ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ජනපති මැදුර හෙවත් ධවල මන්දිරය සහ එරට පරිපාලන ගොඩනැගිලි සංකීර්ණ පිහිටි ‘කැපිටල් හිල්’ කලාපයේ පෙරේදා (3) සවස පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූවාය.
|
මියගිය මීරියම් කෙරී |
ඇය මීරියම් කෙරී නමැති 34 හැවිරිදි ඇමෙරිකානු කලූ ජාතික කාන්තාවක බව එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර, ඇගේ විස්තර සහ ඡායාරූප මාධ්‍ය වෙත ලබා දී ඇත.
ඇය දන්ත වෛද්‍ය හෙදියක වන අතර, කනෙනිකට් ප්‍රාන්තයේ පදිංචිකාරියක ද වෙයි.
පෙරේදා, ඇය හිටිහැටියේම ඇගේ මෝටර් රථය වේගයෙන් ධාවනය කරමින්, පොලිස් අණ නොතකා කැපිටල් හිල් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වී ඇත.
පොලිස් නිලධාරීන් පොලිස් රථවලින්, ඇගේ මෝටර් රථය වට කළ අවස්ථාවේදී, ඇය ඒවා හප්පාගෙන ඉදිරියට ධාවනය කර ඇත. මේ සියල්ල මාර්ග අවට ඇති ආරක්ෂක සී.සී.ටීවී කැමරාවල සටහන් විය.
ඇය ලූහුබැඳ යෑමේදී, පොලිස් නිලධාරීන් කිහිප දෙනකු තුවාල ලැබූ අතර, ඔවුන් හෙලිකොප්ටර් ආධාරයෙන් කඩිනමින් රෝහල් ගත කළ බව ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.
අවසානයේ දී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇගේ මෝටර් රථය හරස් කොට, ඇය මෙල්ල කර ගෙන ඇත්තේ, ඇයට වෙඩි තැබීමෙනි.
වෙඩි තැබීමෙන් රෝහල් ගත කිරීමට පෙර ඇය ජීවිතක්ෂයට පත්වූවාය. ඇය එම කලබලය සිදු කරද්දී, මෝටර් රථයේ වයස අවුරුදු දෙකක් වයසැති ඇගේ දියණිය ද සිටි බව වාර්තා වේ.
මීරියම් කෙරී එසේ කලහකාරී ලෙස හැසිරුණේ ඇය මානසික ආතතියකින් පෙලූණු නිසා යැයි එෆ්.බී.අයි. පරීක්ෂකවරු පවසති.
ඇය මෝටර් රථය ධාවනය කරමින්, කැපිටල් හිල් කලාපයට කඩා වැදුණු අවස්ථාවේදී, ධවල මන්දිරයේ ආරක්ෂාව වහා තර කෙරුණි. ජනපති ආරක්ෂක සේවයේ නිලධාරීන් සහ ස්වොට් පොලිස් නිලධාරීහු ජනපති මැදුර වටකරමින් සීරුවෙන් සිටියහ.
සිද්ධියෙන් පසු පැය කිහිපයක් යන තුරුම ‘කැපිටල් හිල්’ කලාපය වසා දැමීමට ද පියවර ගැනුණි.
|
මීරියම් කෙරී මෝටර් රථයේ හැපුණු පොලිස් රථයක් |
|
සිද්ධියෙන් පසු කැපිටල් ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබාදෙමින් |
|
මෝටර් රථය වටකිරීමට උත්සාහ ගනිමින් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මානව හිමිකම් අපි වගේ දියුණුවෙන් නැගී එන රටකට තමයි ඕවා ලෝකේ පුළුවන්කාර පොලිසියක් සහ හමුදා තියෙද්දිත් මේ තරුණ ගැහැණු කෙනෙක් මෙල්ල කරගන්න බැරි හැටි අහෝ දුකකි . අර කෙනෙක් කිව පරිදි රෝද වලට වෙඩි තියන්න තිබ්බේ .මනුස්සයත් බේරෙනවා වැඩෙත් කොටයි ,කොපමණ අලාබහානිද මේ රට වල කට පමණයි වැඩ නෑ හඬ පමණයි දුර්වල රට වල බලල ප්‍රශ්න ඇති කරන එක තමයි උන්ගේ ආස්වාදය ,(නදී)
දමින්දට හොඳ අදහස් ලැබෙනවා. මට සතුටුයි (නි)
එන්නකෝ ලිබියාවට්...සිරියාවට ..පකිස්ථානෙට..ඊජ්ප්තුවට...ඔය තියෙන්නේ ගනින්න දුසිම්ගානට හැමදාම...(නදී)
මගේ අම්මෝ....එක කෙල්ලෙක් ට වෙඩි තිබ්බට මෙයාල ඩෝන් දානවා. මෙහෙ කොච්චර කෙල්ලෝ ඉන්නවද ජොලියේ...?.(නදී)
දමින්ද ඔබ ආරක්ෂක අංශයක කුස්සියේ වැඩ කරපු කෙනෙක් වන්නට ඕනේ . .(නදී)
