පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හී පිහිටි සමාධි බෞද්ධ විහාරයේ වෙසක් උත්සවය විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප්රධානත්වයෙන් සහ ඩෙන්මාක් හී කොපන්හේගන් විහාරස්ථානයේ විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි, කිරින්දේ ධම්මාලෝක හිමියන්ගේ සහභාගිත්වයෙන් 02 දා පැවැත්වීණි. සියලූ දෙයින්ම අංග සම්පූර්ණව සිදුවූ මෙවර වෙසක් උත්සවයේදි සර්වඥ ධාතු ප්රදර්ශනයක්ද , අලංකාර වෙසක් කූඩු ප්රදර්ශනයක්ද පැවැත්වුයේය. විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ දැතින් නිමැවූ විසිතුරු නිර්මාණ රැගත් විවිධ හැඩගත් වෙසක් කූඩු විස්සක් පමණ වෙසක් සැරසිලි අතරට එක් වී තිබුණේය.
මෙම වෙසක් කූඩු ප්රදර්ශණය දුටු ප්රංශ ජාතික අසල්වැසියෝ වැල නොකැඩී විහාර භූමියට පැමිණ වෙසක් සැරසිලි නැරඹීමට උත්සුක වුයේය. පහන් පූජා, මල් පූජා, වෙසක් දන්සැල ආදිය පැවැත්වීමෙන් හා සිල් පවාරණය වීමෙන් පසු වෙසක් උත්සවය අවසන් වූයේය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්ෆල් කුලුන මුදුනේත් බෞද්ධ කොඩිය ගහල තිබුනලු නේද????(ම)
මෙය ඉතා අගනා අවස්ථාවක් දේශිය සංස්කෘතිය විදේශියට විදහා දැක්විමටත් (ම)
අපේ රටේ වගේ දන්සල් ළඟදි බෞද්ධ කොඩි වනලද? ඔය රටවල් වලත් දන්සල් දෙන්නේ? කොහොම වුනත් අපිට සතුටක් එනවා මේ වගේ පින්කම් ලෝකේ බෞද්ධ නොවන රටවල් වලත් තියෙන එකට. අයිෆල් කුලුනේ අපේ බෞද්ධ කොඩියක් ගහන්න ඔය රටේ නිලධාරින් අවසර දෙනවාද? (බ)
ප්රංශ ජාතිකයෝ බුදු දහමට කැමැත්තක් දක්වන්නේ ඒ ගැන සොයා ඉගෙන ගන්න නිසයි (බ)