ගණනකට නැතිව මහ පාරට කසළ විසිකර දමා යන රියැදුරන්ට අපූරු ද~ුවමක් දෙන කාන්තාවක රුසියාවේ සිටිී.
සෑම දිනකම ඇය තම යතුරුපැදියේ නැගී නගරය පුරා සංචාරය කරන්නීය.
පාරට කැළිකසළ විසිකරනා රියැදුරෙකු ඇයගේ ඇස ගැටුණහොත් ඇය කරන්නේ එම රියැදුරා විසිකර දමනා කැළිකසළ එකතු කරගෙන රියදුරාගේ රථයට ඇතුළට විසිකර දැමීමය.
විස්මයට පත්වන රියැදුරා කිසිත් සිතා ගැනීමට ප්‍රථම තම යතුරුපැදිය අධිවේගයෙන් පදවන ඇය පළා යන්නීය.
ඇයගේ ක්‍රියාන්විතයන් දැක්වෙන වීඩියෝවක්ද අන්තර්ජාලයට එක්කෙරී තිබෙන අතර එහි ඇය පාරට බෝතලක් විසිකළ පුද්ගලයෙකුගේ මෝටර් රථයේ පැති කණ්නාඩියට එම බෝතලය තබා ටේප් පටි ගසා අලවනු, ඉවත ලන ආහාර ද්‍රව්‍ය පිරි මල්ලක් විසි කළ පුද්ගලයෙකුගේ මෝටර් රථය අසලට ගොස් වීදුරුව පහත් කරන්නැයි කියා ඉල්ලා මල්ලේ තිබූ කසළ සියල්ල ඔහුගේ ඇග මතට හළනු ආදිය සටහන්ව තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ලංකාවෙත් ඉන්නවා නෝනලා මහත්වරු, උදේට වාහනෙන් වැඩට යන ගමන් කුණු බෑග් එක පාරේ අයිනට විසික් කරගෙන යන. (ස)
ලංකාවේ ඉන්නවා ඕන තරම් ඔය ජරා වැඩේ කරන ඇය (නදී)
පාරට කුණු විසිකරන අය නෝනලා මහත්වරු නොවෙයි . (නි)
ලංකාවටත් ඔය වගේ කීප දෙනෙක්ම ඕනා. රට අපිරිසිදු කරන මිනිසුන්ට අනාවාර්යෙන්ම දඩුවමක් දෙන්න ඕනා (නදී)
අනේ ඔවු. අනේ ඉතින් කාට මොනව කියන්නද? (ස)
හොඳ වැඩක් කරන්නේ , පාරේ යන වාහන වලින් වගේම පයින් යන අයත් ඔහේ තමන් අතේ තියෙන දේ පාරට දාල යනවා , පාරවල් කොච්චර ලස්සනට හැදුවත් වැඩක් නෑ අපේ මිනිස්සුන්ගේ හිත ලස්සන වෙන්නේ නැත්නම්.ජ (ස)
මේක ලංකාවේ උනානම් එම කාන්තාව දින දෙකෙන් පරලොව යවනවා අපේ කුණු විසි කරන අය(දී)