බංග්ලාදේශයේ ඩකා අගනුවරදී කුමන්ත්‍රණකාරීව හැසිරුණු කැරලිකරුවන් නව දෙනකු පොලිස් ප්‍රහාරවලින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එරට පොලිස්පති ශාහිදුල් හක් පැවසුයේ මෙහෙයුම අතරතුර එක් පුද්ගලයකු රඳවා තබාගත් බවයි. කැරලිකාර කණ්ඩායමක් ඩකා ගොඩනැගිල්ලක සිව්වැනි මහලේ තිප්පොළක කුමන්ත්‍රණයක් සිදුකර ඇතැයි ද ඔවුන් කැරැල්ලක් සඳහා සූදානම්ව සිටි බව ද කියති.
ජිහාඩ් සංවිධානයේ පොත්, බෝම්බ සහ ගිනිඅවි එහි තිබී සොයාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත. කළු ඇඳුම් කට්ටලයක් සහ කළු කොඩියක් ද සොයා ගත් බව කියති.
මෙම කැරලිකරුවන් අයිඑස් සාමාජිකයන් බව නිල නොලත් වාර්තා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවටත් මේ වගේ කරදර එන්න කලින් සෝදිසියක් දාලා ආරක්ෂාව පැත්තෙන් දෙයක් කළා නම් හරි නේද? එහෙම වෙනවද දන්නේ නැහැ (නි)
කවදා මේ ප්‍රශ්න වල අවසානයක් දකින්නද? (නි)
චානකලා වගේ අය හමුදාවේ හිටියොත් වෙන්නේ ආයුධ පරික්ෂා කරනවා කියලා මංකොල්ලකෑම තමයි. මේ වගේ සමහර අය නිසා තමයි හමුදාවට යුධ අපරාධ චෝදනා නගලා තියෙන්නෙත්. (නි)