පිලිපීනයේ සෙබු නගර සත්ත්වෝද්‍යානය වෙත යන්නෙකුට ‘‘පිඹුරු‘‘ සම්භාහනයක් ලබා ගැනීමට අවස්ථාව ඇත.
සේවා සැපැයීමට ඉදිරිපත්ව සිටින්නේ මිශෙල්,වෝල්ටර්,ඊජේ සහ ඩැනියෙල් යන පිඹුරන් සිව්දෙනාය.
අත්හදා බැලීමට කැමති සංචාරකයෙකුවේ නම් ඔහු මුලින් බිම දිගා කරවන සත්ත්වෝද්‍යාන සේවකයෝ ඔහුගේ ඇග මත පිඹුරන් එකා පිට එකා තබති.
පිඹුරන් එහා මෙහා ඇදෙද්දී ඔවුන්ට යටව සිටින්නාගේ සිරුර ‘‘සම්භාහනය‘‘ වේ.
බොහේ සංචාරකයින් මෙම සම්භාහන විදිය අත්හදා බැලීමට කැමැති බව සදහන්ය.එය අත්හදා බැලූවවුන් පවසන්නේ සැබෑ සම්භාහනයක් මෙන් සුවයක් තමන්ට ලැබුණු බවයි.
ඒකෙසේ වුවත් පිඹුරන් දෙතුන් දෙනෙකු තම ඇග උඩ නළියනු දැකීම සිත තිගැස්මට පත්කරවන්නක් බව ඔවුහු කියති.
සම්භාහනයට ප්‍රථමයෙන් සේවකයින් පිඹුරන් හා හැසිරිය යුතු ආකාරය ගැන උපදෙස් රාශියක් සංචාරකයින් වෙත ලබා දේ.ක්ෂණික ඉරියව් වෙනස් කිරීම් වලින් වැළකී සිටීම,පිඹුරාගේ දේහය ඇල්ලීමට උත්සාහ නොකිරීම ආදී උපදෙස් ඒවාට ඇතුළත්ය.
හදිසියේවත් සේවාදායකයා ගිල දැමීමට පිඹුරු සම්භාහකයා පෙළඹවීම වැලැක්වීම සඳහා සම්භාහන වාරයකට පෙර එම සතුන්ට කුකුළන් 10 පමණ කන්නට දීම සේවකයින්ගේ සිරිතය.
එසේවුවත් මේ දක්වා පිඹුරන් සංචාරකයින්ට කිසිදු හානියක් සිදුකර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් කතාව සහතික එත්ත,පිලිපීන කෙල්ලෝ ගෑනු මිනිස්සු කියන්නේ දත් දොස්තරලා,හැබැයි මෙයාල හරි හොදියි (අ)
පිඹුරු සම්බාහනය විතරද තියෙන්නේ? (ස)
ඉල ඇට බිඳින්නේ නැතුව සම්බාහනය කළොත් හොඳයි. (නි)
මේ වගේ දේවල් නිසා අපේ මිනිස්සු අමාරුවේ වැයෙිද දන්නේ නැහැ.(නදී)
"පිඹුරන් එහා මෙහා ඇදෙද්දී ඔව්න් ට යට වී සිටින්නා ගේ සිරුර සම්භානය වේ ""(ස)
පිලිපින්නු , සරත්ගේ දත් කියක් ගලවල තියෙනවද.....? (නදී)
මොන ජරාවක්ද මේ දකිනකොටත් හිරිකිතෛ බැහැ (අ)
පිස්සු නැත්නම් ෂෝක් නේද අනේ (නදී)
පිස්සු නැත්නම් ෂෝක් නේද මෙයා (නදී)
වැඩි ඇතක නැහැ ඔය අහිංසක සතුන්ට කියල මරා ගන්ඩ උන්ට උන්ගේ පාඩුවේ ඉන්ඩ දෙන්නේ නැතුව (නදී)
හරියට කිචි ඇතිනේද. (නදී)
නියමයි! (නදී)
හොඳයි මේ සත්තු මේ විදියටම මිනිසුන්ට හිංසාවක් නොකරනවා නම්.(නදී)
අනේ මම නම් හරි ආසයි. අපේ රටේ ඕවා නැහැනේ.(නදී)
මේකව ඇඟට දන්නා කලින් අපි මැරිලා තියේවි මේ මොන අප්‍රසන්න දෙයක්ද.(අ)
නියම වැඩේ මමත් යන්න ඕනේ පිබුරු සම්බහනයට . හරිම ලස්සන සතුන් (දී)
ඇග කිලිපොලා යන දර්ශනයක්.....අම්මෝ ඔහොම සම්බාහන මොකටද? අර ගම කතාවක් තියෙන්නේ ...හැමදාම තම ගම බිරිදට පහර දීපු ගමරාල මියගියාට පස්සේ ගුටිනොකා ඉන්නකොට ඇගට දැනුන අමාරුව මකාගන්න වංගෙඩිය ලවා ඇග තලවා ගත්ත ගමබිරිදක් ගැන...අන්න ඒ වගේ කාටහරි කියල ගුටි ගස්සවා ගන්න එක ඔය පිබුරු මසාජ් (අ)
මොන ජරාවැඩක් ද මේ (අ)
අපෝ මොන හිරිකිත වැඩක්ද ? (ස)
ලෝකෙ ඉන්න හැමෝම කරන දේවල් අපිට වැඩක් නැහැ. මසාජ් ඕන නිකම් ඉන්න අයට. (ස)
පිලිපින්නු සල්ලි වලට ඕන දෙයක් කරලා දෙයි (අ)
මේක ටික දවසක් නැගල යයි, කවුරුහරි පිඹුරෙක් හිරකරලා මරනකල්. (ස)
පිස්සු මනස්ගාත වලට කැමති අය ලෝකේ කොහෙත් ඉන්නවා. මේවා මේ සරල සුන්දර ජීවිතේ ගලා යාමට පටහැනි දේවල්. මේක විශ්වයේ සුන්දර පැවැත්මටත් හානියක්. සාමාන්‍ය මනසේ නොගැලපීමක් තියෙන මිනිස්සු මේවා සංවිධානය කරනවා. මගේ රටට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි. (ස)
පිලිපීන ගැහැණු දත් ගලවන්න නම් හරි දක්ෂයි. අනෙක් හරිය නම් මම දන්නේ නැහැ. (නි)
ඇයි දෙවියනේ,කාටද ඔහොම බය නැතුව ඉන්න පුළුවන්? (නි)
පිලිපිනු කොහොමත් නයි ,පිබුරෝ සම්භානය කරන්න හරි දක්ෂයි. (ස)
බය හිතෙනවා (ස)
ඊයා මේ මොන ජරාවක් ද
ඒ රටේ පිඹුරව ගිලින මිනිසුන් ඉන්නේ .............. (ස)
කේලම් කියලා බැනුම් අහන වැඩක් , (ස)
පිඹුරට තියෙන සැප (අ)