අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතික දේශපාලන සිරකරුවන් 26 දෙනකු නිදහස් කිරීමට ඊශ්රායල රජය ඊයේ (14) පියවර ගත්තේය.
එම සිරකරුවන් 26 දෙනා නිදහස් කළේ ඇමෙරිකාවේ අනුග්රහය යටතේ ආරම්භ වීමට නියමිත, ඊශ්රායල පලස්තීන සාම කතාවලට පෙරය.
සාම කතා ඵලදායී කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකාවේ ඉල්ලීමට කන් දී, සිරකරුවන් නිදහස් කිරීමට ඊශ්රායල රජය තීරණය කළේ, ඉකුත් 12 වැනිදාය. එම තීරණය ගත් අවස්ථාවේදී එම 26 දෙනාගේ නම් ලැයිස්තුවද ප්රසිද්ධියට පත් කළේය.
ඊශ්රායල පලස්තීන මැදපෙරදිග සාම කතා ආරම්භ වන්නේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. ඒ සඳහා පිඹුරුපත් සකස් කෙරුණේ මීට මාසයකට පමණ පෙරදීය. සාකච්ඡුා සඳහා මැදහත්කරු ලෙස කි්රයා කරන්නේ ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරීය.
පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ඊශ්රායල රජය තීරණය කළේ එරට ආරක්ෂක ඇමැති යේලෝන් සහ ආරක්ෂක අංශ ප්රධානීන් අතර දීර්ග වශයෙන් පැවැති සාකච්ඡුාකින් ද පසුවය.
නිදහස ලැබුණේ ඊශ්රායල අත්ඩංගුවේ සිටින සිරකරුවන් 104 දෙනකුගෙන් 26 දෙනකුය. සාම කතා ඵලදායී ආකාරයට සිදුවන්නේ නම් සෙසු පිරිස ද මුදා හැරීමට කටයුතු සැළසෙනු ඇතැයි ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
නිදහස ලැබූ එම පලස්තීන ජාතිකයන් පිරිස ඊයේ බටහිර ඉවුරේ පලස්තීන පාලන ප්රදේශයට පැමිණි අවස්ථාවේ ඔවුන් උණුසුම් ලෙස පිළි ගැනීමට පලස්තීන වැසියෝ පියවර ගත්හ. ඊශ්රායලය කළ එම සිරකරුවන් නිදහස් කිරීම පලස්තීන රජයේ ද පැසැසුමට හේතුවක් වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යසීර් අර්ෆත් මුළු ජීවිත කාලය පුරාම සාකච්ඡා කළා. විසඳුමක් උනේ නැහැ. අන්තවාදී ආගම් මූලික සටන් කිසිදා විසදෙන්නේ නැහැ. (ස)
ඒ පාර මොකාටද එන්න හදන්නෙ කියල දන්නේ නැහැ. කවරදාකමවත් යුදෙව්වන්ව විශ්වාස නොකල යුතුයි. ඔවුන් දිය යටින් ගින්දර ගෙනයන අයයි. (ස)
අනේ මේ ෆර්සන් ඔයාලට දෙන්න ඕනේ ඔය තෛලයෙන් තමා. දැන් පේනවද අපිට වෙලා තියන දේ.(නදී)
අපේ රටේ යුද්ධය තිබුණු මුල්ම කාලේ අපිට උදව් කළේ යුදෙවුවෝ. ඒක අමතක කරන්න එපා. (නි)