ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ලැබුණු විශ්වාසදායී ආරංචියක් හේතුවෙන් ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්වල සියළුම පාසල් වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාසල් දරුවන් 640,000 නැවත දන්වනතුරු නිවෙස්වල රැදී සිටින්නැයි එරට ආරක්ෂක අංශ දැනුම් දී ඇත. ලොස්ඇන්ජලීස් යනු එරට දෙවැනි වැඩිම පාසල් සංඛ්‍යාවක් ඇති ප්‍රාන්තයයි. ඇමෙරිකා රහස් ඔත්තු සේවා නිලධාරින් හා බෝම්බ නිෂ්ක්‍රිය අංශ නිලධාරීන් පාසල් හා විශ්වවිද්‍යාලවල පන්තිකාමර, කාර්යාල, අල්මාරි, නානකාමර පරීක්ෂා කිරීම සදහා කැඳවා ඇත.
ලොස්ඇන්ජලීස් පාසල් අධ්යක්ෂ රමොන් කෝටිනස් මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් පවසා ඇත්තේ අවම වශයෙන් පාසල් තුනක බෝම්බ පිපිරවීමට සැළසුම් කර ඇතැයි විද්‍යුත් පණිවිඩයක් ලැබුණු බවයි. මෙහි සත්‍ය අසත්‍යතාව සොයාගැනීමට කාලය ගත කිරීම හෝ එය වන්නේ ද නොවන්නේ ද යන්න සිතමින් සිටීමට වේලාවක් නොමැති බැවින් සියළු පාසල් හා විශ්වවිද්‍යාල වසා දැමීමට ක්ෂණික තීරණයක් ගත් බව ද හෙතෙම පවසයි. පාසල් හා විශ්වවිද්‍යාල සියල්ල ආරක්ෂාකාරී යැයි තහවුරු කරගන්නා තුරු විවෘත නොකරන බව ද අධ්යක්ෂවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ බිහිසුණු අතීතයක් අපිටත් තිබුණා කියලා අමතක කරන්න එපා. (නි)
මොවුන්ට දැන්වත් තේරෙනවා නම් ලංකාවේ මිනිස්සු අවුරුදු 30 කොහොම ඉන්න ඇද්ද කියලා (නි)
ඇමරිකාවත් එක්ක සෙට් වුනොත් අපිටත් නිකම්ම ටොපිය හම්බු වෙනවා, මහින්දට පින්සිද්ධ වෙන්න කන්න නැතුව හරි, මෙහෙම ඉන්න එක මදිද (බ)
මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න අපි ලංකාවේ නිදහසේ ජීවත් වෙනවා. (ම)
බිහිසුණු ත්රස්තවාදයේ කටුක අත්දැකීම් 30 අවුරුද්දක් වින්දා, වැරදි ඇතත් පිට කොන්ද ඇති නායකයෙක්, වීරෝධාර හමුදාවකුත් නිසා ත්‍රස්තවාදයෙන් ගැලවූණු ශ්‍රී ලංකාව වැනි රටවලට නොයෙකුත් ප්‍රශ්න ඇති කරන මෙවැනි රටවලට නායකයන්ට ත්රස්තවාදයේ බිය පමණක් දැනේවා. එහෙත් එවැනි ප්රහාරයන්ට ගොදුරු නොවේවා. (බ)
ලොව කළ කළ දේ පල පල දේ (බ)
එහෙනම් ඇමෙරිකාවටත් ත්‍රස්ත බියට මලපහ වුනා අපි අවුරුදු 30 ක් තිස්සේ වින්දේ ඔය දුක තමයි මහින්ද ඔබ රටටත් සිංහල ජාතියටත් වාසනාවක් (බ)
අපේ අතීතය සිහිවුණා මට (නි)
අහලත් එපා වෙලා ,කියලත් එපා වෙලා.මහින්ද කෙරපු යුද්දයක් නැහැ හමුදාව හැර. .ජනතවගේ සල්ලි වලින් ප්‍රතිරූපය අවුරුදු 10 පිම්බුව එකේ ප්‍රතිපල පේනවා මිනිස්සු තවමත් ආවඩනවා . (අ)
නිශාන්ත, එහෙනම් ඉතින් මහින්ද එන්න කලිනුත් හමුදාව හිටියනේ (නි)