බුද්ධ ධර්මය චීනයේ ප්‍රචාරය කිරීම සඳහා භික්ෂුවකගේ ස්වරූපයේ රොබෝ යන්ත්‍රයක් හඳුන්වාදීමට චීනය කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කියයි.
බෙයිජින් නුවර ලෝන්ක්වාන් පන්සලේ රොබෝ භික්ෂුව සදහම් සේවයට යොදවා ඇත.
බොදුනුවන්ගේ ආකර්ශනය ලබාගෙන ඔවුන්ට හරවත් ධර්මය සිත්ගන්නාසුලු ආකාරයෙන් බෙදාදීමට මෙම නිර්මාණය සිදුකළ බව චීන තාක්ෂණ විද්‍යා සංගමය පවසයි. කෘතිම බුද්ධිය පිළිබඳ ප්‍රවීණයෝ මෙම නිර්මාණයට දායක වී සිටිති. විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ රොබෝ භික්ෂුව ධර්මානුශාසනා සිදු කරයි. පිරිත් සජ්ඤායනය කිරීමටද හැකියාව ඇති රොබෝ භික්ෂුවට සංවාද කිරීමේ හැකියාවද ඇති බව කියති.
සෙන්ටිමීටර් 60 ක් එනම් අඩි 2ක් පමණ උසකින් නිර්මාණය කර ඇති මෙම රොබෝ යන්ත්‍රයේ ටච් ස්ක්‍රීන් එකක්ද සවි කර ඇත. කහ පැහැ සිවුරක් දරා හිස මුඩු කර ඇති ආකාරයට රොබෝව නිමවා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න උන්නාන්සේලා කරන කියන දේවල් වල හැටියට එයාලගෙන් බණ අහනවට වැඩිය රොබෝ හාමුදුරුවන්ගෙන් බණ අහන එක හොඳයි කියලා හිතෙනවා (නි)
නොසන්සුන් මනස , රොබෝ වරුන්ගේ බුදු බණ අහලා වත් මනස ටිකක් නිරවුල් කර ගන්න පුළුවන් නම් කොච්චර එකක්ද? (ර)
අපේ රටටත් සිංහලෙන් බන කියනා රොබෝ වරුන් කිහිප දෙනෙක් වැඩම්මුවොත් හොඳයි. (ර)
බුදු හාමුදුරුඔවොත් පස් මහා බැලුම් බලල තමයි පහළ වුණේ. ඒ කියන්නේ ඒ කාලේ හැටියට තමයි ඒ ඒ වැඩ උචිත වුනේ. ඉතින් මේ කාලේ හැටියට මේක තමයි උචිත. (බ)
දැන් කාලේ හාමුදුරුවරු හරියට බණ කියන්නේ නැති කාලේ දේශපාලුවන්ට බණ අස්සේ ආවඩන කඩේ යන කාලේ. දේශපාලුවන්ට ආ වඩමින් බණ කියන්න තියෙන පැය නාස්ති කරන කාලේ තමන් පිළි නොපදින ධර්මය අනුන්ට දේශනා කරන කාලේ මෙහෙම රොබෝවරයෙකු දාලා හරි හරියට බුදු බණ ටික දේශනා කරන්න සැලැස්වීම නම් හරියට හරි හොද දෙයක්. (බ)
බෞද්ධ දර්ශනය බේරාගැනීමට හොද මාර්ගයක් මේකෙන්වත් පෑදුනොත් නම් හොඳයි. බොරු කියන සමහර චීවරධාරීන්ට වඩා රොබෝ කොච්චර හොඳද? (නි)
මහමෙව්නාව තුළින් දෙන පිරිසිදු ධර්මය අහන්න. පින් ඇති සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මය තුළින් ජීවිතය යහමඟට යොමුකරගන්න. (නි)
දැන් ඉතින් අපිට .... හොරුන්ට දානේ දෙන එක නවත්තල දාන්නා පුළුවන් .. (බ)
මේක හොද වැඩක්. දැන් ඉන්න ගොඩක් හාමුදුරුවරු ඒ ගොල්ලන්ට අයිති වැඩ කරන්නේ නෑ (ම)
ලංකාවේ මිනිසුන්ගේ හැටි මේ ප්‍රතිචාරවලින් පේනවා. හොඳ දේවල් පිළිගන්න සූදානමක් නෑ. හැම දේකම වැරදි විදියට පේන්නේ. මේ වගේ දේවලින් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් (බ)