ජගත් සංවිධානය බම්බු ගහනවද ?කලු ජාතික කාන්තාවක් මෙසේ ඇමරිකානු රජය විසින් නින්දිත ලෙස මරාදැමීම පිළිබඳව පිල්ලෙ නෝන යවලා පරීක්ෂණයක් කරන්නෙ නැත්තෙ මන්දා ? . (නදී)
දුමින්ද මට මතකයි අර ආරක්ෂක කදවුරේ කුස්සියේ ඔබ පොල් ගාපු හැටි.. (නදී)
අනේ මන්දා මෙච්චර හරියක් වෙද්දී වෙඩි නොතියා මොනවා කරන්නද? මේක රටේ ජනාධිපතිවරයා ආරක්ෂා කරගන්න ගත් ක්‍රියාමාර්ගයක්. බලය රැකගන්න කරපු දෙයකුත් නෙමෙයි. (නි)
දමින්ද කිව්ව දේ මම අනුමත කරනවා. මේ පොලිස් කාර් එක හැපිලා තියෙන විදිහට ටයර් වලට වෙඩි තිබ්බට වැඩක් වෙයි කියලා හිතන්න අමාරුයි. අනිත් එක ටයර් වලට වෙඩි තිබ්බහම මේ වාහනේ හැසිරිලා තියෙන විදිහට වෙන කොහේ හරි හැපිලා වාහනේ හිටපු ළමයට හානි වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ධවල මන්දිරේ හරියේ මෙහෙම සෙල්ලම් දානකොට වෙඩි නොතියා ඉඳීද? අපේ අරලිය ගහ මන්දිරේ හරියේ මෙහෙම කළොත් වෙඩි නොතියා ඉඳීද? මානව හිමිකම් වගේම ඕනෑම රටක ජාතික ආරක්ෂාවත් පවත්වාගන්න ඕනැනේ. (නි)
එකම දේ ඇමරිකාවේ පොලිසිය කුලියට මිනිස්සු මරන්නේ නැහැ. (නි)
ඇමරිකාවේ ආරක්ෂක අංශ ස භාවිතා කරන්නේ 1970 ගණන්වල වලව වියප්රුතියට යොදාගත් වර්ගයේ ට්‍රක් රථ... ! අඩුමතරමේ ඩිපෙන්ඩර් හෝ බී.එම්.පී ඩිපෙන්ඩර් හෝ බී.එම්.පී වැනි රථ නැතුව ඇති (නදී)
කෝ අපේ පිල්ලේ අම්ම? එතොකොට මානව හිමිකම් සංවිධාන කෝ ? ඩොලර් ලැබෙන්නේ නැද්ද මේ වගේ සිද්දි වලට?(දී)
වර්තමාන නාගරික ජීවන රට නිසා ආතතියට පත්වෙනවා. එහෙත් අපට හැකී භාවනා යෝග ක්‍රම මගින් එය අඩුකරගන්න මෙය මාගේ අත්දැකීමක්.(නදී)
මොනවා කියන්නද? ඇමෙරිකාවෙනේ ;;;;;;;;? කාන්තා අයිතිය............? මානව හිමිකම්.;;;;;;;;;;;;;;;;;;;;? ලෝක ළමා දිනය? මව්වරුන්ගේ හිමිකම්.............? ඉතින් අපිත් බලාගෙන ඉම්මු ඇමෙරිකාවෙන්ම පිළිතුරත් ලැබෙනකම්;;;;;;;? මේ කාන්තාවට වෙඩි තිබ්බ කියල රතු අයියල දැනටමත් පෙළපාලි ලැහැස්තිකරලද දන්නේ නැහැ ලංකාවේ? ඔබම හෙටම අස්වීමේ ලිපිය බාරදීලා යයිද දන්නේ නැහැ.(නදී)
මෙවනි අවස්තවක කාර් එකට වෙඩි නොතියන්නෙ මෙය කාර් බොම්බයක් විය හැකි බැවින්. කරුණාකරලා නොදන්නා දේ කියවන්න එපා. මම ආරක්ශක අංශයෙ හිටි කෙනෙක්. මෙවැනි අවස්ථා සම්බන්ධයෙන් පුහුණුවක් ලබා තිබෙනවා. (නි)
කෝ ඉන්දු රූපා චන්ඩි ඔයාල තාම කඹුරුපිටියේද? කාන්තාවෝ පොලිෂියෙන් මරනවෝ... (දී)
මිනිස් ජිවිත වල වටිනා කම නොදන්නා මිනිස්සු (දී)
විමල් වීරවංස ඇමති වහාම මේ ගැන සොයා බලා බරපතල ප්‍රකාශයක් කරන තුරු අපි බලා හිදිමු . (දී)
මේ සිද්ධිය පිළිබධව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් කල යුතු බවත් ශ්‍රී ලංකා රජයේ අවදානය යොමුවී ඇති බවත් කියල වොෂින්ටන් ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කලානම් හරි.(නදී)
ඇමරිකාවේ පොලිස් කාර් එකක් කිව්වට හැපිලා තියන විදියට අපේ ත්‍රි විල් එකක් වගේ පොඩි පට්ටම්වෙලා.(නදී)
මෙහි සජීවී දර්ශන මම නැරඹුවා. රෝද වලට වෙඩි තිබ්බා නම් අර ජීවිතය බේරාගන්න තිබුනා. ඒ කාටවත් ඒක කල්පනා වුවේ නැහැ. ඒ අතින් අපේ හමුදාව කොච්චර දක්ෂද ? (නදී)
කාර් එක නවත්ත ගන්න නම් ටයර් වලට වෙඩි තිබ්බ නම් ඇති නේ, ඇයි එයාට වෙඩි තිබ්බේ මැරෙන්නන්ම? කෝ මානව හිමි කම් ? (දී)