජා කර ඇති බව අපි සිහියේ තබා ගත යුතු බවත් ඔබාමා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාගේ කතාව ඇත්ත . එහෙත් හැම රටකම සිටින ඉතාමත් ටික දෙනෙක් එසේ කරනවා. (ම)
ලෝකයේ ත්රස්තවාදය සදහා උඩගෙඩි දෙන්නේ කවුද කියලත් ඔහුම කල්පනාවට ගත යුතුයි (හේ)
බොහෝ මුස්ලිම් ජාතිකයින් (විශේෂයෙන්ම ආසියානු මුස්ලිම්වරු ) සාමකාමී අය. නමුත් අරාබියේ වහබි නිකායන් අදහන සව්දි, කටාර්, කුවේට් වැනි රටවල ආණ්ඩු හා සංවිධාන තලිබාන්, අල් කයිඩා, අයි.එස් වැනි වහබි අන්තවාදීන්ට මුදල් හා ආයුධ දෙනවා. ඔවුන්ට උවමනා ෂියා සහ අනිකුත් මුස්ලිම් නිකායවල් මර්දනය කිරීමට හා වහබි විෂ්වාස ලෝකයේම පැතිරවීම. (ස)
ඔබාමාගේ කතාව ඉතා තාර්කිකයි... ත්රස්තවාදීන්ගේ අරමුන බටහිර ජීවත්වන මුස්ලිම්වරුන්ව තවතවත් ඒ සමාජවලින් කොන්වන තැනට කටයුතු සිද්ධකිරීම. එවිට ඔවුන්ව ත්රස්ත සන්විධානවලට බඳවාගැනීම පහසුවෙනවා. (ස)
ඕනේ නම් ඇමෙරිකාවට 'බොදු බල සේනාව' එවන්න හැකියි. (ස)
ලෝකයන්ම ත්රස්තවාදය තුරන් කල යුතුයි. (ර)
අපිත් ඒ කාලේ කිව්වා මෙහෙ තියෙන්නෙත් දෙමළ ජාතිකයන්ට විරුද්ධ සටනක් නොවේ ත්රස්තවාදයට විරුද්ධ සටනක් බව .මෙතුමා ඒක පිළිගත්තද?ත්රස්තයන්ව බේර ගන්න වළි කෑවා. (බ)
සොපි, දන්නා දෙයක් කතාකරන්න. බටහිර රටවලින් මුලින්ම කොටින්ගේ අරමුදල් තහනම් කළේ ඇමරිකාව. ඇමරිකාව රාජපක්ෂ රජයට කීවේ මානව හිමිකම් උල්ලංඝනය නොකරන්න කියා. එය සාධාරණයි (නි)
නුවන්, පන් මල්ලත් අරගෙනම කඩේ යනවා වගෙයි (නි)
බලමු මෙතුමලා මොකක්ද ගන්න පියවර කියලා (නි)
කියන්නේ ඇත්ත නම් ඉතින් කමක් නැහැ. (නි)
නුවන් ඔයා කොහොම කිව්වත් තමුන්ට තර්ජනයක් නොවන ත්රස්තවාදයට මේ වැදගත් මහත්වරු උඩ ගෙඩි දෙනවා .දැන් දැන් තමුන්ටත් විශාල තර්ජනයක් වේගෙන එන නිසා පඬුපුල් ආසනේ රත්වේගෙන එනවා (බ)
ඔන්න දැන් තමයි ඔබාමට ත්රස්තවාදය ගැන හරියට තේරුනේ.... ඔහොම යන කොට තව තව දේවල් බලා ගන්ට පුළුවන් ඔන්න (බ)