ප්‍රහාරක ගුවන් යානා දෙකක හා එහි නියමුවන් දෙදෙනගේ සහයෙන් මරණාසන්නව සිටි රෝගියකුගේ දිවි ගලවාගැනීමට නෝර්වේහි බොඬේ නගරයේ රෝහලක කාර්යමණ්ඩලය සමත්වූහ.
මරණාසන්නව සිටි රෝගියාට ප්‍රතිකාර කිරීමට අවැසි වූ උපකරණ රෝහලේ නොතිබුණු අතර සැතපුම් 280 ක් දුරින් තවත් රෝහලක එම උපකරණ තිබෙන බව ඔවුනට දැනගන්නට ලැබිණ.
මේ සා දුරක් එම භාණ්ඩ ප්‍රවාහනය කර රෝහලට ගෙන්වාගත්තද ඒ වන විට රෝගියා මියගොස් සිටිනු ඇති බව තේරුම් ගත් ඔවුහු වහාම නෝර්වේ ගුවන්හමුදාව ඇමතූහ.
අවශ්‍යතාවය පැහැදිලි කළ පසු ගුවන් බලධරයෝ ඔවුනට උදව් කිරීමට පොරොන්දු වූහ.රෝහලට ආසන්න ගුවන් හමුදා කඳවුරකින් පුහුණු සැසියක් සදහා ගුවන්ගතවීමට සූදානමින් සිටි ගුවන්යානා දෙකක නියමුවන්ට රෝහලේ අවශ්‍යතාවය දැනුම්දෙනු ලැබිණ.
වාසනාවට මෙන් එක් ගුවන්යානයක භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හැකිවන සේ අමතර කොටසක් සවිකර තිබිණ.
විනාඩි 25 ක කාලයක් ඇතුළත දුරින් පිහිටි රෝහලේ සිට රෝගියා සිටි රෝහල දක්වා අදාළ උපකරණ ගෙනවිත් දීමට නියමුවන්ට හැකිවිය.
සාමාන්‍යය අවස්ථාවකදී මෙම ප්‍රදේශයේ පියාසැරියක් සම්පූර්ණ කිරීමට විනාඩි 35 කට ආසන්න කාලයක් ගතවුවත් රෝගියාගේ ජීවිතය ගැන සිතා එය විනාඩි 25 කින් අවසාන කළ බව ගුවන්හමුදා කදවුරේ නියමු ප්‍රධානියා පැවසුවේය.
''ඔවුන් ඇසුවේ ගෙනෙන්නට තිබෙන උපකරණ වල ප්‍රමාණය ගැන විතරයි''. රෝහලේ ප්‍රකාශයකයෙක් කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේටම කලින් මිනිස්කම! නියමයි. සුබ පැතුම්! (නි)
යම් දෙයක් කරන්න ඕනෑ නම් සහ උවමනාව තියෙනවා නම් එය කළහැකියි. ලංකාවේ සංවර්ධනයටත් එසේමයි (නි)
විශිෂ්ට ක්‍රියාවක්. මගේ සුබ පැතුම්! (නි)
අපේ නියමුවන් වුවත් එහෙම තමයි (නි)
විනාඩියක ප්‍රමාදය අපේ සෙබළුන්ගේ ජිවිත් අවදානමකට ලක් කිරීමක්. කෙසේ හෝ මම යානය පහලට ගන්නම් , ගුවන්ගත වීමට අවසර දෙන්නයි පවසමින් මරුවා පෙනී පෙනී ආයුද සමග ගුවන් ගත වූ අපේ වීරෝදාර ගුවන් නියමුවන් සිටිනවා. (ර)
ගොඩක් හොඳ දෙයක්. (ර)
ලංකාවේ නම් දේශපාලකයන්ට පමණක් උරුම වූ අවස්ථාවක්. (ර)
අපේ නම් මෙහෙම දෙයක් වෙන්නේ දේශපාලකයෙක් අසනීප වුණාම විතරයි. දුප්පත් අහිංසක මිනිහෙකුට පාරෙන් එහා පැත්තේ තියෙන බෙහෙත් ටික ගන්නවත් විදියක් නැහැ. ඔන්න ඕක තමයි සැබෑ සමානාත්මතාවය. හැම ජීවිතයකම වටිනාකම එක හා සමානයි (නි)
ශ්‍රී ලංකාවේ යුද්ධයටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබාදුන්නේ විශ්මිත සහයෝගයක්. විනාඩි 8 න් කටුනායකින් මුලතිව් ගිහින් අවශ්‍ය ඉලක්කවලට නිවැරදිව පහරදුන්නා. (නි)
අහන්නත් ආසයි මේ වගේ දේවල් (නි)
අපේ බොහොමයක් රෝහල් වල ගිලන් රථයක් අවශ්‍ය වූ විට ලෙඩා මැරිලා එන්නේ මිනී කාර් එකේ... (ර)