බංග්ලාදේශයේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන ජමාත් ඊ ඉස්ලාමි පක්ෂයේ ප්‍රධානියකු වන මිර් කාසිම් අලිට මරණ දඬුවම නියම කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
1971 නිදහස් අරගලයේ දී යුද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවකු වීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි. ඔහුට 2014 වසරේදී මරණ දඬුවම නියම කළද ඩකා නුවරට එල්වූ ප්‍රහාරයෙන් පසු අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා තැබුණු අතර සෙනසුරාදා (3) ඔහු එල්ලා මරා දමනු ලැබීය.
චිතගොං හි වරාය නගරයේ අල් බාදර් හමුදා ඛණ්ඩයේ අණදෙන්නා ලෙස 1971 යුද්ධයේදී කටයුතු කළ ඔහු පසුව නැව් සහ ඉඩම් වෙළඳාම් හි නියුතුව කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූ අතර බංග්ලාදේශ ඉස්ලාමීය බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙසද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ කට්ටියක් අපේ රටෙත් ඉන්නවා නේද ? බංගලාදේශෙත් ත්රස්තවාදයට වැට බදිනවා ලංකාවේ නම් කට්ටිය තවම නිදි ? (බ)
නුවන් නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා ! ඔය ලිපියෙන් කියවෙන්නේ 1971 දී පකිස්තානයේ කොටසක්වූ නැගෙනහිර පකිස්තානය -බංගලාදේශය වෙන් කරන්න ඉන්දියාව උත්සාහ කරපු වෙලාවේ පකිස්තානයට සහයෝගය පල කරපු සහ පකිස්තානය විසින් කරපු මානව අයිතිවාසිකම් කඩ කිරීම් වලට සහයෝගය පළකරපු කට්ටිය ගැනයි ! (බ)
ජෝජ්ට නම් තොප්පිය හරියටම වැටිලා (නි)
අයියෝ නුවන් යන්නේ කොහෙද මල්ලේ පොල් (බ)
තොප්පි දාන එකවත් තොප්පි වැටෙන එකවත් නෙවෙයි වැදගත්. හැම දෙයක් දිහාම මැදහත් සිතින් බලන්න පුළුවන් වුන දාට අපිත් දියුණු රටක් වෙයි. (බ)