ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිපිරීමකින් 17 දෙනකු මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.
ප්රහාරයෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි කියති. ප්රහාරයේ වගකීම අයිඑස් ත්රස්තයන් විසින් බාරගනු ලැබ ඇතැයි ද බැග්ඩෑඩ් නගරයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන ප්රහාරය එල්ලවී ඇතැයි ද වාර්තාවේ.
අවට තිබූ වෙළඳසල් කිහිපයකටද, මෝටර් රථ කිහිපයකටද ප්රහාරයෙන් හානි සිදුව ඇතැයි බැග්ඩෑඩ් හි පොලිස් ප්රකාශකයකු සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ වැඩේ මරාගන්න එක. ජිවිතයක වටිනාකම නොහදුනන මහා වනචාරි මිනිසුන්. (ර)
ඉසුරන්දි ,අපි ගැනත් ලෝකය ඔහොමම කිව්ව කාලයක් තිබුණා. ඒ කාලේ කොන්ද පන ඇති සිංහලුන් නිසා අපි ගොඩ අවා. (බ)
මේවා කරේ කරන්නෙත් ඇමෙරිකාව මේවා සහගහන අපරාද මේවා කලින් මේ රටේ තිබ්බේ නැහැ. (ර)