ප්‍රංශයේ මීළඟ ජනාධිපතිවරණය සඳහා එක් එක් පක්ෂ වල හා ස්වාධීන අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්රචාරක කටයුතු සිදුවෙද්දී පසුගිය 17 වැනිදා ප්‍රංශයේ වයඹ දිශාවේ බ්රොතැන් පළාතට අයත් ලැම්බාල් ප්‍රදේශයේ මැතිවරණ කටයුතු වලට සහභාගි වෙමින් සිටි ප්‍රංශ හිටපු අගමැති මැනුවෙල් වාස් මහතාට තරුණයෙක් (18) අතට අතදී කම්මුල් පහරක් ගැසීය.
සැනෙකින් ඔහුව පාලනය කර ගත් ආරක්ෂක භටයෝ ඔහු අත් අඩංගුවට ගත්හ. තරුණයා ‘නොලාන්‘ ලෙස හඳුනා ගෙන ඇත. ඔහු අන්ත දක්ෂිනාංශික ජාතිවාදි පක්ෂයට හිතවත් හා එම ප්‍රදේශය කේන්ද්‍ර කොට ආරම්භ කිරීමට ගිය ප්‍රාදේශීය ගුවන්තොටුපොළට විරුද්ධ කණ්ඩායමේ සාමාජිකයෙක් බවද ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත.
පාලක සමාජවාදි පක්ෂයෙන් හිටපු අගමැති මැනුවෙල් වාස් මහතා ඇතුළු හත් දෙනෙක් පක්ෂ අපේක්ෂක සටනට මුහුණදී සිටිති.
අදාළ තරුණයාට විරුද්ධව හිටපු අගමැති පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර අගමැති කාලයේ ඔහු ජනයාට සැලකූ ආකාරය ගැන ඇති අප්‍රසාදය පළකිරීමට තමා එසේ කළ බව තරුණයා පොලීසියට පවසා ඇත. කෙසේ නමුදු තරුණයා 2014 වසරේදී මත්ද්‍රව්‍යය සමඟ පොලිස් අත් අඩංගුවේ ද සිටි පුද්ගලයෙක් බව ද ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන ඇත. ඉදිරි දින වලදී ඔහු අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත අතර වැරදිකරු වුවහොත් වසර තුනක සිර දඬුවමක් හා යුරෝ 45,000ක (රුපියල් ලක්ෂ 72) දඩයක් විඳීමට සිදුවන බව කියති.
මින් මාසයකට පමණ පෙරද හිටපු අගමැතිට පාන් පිටි ප්‍රහාරයක් එල්ල විය. මෙවැනි ප්රහාරයන් තරයේ හෙළාදකින බව අනෙක් අපේක්ෂකයෝ කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයේ හින්ද හොඳයි .මේ වගේ දෙයක් ලංකාවේ වුනා නම් හොදි ඕනේම නැහැ . ගහපු එකාගේ සනුහරේම ඉවරයි . පේනවනේ වෙනස ? (බ)
අපේ රටේ නම් ඉතින් සමහරුන්ට කම්මුල් පාරවල් විතරක් ගහලා මදි. උල තියන්න ඕනෑ කරපු හා කරන වැඩවලට. (නි)
අන්න මිනිස්සු (බ)
දැන් ලංකාවේ වෙන දේවල් වල හැටියට හෙට අනිද්දා වෙන කොට ඔය සීන් එක ලංකාවෙත් වෙයි .එහෙම වුනොත් ප්‍රංශයේ වගේ නොවේ .කට්ටියක්ම වට කරලා ගහන්නේ . (අ)
අපේ අය කරන්නේම ගුටිකන වැඩ නිසා ඉස්සහරහට ගොම බාල්දි, තක්කාලි, බිත්තර පහරවල් වලින් අඩුවක් වෙන එකක් නැතිවෙයි (නි)
අපේ අයට ගහන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපේ අය එන්නේ යන්නේ ප්‍රාඩෝ, පැජරෝ, ලෑන්ඩ් රෝවර් වලින්නේ (නි)
අනේ අපේ රටේත් මේ වගේ කොන්ද තියන එක මනුස්සයෙක් හරි හිටියනම් මොන තරම් සතුටක්ද (බ)
ඕක මොකක්ද ලංකාවේ සමහරුන්ට කී දෙනෙක් අපහාස කරනවද එක දවසකට? (නි)
මේක කොහේදෝ මුතු ඇටයනේ ;ඔය ඕනෑ තරම් රටේ සල්ලි හොරකම් කරපු අය යස අගේට ඉන්නේ . තව මදිවට මහා ඇමැතිවරු ගෙන්නලා රැස්වීමුත් තියනවා .ඕවා දිහා බලාගෙන ඉන්න ජනතාවක්නේ මුතු ඇටේ ඉන්නේ .ඉතින් තව මොනවා කතා කරන්නද ? (බ)
දිලුම් ඔයාගේ කතාව නම් ඇත්ත තමයි . නමුත් අපේ ඉන්නේ හොරු පාර්ලිමේන්තුවට යවන්න ඡන්දය දෙන ජාතියක් නේ . ඒක අපේ කරුමය (බ)