පවින් පිරි මනුස්ස හාමුදුරුවරුන්ට දණගහලා වැඳලා අපිත් පව් පුරවාගන්නවා. අනික මේකෙන් ප්‍රචාරණය කරන්නේ පොත්පත් වල ඇති ධර්මයයි. නමුත් බොහෝ හාමුදුරු වෙසින් සිටිනා අය ප්‍රචාරණය කරන්නේ පොත්පත් වල ඇති දේවල් නෙමෙයි. තමන්ට ඕනෑ ඕනෑ දේවල්. (නි)
කට පාඩමින් ගෙන ආ ධර්මය ග්‍රන්ථාරූඪ කල වෙලෙත් මේ වගේම සමරනායක, රුවන් කුමාර ලා හෙලා දකින්න ඇති , වෙනස්වීම තේරුම් ගන්න, සියල්ල වෙනස් වෙනවා. (ර)
මම චිනේ ඉගෙනගත්තේ 2007-2010 කාලයේ හැමදාම චිනේ පන්සලකට යනවා . මම දැකපු දෙයක් චිනේ පන්සලේ උදේට හවසට පිරිත් කියනවා .අපේ ලංකාවේ වගේ නැහැ .චීන පිරිත් පොතේ අකුරු ඒ ඒ ශබ්දයට උච්චාරණය වෙන්නේ. අකුරු 3500 දන්නවනම් කතාකරන්න ,ලියන්න ,කියවන්න පුළුවන් .අකුරු 3500 ට 1 අකුරට හඩවල් 4 තියෙනවා ඒ අනුව තේරුම වෙනස් වෙනවා .මම යන හෙම වෙලාවෙම දෙකපු දෙයක් නම් පන්සලේ ලොකු පොඩි හාමුදුරුවන් පොත බලාගෙන තාම කියන්නේ .මතකෙන් කියන්න පුලුවන්නම් ලොකු දෙයක් .මේ දෙය ගොඩක් හොද දෙයක් චිනේ පන්සල් වලට. (ර)
රොබො යන්ත්‍රෙයන් හරි කමක් නෑ බුදු දහම සුරක්ෂීතව, ඉදිරීයෙදී අපට අහන්න ලැබෙනවා නම්. (ර)
අනේ මන්දා...මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ මේවට ....(ම)
මගේ හිතටත් හරි නැහැ මේ වැඩේ නම් (නි)
රොබෝව වුණත් මොකද කියලා හිතෙනවා බණ ටිකක් අහගන්න ලැබෙනවා නම් (නි)
සමරනායක,රුවන් කුමාර, ඔබ දෙදෙනාගේ අදහස් හරි. බෞද්ධාගම සැහැල්ලුවට ලක්වීමේ ක්‍රමයක් වගේ මටත් පෙනෙන්නේ (නි)
මේ ක්‍රමය හොඳයි, පුංචි කාලෙදිම කුඩා දරුවන්ගේ ආකර්ෂණය බුදුදහම වෙත ළඟා කර ගැනීමට. නමුත් වැඩිහිටියන් වෙනුවෙන් ප්‍රයෝජනයක් නැහැ. (නි)
සමරනායක, රුවන්, කුමාර් මේ යන විදිහට මේක තමයි හොදම ක්‍රමය. (ර)
සසරින් එගොඩ කරන්න රොබෝ බන කියන හිමි වරුන් නිෂ්පාදන කරලා , එක හොඳයි , ලංකාවේ බහුතර බික්ෂුන් වහන්සේලාට ජනතාව සසරින් එගොඩ කිරීමට කාලය නැහැ , මොකද එක එක දේශපාලන පක්ෂවලට හේත්තු වෙලා ඒවා ගොඩ දැමිම කරන නිසා , අනික මේ රොබෝ හිමි වරුන් බන කියන විට ජාති වාදය ආගම් බේද නැතුව බණ පමණක් කියන නිසා (අ)
හාමුදුරුවෝ නැතුව පන්සල් වැහෙනවා මේක හොද දෙයක් ...දානේ දෙන්න ඕනත් නෑ නියමයි (බ)
එක කාලයක ග්‍රන්ථාරූඨ කළා, මෙකල අන්තර්ජාලයට එක්කළා, දැන් රොබෝවෙක් මගින් ඉදිරිපත් කරනවා , මිනිසුනේ හැඟීම් වලින් නොවේ බුද්ධියෙන් හිතන්න, නිරපේක්ෂ සත්‍ය එසේම පවතිනවා.(බ)
මේ ගොල්ලෝ නම් සිල් බිදගන්න එකක් නැහැ. දේශපාලකයන්ට කඩේ යන එකකුත් නැත. (බ)
මේ දේ නම් ගැලපෙන්නේ නෑ.(හේ)
බණ කියනවා මිසක ඒවා රකින්නේ නැති මහනුන් ඉන්නා ලංකාව වගේ රටවලට මේ රොබෝලා හොඳයි, මොකෝ එයාල ගාව පව් නෑනේ. (හේ)
බෞද්ධාගමත් හෑල්ලුවට ලක් වෙනවා මේ දේවල් වලින් හෙට අනිද්දාට හමුදුරුවරුත් ඕනේ නැහැ කියයි රොබෝලා ඉන්න නිසා තාක්ෂණය ලෝකයට ඕනේ නමුත් මෙවෑනි දේවලට නෙමෙයි කියලයි මගෙ අදහස (බ)